දෙවියන් බිහිරි අයට ආදරෙයි
අද ලෝකේ බිහිරි අය මිලියන 70ක් විතර ඉන්නවා. එයාලාගෙන් ගොඩක් අය පාවිච්චි කරන්නේ සංඥා භාෂාව. මේ වෙද්දී ලෝකේ පුරාම සංඥා භාෂා 200කට වඩා තියෙනවා. හැබැයි හුඟක් වෙලාවට මිනිස්සු බිහිරි අයව ගණන් ගන්නේ නැහැ. එයාලව පහත් කරනවා. උදාහරණ කීපයක් බලමු.
“අද බිහිරි සහ ශ්‍රවණාබාධ තියෙන අයගේ අයිතිවාසිකම් ගාණකටවත් ගන්නේ නැහැ. ඒක ලෝකේ පුරාම තියෙන ප්‍රශ්නයක්.”—ජාතික බිහිරි සංගමය (ඇ.එ.ජ.).
“සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ඉන්න දුප්පත්ම අය අතරේ බිහිරි අයත් ඉන්නවා. සංඥා භාෂාවෙන් අධ්‍යාපනයක් ලබන්න, එයාලට ඕනෙ කරන තොරතුරු ලබාගන්න එයාලට හරිම අමාරුයි. එයාලට හරියන රස්සාවක් හොයාගන්නත් ලේසි නැහැ.”—ලෝක බිහිරි සංගමය.
දෙවියන් බිහිරි අය දිහා බලන්නේ කොහොමද? බිහිරි අය ගැන බයිබලේ කියන්නේ මොනවාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලට උදව් කරන්නේ කොහොමද?
බිහිරි අය ගැන යෙහෝවා හිතන විදිහ
බයිබලේ කියලා තියෙන දේවලින් තේරෙනවා යෙහෝවාa දෙවියන් බිහිරි අයට ගොඩක් ආදරෙයි කියලා. අනිත් අයත් එයාලව පහත් කරන්නේ නැතුව එයාලට ආදරෙන් සලකනවා දකින්නයි ඔහු කැමති. ඒ වගේම ඔහුට ඕනෙ එයාලත් ඔහු කියලා දෙන දේවල් ඉගෙනගෙන ප්‍රයෝජන ලබාගන්නවාට.
බයිබල් පදය: “ඔබ බිහිරි කෙනෙකුට ශාප නොකළ යුතුයි.”—ලෙවී කතාව 19:14.
තේරුම: යෙහෝවා අතීතයේදී ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතිය නිසා බිහිරි අයට ආරක්ෂාවක් ලැබුණා.
බයිබල් පදය: “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා.”—ක්‍රියා 10:34.
තේරුම: ඕනෙම ජාතියකට අයිති, ඕනෙම පසුබිමක ඉන්න, ඕනෙම භාෂාවක් කතා කරන අයට යෙහෝවා ආදරෙයි. බිහිරි අයටත් ඔහු ආදරෙයි.
බයිබල් පදය: ‘යේසුස් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් සියලු නුවරවලත් ගම්වලත් සංචාරය කළා.’—මතෙව් 9:35.
තේරුම: යේසුස් මේ ලෝකෙට ආවේ දේවරාජ්‍යය ගැනත් ඒකෙන් බිහිරි අයට වගේම මිනිස්සු හැමෝටම ලැබෙන ආශීර්වාද ගැනත් කියලා දෙන්නයි.—මතෙව් 6:10.
බයිබල් පදය: යේසුස් පොළොවේදී ‘බිහිරි අයට ඇහෙන්නත් ගොළු අයට කතා කරන්නත් සැලැස්සුවා.’—මාක් 7:37.
තේරුම: දේවරාජ්‍යය පාලනය කරන කාලේදී බිහිරි සහ කතා කරන්න බැරි අය වෙනුවෙන් කරන්න යන්නේ මොනවාද කියලා යේසුස් පෙන්නුවා. එක අවස්ථාවක යේසුස් බිහිරි සහ කතා කරන්න බැරි කෙනෙක්ව සුව කළා. හැබැයි ඊට කලින් යේසුස් එයාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙලා කරන්න යන්නේ මොනවාද කියලා එයාට අතින් සංඥා කරලා පෙන්නුවා.—මාක් 7:31-35.
