සෝදිසියෙන් ඉන්න!
අමාරු කාලවලදීත් සතුට රැකගන්න රහස - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
හෙට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි මේ කාලේ අපේ ජීවිතවල වෙන දේවල් අපිටවත් පාලනය කරන්න බැහැ. හැබැයි හුඟක් වෙලාවට අපේ සතුට රැඳිලා තියෙන්නේ අපි මූණ දෙන දේවල් මත නෙවෙයි. ඒ වෙනුවට අපි ඒවා දිහා බලන විදිහ මතයි. බයිබලයේ කියනවා ප්රශ්නවලට මූණ දුන්නත් “සතුටු සිතින් ඉන්න කෙනාට හැම දවසක්ම උත්සව දවසක්” කියලා. (හිතෝපදේශ 15:15) එහෙමනම් අපේ සතුට වැඩි කරගන්න අපිට කරන්න පුළුවන් මොනවාද? ඒකට උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.
හිතේ කරදර ජය ගන්න
බයිබලයේ මෙහෙම කියනවා. “කනස්සල්ල නිසා කෙනෙක් මානසිකව වැටෙයි. ඒත් දිරිගන්වන වචනයකින් එයාගේ හිතට සතුටක් දැනෙයි.”—හිතෝපදේශ 12:25.
බයිබලයට පුළුවන් ඔයාට දැනෙන පීඩනය අඩු කරගන්න ඔයාට උදව් කරන්න. ඒ කොහොමද කියලා දැනගන්න “හිතේ කරදරෙන් ඉන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවද?” කියන ලිපිය කියවන්න.
තනිකම පරද්දන්න
බයිබලයේ මෙහෙම කියනවා. “අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා. එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.”—හිතෝපදේශ 17:17.
බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඔයාට උදව් වෙනවා හොඳ මිතුදම් ඇති කරගෙන තනිකම පරද්දන්න. ඒ ගැන දැනගන්න “තනිකම මිතුදමින් පරදන්න බයිබලයෙන් උදව්” කියන ලිපිය කියවන්න.
දෙවියන් ගැන, අනිත් අය ගැන ආදරයක් ඇති කරගන්න
බයිබලයේ මෙහෙම කියනවා. ‘ඔයාලාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.’a—මතෙව් 22:37-39.
දෙවියන් ගැනත් අනිත් අය ගැනත් තියෙන ආදරේ වැඩි කරගන්න යාච්ඤාව ඔයාට උදව් වෙනවා. ඒ ගැන තව විස්තර දැනගන්න “දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?” කියන ලිපිය කියවන්න.
රන් අණ පිළිපැද්දොත් අනිත් අයට ආදරෙයි කියලා අපිට පෙන්නන්න පුළුවන්. ඒ ගැන තව තොරතුරු “රන් අණ කියන්නේ මොකක්ද?” කියන ලිපියෙන් දැනගන්න පුළුවන්.
මේ අමාරු කාලේදීත් සතුටින් ඉන්න රහස හොයාගන්න බයිබලය ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඔයා කැමතිද? එහෙමනම් නොමිලේ පවත්වන බයිබල් සාකච්ඡාවක් අපිත් එක්ක කරන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. ගීතාවලිය 83:18.