“ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” දිස්ත්‍රික් සමුළුවට පැමිණෙන්න
“ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” 1995 දිස්ත්‍රික් සමුළු සඳහා තෝරාගනු ලැබ ඇත්තේ මොනතරම් කදිම තේමාවක්ද! යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වනාහි සැබවින්ම මෙබඳුවූවෝ වෙත්. කවුරුන්ව ප්‍රශංසාකරන්නෝද? ඇත්තවශයෙන්ම යෙහෝවඃ දෙවියන්වහන්සේවය!
යෙහෝවඃවහන්සේ, බොහෝ ආකාරයන්ගෙන්, අසමසමවනසේක, අතුල්‍යය, අනුපමේයය, අසහායවනසේක, උන්වහන්සේ වනාහි සර්වබලධාරීය, සර්වඥය, යුක්තියෙන් පරිපූර්ණය, එමෙන්ම ප්‍රේමයේ පුද්ගලාරෝපණයය. අනික් සියල්ලන්ට වඩා, උන්වහන්සේ වනාහි අපේ නමස්කාරය සහ ප්‍රශංසාව ලැබීමට වටිනසේක.
ස්ථිර වශයෙන්ම උන්වහන්සේට ප්‍රීතියෙන් යුත් ප්රශංසාකරන්නන් වීමට අපට වුවමනාය. අපට උපකාර කිරීම සඳහා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය, 1995 ග්‍රීෂ්ම ඍතුවේ පටන්, දින තුනක කදිම සමුළු වැඩසටහනක් පිළියෙළ කර ඇත. මෙම දවස් තුනම සහතිකවම ප්‍රීතිමත් දින තුනක් වනු ඇති අතර, සිකුරාදා උදෑසන ආරම්භක ගීතිකාවේ සිට ඉරිදා පස්වරුවේ අවසාන ගීතිකාව සහ යාච්ඤාව තෙක්, පැමිණ සිටීම සඳහා තම උපරිමය කිරීමට, යෙහෝවඃවහන්සේගේ සෑම සාක්ෂිකරුවෙකුටම වුවමනා වනු ඇත.
1995 දිස්ත්‍රික් සමුළු
අගෝස්තු 4-6 ඉංග්‍රීසි
ජා-ඇල, ඒකල එක්රැස්වීම් ශාලාවේදී
අගෝස්තු 11-13 සිංහල
ජා-ඇල, ඒකල එක්රැස්වීම් ශාලාවේදී
අගෝස්තු 18-20 දෙමළ
ජා-ඇල, ඒකල එක්රැස්වීම් ශාලාවේදී
අගෝස්තු 25-27 සිංහල
ජා-ඇල, ඒකල එක්රැස්වීම් ශාලාවේදී
අගෝස්තු 11-13 දෙමළ
චාවකච්චේරියේදී
අගෝස්තු 18-20 දෙමළ
යාපනයේදී