ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
සිංහල ප්‍රකාශන (1993-2027)
ලොග් අවුට්
ලොග් ඉන්
ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සාදරයෙන් පිළිගනිමු.
මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් විවිධ භාෂාවලින් නිපදවා ඇති ප්‍රකාශනවලින් තොරතුරු පර්යේෂණය කරන්න සකස් කරන ලද වැඩසටහනක්.
ප්‍රකාශන ඩවුන්ලෝඩ් කිරීමට jw.org වෙත පිවිසෙන්න.
  • අද

ඔක්තෝබර් 16, සිකුරාදා

“ඒ ස්ත්‍රිය කරන කියන දේවලට හිත ඇදිලා යන්න දෙන්න එපා. එයා පස්සේ යන්නත් එපා.”—හිතෝ. 7:25.

ඒ වාර්තාවේ තියෙන දේ යෙහෝවාට නමස්කාර කරන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාට පස්සේ එයාට හිතෙයි “හැම දෙයක්ම හරි ඉක්මනින් වුණානේ,” “හිතපු නැති විදිහට ඒක වුණේ” කියලා. ඒත් වෙච්ච දේවල් ගැන කල්පනා කරද්දී එයාට තේරෙයි ඒ වරදට වැටෙන්න එයා ගත්ත මෝඩ තීරණ බලපාලා තියෙනවා කියලා. සමහරවිට එයා යෙහෝවාට ආදරේ නැති අයව යාළුවෝ කරගෙන ඇති. එයා විනෝදෙට කරපු දේවල්, එයා ගිය තැන්, බලපු වෙබ් සයිට් ක්‍රිස්තියානීන්ට සුදුසු නැති ඒවා වෙන්න ඇති. එයා යාච්ඤා කරන එක, බයිබලේ කියවන එක, රැස්වීම්, සේවේ යන එක නතර කරලා තියෙන්න ඇති. ඒවාවලින් තේරෙනවා හිතෝපදේශ පොතේ කතා කරපු තරුණයා වගේ මෙයාත් වරදකට වැටුණේ ‘හදිස්සියේ’ නෙවෙයි කියලා. මොකක්ද පාඩම? බරපතළ වරදක් කරන එකෙන් විතරක් නෙවෙයි ඒ වරදට පාර කපන දේවලිනුත් අපි සම්පූර්ණයෙන්ම වැළකෙන්න ඕනේ.—මතෙ. 5:29, 30. w24.07 16 10-11¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026

ඔක්තෝබර් 17, සෙනසුරාදා

“අපි මැටි බඳුන් වගේ වුණත් අපි ළඟ වටින වස්තුවක් තියෙනවා.”—2 කොරි. 4:7.

ඒ වස්තුව තමයි මිනිස්සුන්ගේ ජීවිත ගලවන දේශනා සේවය. (2 කොරි. 4:1) එතකොට මැටි භාජන? ඒ තමයි ශුභාරංචිය මිනිස්සු ගාවට ගෙනියන දෙවියන්ගේ සේවකයන්. පාවුල්ගේ කාලේ හිටපු වෙළෙන්දෝ කෑම, වයින්, සල්ලි වගේ වටින දේවල් තැනින් තැනට ගෙනිච්චේ මැටි භාජනවල. ඒ වගේ දෙවියන්ගේ වටිනා පණිවිඩේ මිනිස්සු ගාවට ගෙනියන්න ඔහු පාවිච්චි කරන්නේ අපිව. යෙහෝවාගේ උදව් තියෙන නිසා දිගටම ඒ පණිවිඩේ කියන්න අපිට පුළුවන්. සමහරවිට මිනිස්සුන්ට තියෙන බය නිසා ඔයාට සේවෙන් සතුටක් දැනෙන්නේ නැතුව ඇති. මුල් සියවසේදීත් ආගමික නායකයන් සේවේ නවත්තන්න කියලා යේසුස්ගේ නියෝජිතයන්ට අණ කළාම එයාලා බය වෙලා සේවේ නැවැත්තුවේ නැහැ. එයාලා යෙහෝවාට යාච්ඤා කරලා කිව්වා “කිසිම බියක් සැකක් නැතුව ඔබ පවසන දේවල් දිගටම කතා කරන්න හැකියාව ලබා දෙන්න” කියලා. ඔහු ඉක්මනටම එයාලාගේ යාච්ඤාවට උත්තර දුන්නා. (ක්‍රියා 4:18, 29, 31) ඔයාටත් සේවේ යන්න බයයි නම් මිනිස්සු ගැන තියෙන ආදරේ වැඩි කරගෙන බය අඩු කරගන්න උදව් කරන්න කියලා යෙහෝවාට කියන්න. w24.04 16 8-9¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026

ඔක්තෝබර් 18, ඉරිදා

“ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා!”—මතෙ. 6:9.

යෙහෝවාට තියෙන ආදරේ අපිව පොලඹවනවා ඔහුගේ නම ගෞරවයට පත් කරන්න. සාතන් පට්ටපල් බොරු ගොතලා යෙහෝවාගේ නම කැත කරලා තියෙනවා. අපිට ඕනෙ ඔහුගේ නමට ඇති වුණ ඒ කැළල අයින් කරන්න උදව් කරන්න. (උත්. 3:1-5; යෝබ් 2:4; යොහ. 8:44) පණිවිඩේ අහන්න කැමති හැමෝටම යෙහෝවා කවුද, ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපි කියන්නේ හරිම ආසාවෙන්. අපිට ඕනෙ ඔහු ආදරණීය කෙනෙක් කියලත් ඔහු පාලනය කරන්නේ ධර්මිෂ්ඨව, සාධාරණව කියලත් හැමෝටම කියන්න. ඒ වගේම ඔහුගේ රාජ්‍යයෙන් ඉස්සරහට මේ පොළොවේ හැම දුකක්ම, කරදරයක්ම නැති කරනවා කියලා අනිත් අයට කියන්න. (ගීතා. 37:10, 11, 29; 1 යොහ. 4:8) ඒ විදිහට අපි යෙහෝවා වෙනුවෙන් කතා කරද්දී අපි ඔහුගේ නම ගෞරවයට පත් කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමට ගැළපෙන විදිහට වැඩ කරන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ ගැන අපිට සතුටුයි. w24.05 18 12¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026
සාදරයෙන් පිළිගනිමු.
මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් විවිධ භාෂාවලින් නිපදවා ඇති ප්‍රකාශනවලින් තොරතුරු පර්යේෂණය කරන්න සකස් කරන ලද වැඩසටහනක්.
ප්‍රකාශන ඩවුන්ලෝඩ් කිරීමට jw.org වෙත පිවිසෙන්න.
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න