අප ජීවත් වන්නේ අන්තිම දවස්වලද?
“කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” යන වාක්‍ය ඛණ්ඩය පරිවර්තනය කර තිබෙන්නේ කයි·රොයිʹ ඛා·ලෙ·පොයිʹ යන ග්‍රීක් වාක්‍ය ඛණ්ඩයෙනි. (2 තිමෝති 3:1, NW) ඛා·ලෙ·පොයිʹ නමැති වචනය පදගතාර්ථයෙන් “භීෂණය” අදහස් කරන වචනයක බහුවචනය වන අතර, එය භයානක හා අනතුරුදායක යන අදහස ඉදිරිපත් කරයි. මෙම වචනය “අතිවිශාල නපුරු ප්‍රහාරයකට” යොමු දක්වන බවට එක් බයිබල් ටීකාකරුවෙක් පවසයි. මෙබැවින්, පෙර යුගයන් ආරවුල් අද්දුටුවා වුවත්, “අන්තිම දවස්” අසාමාන්‍ය දරුණු තත්වයක පවතිනු ඇත. දෙවන තිමෝති 3:13 ඒ ගැන පවසන පරිදි, “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් . . . වඩ වඩා නරක්වන්නෝය.”
මෙය අපේ දවස් විස්තර කරයිද? අප ජීවත් වන්නේ අන්තිම දවස්වල බවට 2 තිමෝති 3:2-5 අඟවනවාදැයි බැලීමට, අපි එහි වාර්තා කර ඇති සමහර විශේෂිත සාක්ෂි විග්රහ කර බලමු.
“මනුෂ්‍යයෝ . . . මුදලට ප්‍රේමකරන්නෝව.”—2 තිමෝති 3:2.
වංචාව “ආර්ථික අපරාධයේ මංගල්‍යයක්” බවට පත්වී ඇති බව යු.එස්.න්යූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් පවසයි. එක්සත් ජනපදයෙහි, සෞඛ්‍ය සේවා වංචාව පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 50 සහ ඩොලර් බිලියන 80 අතර සංඛ්‍යාවක්ව පවතියි. එවැනි වංකභාවය පොදු යමක් වීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. ආචාරධර්ම සම්පත් රැකීමේ මධ්‍යස්ථානයෙහි සභාපති ගැරි එඩ්වර්ඩ්ස් නිරීක්ෂණය කරන ආකාරයට, අපට තිබෙන්නේ “ඇතැම්විට වංකභාවයට ප්‍රශංසා කරන සංස්කෘතියකි.” ඔහු මෙසේ පැහැදිලි කරයි: “පවතින ක්‍රමයෙන් කොල්ල කා දඬුවමින් බේරෙන දුර්ජනයන්ව, දේශපාලනඥයන්ව, ව්‍යාපාරිකයන්ව අපි වීරයන් කරන්නෙමු.”
“අහංකාර.”—2 තිමෝති 3:2, [නව අනුවාදය].
අහංකාර පුද්ගලයා අන්‍යයන් දෙස බලන්නේ අවඥාසහගත ලෙසින්ය. අදදින වාර්ගික හා ජාතිවාදී අගතිය තුළ මෙය කෙතරම් පැහැදිලිද! “සියලු සුළු ජාතීන් ඉලක්ක බවට පත්වේ,” යයි කැනඩාවේ ටොරොන්ටෝහි ද ග්ලෝබ් ඇන්ඩ් මේල් පවසයි. “ජර්මනියේ ජාතික ප්රචණ්ඩත්වය වැඩිවෙමින් පවතී, එක්සත් ජනපදයේ කූ ක්ලක්ස් ක්ලෑන් රහස් සංවිධානය ක්‍රියාත්මකව පවතින අතර, ටොරොන්ටෝහි පදිකවේදිකා සහ සිනගෝග ස්වස්තිකාවලින් අවලක්ෂණ කර තිබේ.” කැනේඩියානු යුදෙව් කොන්ග්‍රසයේ සභාපති අර්විං ඇබෙල මෙසේ පවසයි: “ස්විඩනයේ, ඉතාලියේ, ඕලන්දයේ සහ බෙල්ජියමේ මෙන්ම ජර්මනියේ යන සෑම තැනකම අප එය දැක තිබෙනවා.”
“මවුපියන්ට අකීකරුවන්නෝව.”—2 තිමෝති 3:2.
