“දේව භය” දිස්ත්‍රික් සමුළුවට පැමිණෙන්න
ඉපැරණි කාලවල විසූ යෙහෝවඃවහන්සේගේ සේවකයන්හට, මෝසේස්ගේ ව්‍යවස්ථාව පරිදි, සෑම වසරකම එක්තරා මංගල්‍ය තුනකට සහභාගි වීමේ අවශ්‍යතාවයක් තිබිණි. මේවා සන්තෝෂවත් සහ ආත්මික වශයෙන් ගොඩංනවනසුලු උත්සව විය.—ද්විතීය කථාව 16:16.
නවීන කාලවල යෙහෝවඃවහන්සේගේ සේවකයෝද ඒ හා සමානව සෑම වසරකම තුන් වතාවක් එකට රැස්වෙති: ඒ විශේෂ එක්රැස්වීම් දිනය සඳහා, දෙදින චාරිකා එක්රැස්වීම සඳහා සහ දින තුනේ හෝ හතරේ දිස්ත්‍රික් සමුළුව සඳහාය. මෙම 1994 සේවා වර්ෂයේදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ “දේව භය” දිස්ත්‍රික් සමුළු සඳහා එකට රැස්වෙනවා ඇත.
දේව භයෙහි වැදගත්කම පිළිබඳව දේව වචනය කිසිඳු සැකයකට ඉඩ නොතබයි. එවැනි ආකාර භය වතාවන් 200ක් පමණ එහි සඳහන් වී තිබේ. දේව භය ආරක්ෂාවකි, එය හිතෝපදේශ 16:6හි දැකිය හැකිය: “ස්වාමීන්වහන්සේ [ යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ [ඇතමෙක්, NW] නපුරෙන් දුරුවෙති.” ඇයි, ගීතාවලිය 111:10හි අපට පවසා ඇත්තේ, දේව භය ඇත්තෙන්ම ප්‍රඥාවේ පටන් ගැන්ම බවයි.
දේව භයට පැති දෙකක් තිබෙන බව පැවසිය හැකිය. එක් පැත්තක් නම්, එවැනි භයක් පොලඹවනු ලබන්නේ ප්‍රේමය මගින්ය. අපි දෙවියන්වහන්සේව අසතුටු කිරීමට භය වෙමු, මන්දයත් දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇති මහත් ප්‍රේමය නිසාය. (හිතෝපදේශ 27:11) එමෙන්ම, පුරුද්දක් වශයෙන් වැරදි කරන සියල්ලන් සඳහා දෙවියන්වහන්සේ “විනාශකරන ගින්නක්ද” වන බව අප දන්නා බැවින්, අපගේ පැත්තෙන් ප්‍රඥාව දැක්වීම අප තුළ දේව භය පැළපදියම් කිරීමට අපට උපකාරවත් වෙයි.—හෙබ්‍රෙව් 12:29.
දේව භය තුළ වර්ධනය වීම සඳහා බොහෝ උපදෙස් හා දිරිගැන්වීම්, “දේව භය” දිස්ත්‍රික් සමුළුවේදී අප ලබා ගන්නවා ඇත. එවන් ඉගැන්වීම්, කථා, නිරූපන සහ නාට්‍යයක් මෙන්ම, ඉදිරිපත් කරනු ලබන අද්දැකීම්වලින්ද අප වෙත සැපයෙනු ඇත.
එක්රැස්වීම්වලට පැමිණෙන විට හිස් අතින් නොපැමිණෙන මෙන් ඉපැරණි ඊශ්‍රායෙල්වරුන්ට අණකරනු ලැබුවාක් මෙන්ම, අපගේ සමුළුවල ප්‍රීතිය හා සාර්ථකත්වය සඳහා අපගේ පැත්තෙන් දායක වීමට අපට වුවමනා විය යුතුය. (ද්විතීය කථාව 16:17) යෙහෝවඃවහන්සේගේ මේසය සඳහා ගෞරවය විදහා පෑමෙන් අපට මෙය කළ හැකිය. කෙසේද? නියමිත වේලාවට පැමිණීමෙනි, වේදිකාවෙන් පැවසෙන දේට තියුණු අවධානයක් යොමු කිරීමෙනි, ගීතිකා ගායනයේදී මුළු හදින් ඊට එක් වීමෙනි. වැඩසටහන පැවැත්වෙන අතරතුරේදී, කථා බහේ යෙදීමට හෝ එහා මෙහා ඇවිදීමට අපට වුවමනා නොවනු ඇත. අපට හැකි ප්‍රමාණයෙන් ස්වේච්ඡා සේවයෙහි නියැලීමෙන් දායක වීමටද අපට වුවමනා වනු ඇත. සමුළු සංවිධාන කටයුතුවලට බොහෝ අංශ අයත් වන අතර, මේ සියල්ලේම සේවය කිරීම සඳහා පුද්ගලයන් අවශ්‍ය වෙයි. අපට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කර ඇති තරමට අනුව මූල්‍යමය වශයෙන් සම්මාදම් කිරීමටද අපට වුවමනා වනු ඇත.
සිකුරාදා උදෑසන ආරම්භක ගීතිකාවේ සිට ඉරිදා සවස් වරුවේ අවසාන යාච්ඤාව දක්වා, “දේව භය” දිස්ත්‍රික් සමුළුවේ දින තුනටම පැමිණීමට, යෙහෝවඃවහන්සේගේ සෑම සේවකයෙක්ම දැන් සිටම සැලසුම් කරාවා.