බයිබල් පදය: “බිහිරි අයගේ කන් ඇරෙන්නේය.”—යෙසායා 35:5.
තේරුම: ඉස්සරහට බිහිරි අයට ඇහෙනවා කියලා යෙහෝවා කලින්ම කිව්වා.—යෙසායා 29:18.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බිහිරි අයට උදව් කරන විදිහ
දෙවියන් ඉස්සරහට මිනිස්සු වෙනුවෙන් කරන්න පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකේ පුරාම ඉන්න බිහිරි අයට කියලා දෙනවා. එයාලා ඒක කරන්නේ කොහොමද? එයාලා සංඥා භාෂා 100කට වැඩි ගාණකින් බයිබලය සහ බයිබලය ගැන කියලා දෙන වීඩියෝ හදලා තියෙනවා. එයාලා බිහිරි අයව හම්බ වෙලා බයිබලේ ගැන එයාලට කියලා දෙනවා. සංඥා භාෂාවෙන් රැස්වීම් තියනවා. එයාලා ඒ කිසිම දේකට සල්ලි ගන්නේ නැහැ. දෙවියන්ගේ උදව් ලබාගන්න කැමති ඕනෙම කෙනෙක්ට ඒ දේවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද යේසුස් කිව්වා ‘ඔබට නොමිලේ ලැබුණ නිසා නොමිලේම දෙන්න’ කියලා.—මතෙව් 10:8.
ඔයාට ඒ තොරතුරු ඔන්ලයින් බලන්න, ඔයාගේ ෆෝන් එකට හරි ටැබ් එකට හරි ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ නම් මේ තැන්වලට ගිහින් ඒක කරන්න පුළුවන්.
JW.ORG වෙබ් අඩවියට ගිහින් ඒකේ උඩින්ම තියෙන භාෂාව පෙන්වන අයිකන් එක ක්ලික් කරලා ඔයා කැමති සංඥා භාෂාව තෝරගන්න.
’JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ කියන ඇප් එක ඔයාගේ ෆෝන් එකට හරි ටැබ් එකට හරි ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට සල්ලි කැපෙන්නේ නැහැ. ඊටපස්සේ ඔයාට පුළුවන් ඒකෙන් සංඥා භාෂාවෙන් තියෙන වීඩියෝ ස්ට්‍රීමිං හරහා හරි ඩවුන්ලෝඩ් කරලා හරි බලන්න.
ඔයාට බයිබලේ ගැන ඉගෙනගන්න පුළුවන් විදි
සංඥා භාෂාවට පරිවර්තනය කරපු බයිබලය. ඇමරිකානු සංඥා භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ හදලා තියෙනවා. මුළු බයිබලේම සංඥා භාෂාවට පරිවර්තනය කරපු මුල්ම අවස්ථාව ඒකයි. ‘නව ලොව පරිවර්තනය’ දැන් සම්පූර්ණයෙන්ම හරි කොටස් විදිහට හරි හුඟක් සංඥා භාෂාවලට පරිවර්තනය කරලා තියෙනවා. හැම අවුරුද්දකම ඒක තවත් භාෂාවලට පරිවර්තනය කරනවා. (සංඥා භාෂා ලැයිස්තුව බලන්න හරි බයිබලේ ඔන්ලයින් බලන්න හරි කැමති නම් “සංඥා භාෂාවට පරිවර්තනය කරපු ‘නව ලොව පරිවර්තනය’” කියන කොටුව බලන්න.)
සංඥා භාෂාවෙන් බයිබලේ පරිවර්තනය කරන්න වෙන මහන්සිය ගැන දැනගන්න ‘ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය ඇමරිකානු සංඥා භාෂාවෙන්’ කියන වීඩියෝ එක බලන්න.