“දෙවන ලෝක යුද්ධයෙන් පසු දරු උපත්වල සැලකිය යුතු වැඩිවීම මගින් බිහිවූ පරම්පරාව, දොඩමලු, විරුද්ධව සිටින, ගෞරවය නොදක්වන ළමයින්ගෙන් යුතු පරම්පරාවක් ඇති දැඩි කර තිබෙනවා” යයි ද ටොරොන්ටෝ ස්ටාර් සඳහන් කරයි. නිවසෙන් පටන්ගන්නා කැරලිකාරකම පාසැලේදීත් දක්නට ලැබේ. එක් ගුරුවරියක් නිරීක්ෂණය කරන්නේ, වයස අවුරුදු හතර වැනි බාල වියේ දරුවන් ගරු සරු නැතුව කතා කරන බවය. “ගුරුවරුන් උගන්වනවාට වඩා වැඩි කාලයක් හැසිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගත කරනවා” යයි ඈ පවසයි. සැබවින්ම, සියලුම යෞවනයෝ කැරලිකාර නොවෙති. කෙසේවුවද, පළපුරුදු උසස්-පාසැල් ගුරුවරයෙකු වන බෲස් මග්රෙගර් සඳහන් කරන්නේ, “ඔවුන් තුළ කිසිම දෙයකට ගෞරවයක් නොදක්වන නැඹුරුවාවක් ඇති බව පෙනෙන්ට තිබෙන” බවය.
“ජන්ම ස්නේහය නැත්තෝව.”—2 තිමෝති 3:3.
අන්තිම දවස්වලදී වෙන කොතැනකටත් වඩා ජන්ම ස්නේහය තිබිය යුතුව ඇති පවුල තුළ සැලකිය යුතු පිරිහීමක් දක්නට තිබේ. රථවාහන අනතුරු, ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑම් එකතුව සිදුවන අනතුරුවලට වඩා වැඩි අනතුරු සිදු කරන නිවාස තුළ සැහැසියාව වනාහි තුවාල සහ මරණයේ ප්‍රධාන හේතුකාරකය වේ” යයි ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. ළමා දූෂණයෙන් වැඩි හරියක් සිදු කර ඇත්තේ විශ්වාසවන්ත පවුල් සාමාජිකයන් විසින්ය. අධික දික්කසාද සංඛ්‍යාව, වයෝවෘද්ධයන්ට හිංසා පීඩා කිරීම සහ ගබ්සාව, බොහෝදෙනෙකු “සාමාන්‍ය මනුෂ්‍යය ස්නේහයන් . . . මුළුමනින්ම හිඟව” සිටින බවටද සාක්ෂි දෙයි.—ෆිලිප්ස්.
“කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව.”—2 තිමෝති 3:3.
“යෞවන ඝාතකයන්ට යමෙකුව මැරීමේ චේතනාවම තිබෙන්ට අවශ්‍ය නැත. ළමයි විශාල සංඛ්‍යාවක් ‘කිසි විශේෂ හේතුවක් නැතුව’ වෙනත් මිනිසෙකු ජීවිතාක්ෂයට පත් කිරීමේ සංකල්පය උද්යෝගයෙන් වැළඳගෙන සිටිති,” යයි පුවත්පත්වලට තොරතුරු සපයන්නෙකු වූ බොබ් හර්බර්ට් ලියයි. ඇතැම් දෙමව්පියන්ට පවා සදාචාර හැඟීම් පිළිබඳ සංවේදිතාවක් නොමැති බවක් පෙනෙන්ට තිබේ. හැකි තරම් ගැහැනු ළමුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන් තරඟකාරි ලෙස ලකුණු එකතු කරගැනීම සම්බන්ධයෙන්, නහඹර පිරිමි ළමුන් කණ්ඩායමකට චෝදනා කළ විට, එක් පියෙක් මෙසේ පැවසුවේය: “මගේ කොල්ලා කළේ සාමාන්‍යයෙන් ක්‍රියාශීලී අමෙරිකානු කොල්ලෙක් ඔහුගේ වයසට නොකරන දෙයක් නොවේ.”
“දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව.”—2 තිමෝති 3:4.
