ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 8/8 9-11 පි.
  • හොඳම කාලවල්—නුදුරෙහි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳම කාලවල්—නුදුරෙහි!
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යය යටතේ ආශීර්වාද
  • ඔබ කළ යුතු දේ
  • දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාගතය මොන වගේද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වඩාත් හොඳ ජීවිතයක් පොරොන්දු වී ඇත
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන කල
    1998 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 8/8 9-11 පි.

හොඳම කාලවල්—නුදුරෙහි!

බයිබලයට අනුව, දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වූයේ, ලෝක-ව්‍යාප්ත පාරාදීසයක මිනිස්සංහතිය සදහටම ජීවත් වනවා දැකීමය. (උත්පත්ති 1:28; 2:8, 9) නිසැකවම, අපි දෙවියන්වහන්සේගේ මුල් අරමුණෙන් ඉතා ඈතට හැරී සිටින්නෙමු. කුමක් සිදුවීද?

මුල් මිනිස් යුවළ දෙවියන්වහන්සේට අකීකරු වීමේ හේතුවෙන්, ඔවුන්ටත්, ඔවුන්ගේ ජනිතයන්ටත් අසම්පූර්ණත්වය හිමි විය. (උත්පත්ති 2:16, 17; 3:6, 7, 17-19; රෝම 6:23) බයිබලය මෙසේ පැහැදිලි කරයි: “එක් මිනිසෙකු කරණකොටගෙන ලෝකයට පාපය පැමුණුණේය, තවද ඔහුගේ පාපයත් සමඟ මරණය පැමිණියේය. ප්‍රතිඵලයක් වශයෙන්, සියලු මනුෂ්‍යයන් පව් කර ඇති බැවින්, මුළු මිනිස්සංහතියටම මරණය පැතිර ඇත.”—රෝම 5:12, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.

මෙම තත්වය තිබුණත් දෙවියන්වහන්සේගේ අරමුණ වෙනස් නොවී පවතියි. “මාගේ වචන පොළොව තෙමීමට අහසින් වැටෙන හිම හා වසින වැස්ස මෙනි. ඒවා පොළොවේ ඵල භෝග වැඩෙන්ට සලස්වා, පැළ නැංවීමට බීජද, කෑමට ආහාරද සපයයි. මා මුවින් නික්මෙන වචනද එලෙසමය . . . මා කරන්ට නියම කර එවන සියල්ල ඉටු කරයි.” (යෙසායා 55:10, 11, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.) අප වෙනුවෙන් දෙවියන්වහන්සේ කිරීමට පොරොන්දු වන්නේ කුමක්ද?

දේවරාජ්‍යය යටතේ ආශීර්වාද

සදාකාල ජීවනය

“ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය. එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.

“මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

සුරක්ෂිතභාවය

“මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.”—ගීතාවලිය 37:10.

සෑහීම ගෙන දෙන වැඩ

“ජනයා ගෙවල් ගොඩනගාගන එහි වාසය කරන්නෝය—වෙන කෙනෙකු එහි වාසය නොකරනු ඇත. ඔවුහු මිදිවතු වවා, මුද්‍රිකපානය භුක්තිවිඳින්නෝය—වෙනත් අය එය නොබොනු ඇත. වෘක්ෂ මෙන්, මාගේ සෙනඟ දිගු කල් ජීවත් වන්නෝය. ඔවුන් ඉටු කළ දෙයින් ඔවුහු සම්පූර්ණ ප්‍රීතිය භුක්තිවිඳින්නෝය.”—යෙසායා 65:21, 22, TEV.

සෞඛ්‍යය

“තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසයකරන සෙනගගේ අයුතුකම කමාකරනු ලබන්නේය.”—යෙසායා 33:24.

දුබලතා නොතිබේ

“අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.”—යෙසායා 35:5, 6.

ආහාර බහුලව

“පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය.”—ගීතාවලිය 72:16.

සාමය

“එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන් [පුදුමාකාර සිදුවීම්, NW ], බලව්. උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක.”—ගීතාවලිය 46:8, 9.

ඔබ කළ යුතු දේ

දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇති මෙම ආශීර්වාද භුක්තිවිඳීමට ඔබ කළ යුත්තේ කුමක්ද? යොහන් 17:3හි බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය [දැනුම ලබාගැනීමය].” එසේය, දෙවියන්වහන්සේ ගැන—උන්වහන්සේගේ නම, උන්වහන්සේගේ අරමුණ සහ උන්වහන්සේගේ නීති ගැන—ඉගෙනීමෙන් අපි යම් මඟ පෙන්වීමක් ලබාගන්නෙමු. තවදුරටත්, යේසුස්වහන්සේ ගැන—පොළොව මත උන්වහන්සේගේ ජීවිතය, අපේ පව් උදෙසා උන්වහන්සේගේ මිදීමේ මිල පූජාව, දේවරාජ්‍යයේ පාලකයා වශයෙන් උන්වහන්සේගේ තත්වය ගැන—ඉගෙනීම මගින් දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුවන බවට අපට නිසැකකම ලබාගත හැක.

හරියට නුහුරු ප්‍රදේශයක සිටින සංචාරකයෙකු මෙන්, දෙවියන්වහන්සේ දුෂ්ටකමට ඉඩ දීමෙන්, මිනිසාට තමාගේ පියවර මැනීමට නොහැකි බව කිසිම සැකයක් නැතුව පැහැදිලි කිරීමට දායක වී තිබේ. (යෙරෙමියා 10:23) ඇත්තෙන්ම, ඒකාධිපති ආණ්ඩුක්‍රමයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම දක්වා ආණ්ඩු ක්‍රම රාශියක් මගින් මිනිසා සිතාගත හැකි සෑම මඟක්ම අත්හදාබලා තිබේ. එහෙත්, හැම අතින්ම ඔහුගේ සාර්ථකත්වය සීමා වී තිබේ.

මිලියන සංඛ්‍යාතදෙනෙකු විසින් “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” යනුවෙන් කරන යාච්ඤාවට, දේවරාජ්‍යය මගින් පිළිතුරු දෙනු ලැබීම ගැන අපට කෙතරම් සතුටු විය හැකිද! (මතෙව් 6:10) සියලුම මිනිස් ආණ්ඩුක්‍රම වෙනුවට වැඩි කල් නොගොස් දේවපාලනය පැමිණෙන විට දේවරාජ්‍යයේ ආශීර්වාද පොළොව මත භුක්තිවිඳීමට ලැබෙනු ඇත. බයිබලය මෙසේ පොරොන්දු වෙයි: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” —දානියෙල් 2:44, 45.

එය මොනතරම් උතුම් කාලයක් වනු ඇද්ද! ඇත්තෙන්ම අප තුළ තිබෙන බලාපොරොත්තුව කාවැද්දීමට, බයිබලය ගැන දැනගැන්මට හැක. එසේය, මේවා කරදර කාලවල්ය—තවද වඩ වඩා දරුණු වෙමින් පවතී. එහෙත් එයින් ඔප්පු කරන්නේ, අප මෙම දුෂ්ට දේවල පිළිවෙළේ අන්තිම දවස්වල ජීවත් වන බව පමණි. ළඟදීම දේවරාජ්‍යයේ හොඳම කාලවල් මගින් මෙම දරුණුම කාලවල් ඉවත් කරනු ලබන්නේය! g95 4/22

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න