තවත් හොඳින් තේරුම්ගන්න පුළුවන් විදිහට බයිබලේ කියවන්න ඔයා කැමති නම් ’JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඇප් එකට ගියාම ඔයා කැමති සංඥා භාෂාවකින් ඔයාට ඕනෙ කරන බයිබල් පද බලන්න පුළුවන්.
දිමිත්‍රි සහ වීටා කියන්නේ බිහිරි යුවළක්. ඒත් එයාලාගේ දරුවන් බිහිරි නැහැ. එයාලා හැම දවසකම පවුලක් විදිහට එකතු වෙලා සංඥා භාෂාවෙන් බයිබලේ බලනවා. එයාලා ඒකෙන් ලබන ප්‍රයෝජන ගැන දැනගන්න.
බයිබලේ තියෙන දේවල් කියලා දෙන වීඩියෝ. බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්නත් ඒවා අදාළ කරගන්නත් උදව් වෙන වීඩියෝ සංඥා භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. උදාහරණෙකට,
බයිබල් සාකච්ඡාවන්. සංඥා භාෂාව දන්න කෙනෙක් එක්ක ඕනෙ තරම් කාලයක් අරන් බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න ඔයාට පුළුවන්. ඒකට සල්ලි ගන්නේ නැහැ. ඒ වගේ බයිබල් සාකච්ඡාවක් කරන විදිහ දැනගන්න කැමති නම් අපිට ඒ ගැන දන්වන්න.
ජේසන් සෙනජොනන් ඉන්නේ පිලිපීනයේ. දෙවියන්ට ළං වෙන්න එයාට බයිබල් සාකච්ඡාවන් උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.
හොන්ඩ්‍යූරාස්වල ඉන්න මාරියෝ ඇන්ටූනස් පල්ලියක පාස්ටර් කෙනෙක් වෙලා හිටියා. “උත්තර නැති ප්‍රශ්න ගොඩක් මට තිබුණා” කියන එයාගේ ජීවිත කතාවේ බයිබලේ ගැන එයාට තිබුණු හුඟක් ප්‍රශ්නවලට උත්තර ලැබුණු විදිහ ගැන එයා විස්තර කරනවා.
රැස්වීම් සහ සමුළු. ලෝකේ පුරාම සංඥා භාෂාවට රැස්වීම් පරිවර්තනය කරන සභාවල් සහ කණ්ඩායම් තියෙනවා. හැම සතියකම බිහිරි අය ඒ රැස්වීම්වලට ඇවිත් බයිබලේ ගැන ඉගෙනගන්නවා. දෙවියන්ට නමස්කාර කරනවා. හැම අවුරුද්දකම සංඥා භාෂාවෙන් සමුළුත් තියෙනවා. අපේ රැස්වීම්වල සහ සමුළුවල ඇහෙන්නේ නැති වගේම පේන්නෙත් නැති අය වෙනුවෙන් අතින් අල්ලලා කරන සංඥා භාෂාවෙනුත් බයිබලේ තොරතුරු කියලා දෙනවා. ඒ වගේම බ්‍රේල්වලින් තියෙන පොත් පත් ඒ අයට නොමිලේ ලබාගන්න පුළුවන්.
ඔයාට කිට්ටුවෙන්ම රැස්වීම් තියෙන තැනක් හොයාගන්න.
හැම අවුරුද්දකම තියෙන සමුළු ගැන දැනගන්න.
අවුරුද්දේ අපිට වැදගත්ම අවස්ථාව වන යේසුස්ගේ මරණය සිහි කිරීමට ඔයාත් එන්න.
මෙක්සිකෝවේ ඉන්න හෝසේ ලුයිස් අයාලා උපතින්ම බිහිරි කෙනෙක්. පස්සේ කාලෙක එයාගේ පෙනීමත් නැති වුණා. අනිත් අයට දක්ෂ විදිහට බයිබලේ ගැන කියලා දෙන්න එයාට උදව් කළේ කොහොමද කියලා දැනගන්න.
a දෙවියන්ගේ නම යෙහෝවා. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද” කියන ලිපිය බලන්න.