එක් සංඛ්‍යා ලේඛනයකට අනුව, නහඹරයෝ ආගමික කණ්ඩායමක් සමඟ ගත කළ සෑම පැයකටම ඉලෙක්ට්‍රොනික මාධ්‍යය සමඟ පැය 15ක් ගත කරති. “අදදින නහඹර ජීවිතය පාලනය කරන්නේ, සුපිරි වෙළඳ සැල්වල සහ පාසැල් ප්‍රවේශ ශාලාවල සඵල වෙමින් පවතින, ජනසන්නිවේදන ආයතන මගින් බලවත් ලෙස බලපෑම් ලැබ තිබෙන සංස්කෘතියයි. ඉන්පසුව පැමිණෙන්නේ පවුලේ බලපෑමය. පල්ලියේ බලපෑම [තිබෙන්නේ] මෙම ලැයිස්තුවේ අවසානයේදී” බවට ඇල්ටූනා මිරර් වාර්තා කරයි. එමෙන්ම “දෙමව්පියන් නිතර නිවසේ නොසිටී නම් සහ පල්ලිය නිශ්ශබ්දව සිටී නම්, යෞවනයන්ගේ ජීවිතවලට ඉමහත් බලපෑමක් කරන්නේ ජනසන්නිවේදන මාධ්‍යය” බවද මිරර් නිරීක්ෂණය කරයි.
“දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය.”—2 තිමෝති 3:5.
බයිබල් සත්‍යයන්ට ජීවිත වෙනස් කිරීමේ බලයක් තිබේ. (එපීස 4:22-24) එහෙත් බෙහෙවින් අභක්තික ක්‍රියාවලින් සමහරක් හටගන්නේ ආගමේ මුවාවෙනි. ඛේදජනක උදාහරණයක් වනාහි, පූජක පක්ෂය විසින් කෙරෙන ළමා ලිංගික දූෂණයයි. ද නිව් යෝර්ක් ටයිම්ස් සඟරාවට අනුව, එක්සත් ජනපදයේ නීතිඥයෙකු පවසන්නේ “පූජකයන් විසින් තමන්ව දූෂණය කරනු ලැබුවායයි පවසමින් නඩු භාරදෙන්නන් වෙනුවෙන්, ජනපද 27ක තවමත් තීන්දුවක් නොදුන් නඩු විභාග 200ක් තමාට තිබෙන” බවය. සැබවින්ම, මෙම පූජක පක්ෂය විසින් විදහාපාන දේවභක්තියේ ඕනෑම ආකාරයක් හෝ විදහාපෑමක්, ඔවුන්ගේ දුෂ්ට ක්‍රියා මගින් හුදු කුහකකමක් ලෙසින් අනාවරණය වේ.
අන්තිම දවස් පිළිබඳව වැඩිදුරටත් සාක්ෂි
2 තිමෝති 3:2-4 තවදුරටත් පවසන්නේ, මනුෂ්‍යයෝ . . .
□ පාරට්ටුකරගන්නෝව
□ අපහාසකරන්නෝව
□ ස්තුතිවන්ත නොවන්නෝව
□ අභක්තිකයෝව
□ සමාදාන නොවන්නෝව
□ කේලාම්කියන්නෝව
□ තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව
□ ද්‍රෝහියෝව
□ හිතුවක්කාරයෝව
□ අහංකාරයෝව සිටින බවය
‘ඔබවහන්සේගේ පැමිණසිටීමට ලකුණ’
යේසුස්වහන්සේගේ මරණයට ටික කලකට පෙර, උන්වහන්සේගෙන් මෙසේ අසනු ලැබීය: “ඔබවහන්සේගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?” (මතෙව් 24:3, NW) යේසුස්වහන්සේ අන්තිම දවස් විස්තර කෙරෙන තත්වයන් හා සිද්ධීන් විශේෂ කොට දැක්වූසේක. අපි ඒවායින් සමහරක් සෝදිසි කර බලමු.
“ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.”—මතෙව් 24:7.
“විසිවන ශතවර්ෂය—සාමාන්‍යයෙන් සමාජ වැඩිදියුණුව සහ දුප්පතුන්ගේ ජීවිත කෙරෙහි රජයේ සැලකිල්ල වැඩි කර තිබෙන්නාවූ එකක් වුවත්—කාලතුවක්කුව, යුද ටැංකිය, B-52 ගුවන්යානය, න්‍යෂ්ටික බෝම්බය සහ අවසාන වශයෙන් මිසයිලය මගින් කුරිරු ලෙස පාලනය වී තිබේ. වෙනත් කිසිදු යුගයකටත් වඩා ලෙයින් තැවරුණු විනාශකාරි යුද්ධවලින් එය සනිටුහන් වී තිබේ.”—මයිල්ස්ටෝන්ස් ඔෆ් හිස්ට්‍රි.
“නොයෙක් තැන්වල . . . පොළෝකම්පාද සිදුවෙනවා ඇත.”—මතෙව් 24:7.
මෙම ශතවර්ෂය තුළදී, ඉතාලිය, ඉන්දියාව, ඉරානය, චිලී, චීනය, ජපානය, තුර්කිය සහ පෙරූ තුළ රික්ටර් පරිමාණයෙහි 7.5 සිට 8.3 දක්වා භූමිකම්පා සිදුවූ බවට සටහන් වේ.
“භයංකර පෙනීම්ද . . . වන්නේය.”—ලූක් 21:11.
මෑත වර්ෂවලදී සිදුවූ බියකරු සිද්ධීන් හේතුවෙන්, භය, සමහරවිට ජන ජීවිත තුළ තිබෙන වඩාත්ම පවතින තනි චිත්තවේගය වී තිබේ. ජනයා තමන්ගේ සුරක්ෂිතයට හා තමන්ගේම ජීවිතවලට තර්ජනය කරන යුද්ධ, අපරාධ, දූෂණය, රෝග, උද්ධමනය සහ වෙනත් බොහෝ දේවලට භය වෙති.
“ආහාර හිඟකම්.”—මතෙව් 24:7, NW.
“සහනාධාර කණ්ඩායම් හැළහැප්පෙද්දී සාගතය විශාල වී පෙනේ,” යයි නිව් සයන්ටිස්ට් සඟරාවෙහි ශීර්ෂ පාඨයක් නිවේදනය කරයි. කලින් සිටි එ. ජ. ජනාධිපතිවරයෙකු පවසන පරිදි, දශක දෙකක් තුළදී පොළොව විනාශ කරන තරමට සාගතය තර්ජනය කරයි. “එවැනි බියකරු පෙරදැකීම් තිබියදීත් සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික සංවර්ධනය සඳහා, ධනවත් රටවලින් දෙන ආධාර ප්‍රමාණය පුදුමාකාර ලෙස අඩුවෙමින් පවතියි,” කියා එම ලිපිය සටහන් කරයි.
“නොයෙක් තැන්වල . . . වසංගතද වන්නේය.”—ලූක් 21:11.
ප්රවීණයන්ගේ මණ්ඩලයක් පවසන පරිදි, වාර්ෂිකව ඩොලර් මිලියන 500කට වඩා වියදම් කරමින් එ. ජ. රජය ඒඩ්ස්වලට එරෙහිව කරන සටන අන්ත අසාර්ථක වීමක් වේ. “ඒඩ්ස් හේතුවෙන් අපට මුළු පරම්පරාවක නිෂ්පාදන හැකියාව අහිමි වෙමින් පවතියි” යයි රෝගීන් 200 සිට 300ක් පමණ දක්වා කටයුතු කරන වෛද්‍ය. ඩොන ස්විට් අනතුරු අඟවන්නීය. එක්සත් ජනපදයෙහි, වයස 25 සිට 44 අතර මිනිසුන්ගේ මරණයට දැන් ප්‍රධාන හේතුකාරකය, ඒඩ්ස්ය.
‘නොපනත්කම වැඩිවේ.’—මතෙව් 24:12, NW.
යෞවනයන් 2500ක් පිළිබඳව කළ එ. ජ. සමීක්ෂණයකින් හෙළි වූයේ, පෙර දින 30 තුළදී ඔවුන්ගෙන් සියයට 15ක් යම් වේලාවකදී තුවක්කුවක් රැගෙන තිබේ, ඉකුත් වර්ෂය තුළ සියයට 11කට වෙඩි තබා තිබෙන අතර, යම් අවස්ථාවකදී සියයට 9ක් තවත් පුද්ගලයෙකු වෙත වෙඩි තබා තිබේ.
ඉදිරියෙහි ඇත්තේ කුමක්ද?
අප දැක ඇති පරිදි, මිනිස්වර්ගයා නිසි මාර්ගයෙන් ඉතා ඈතට හැරී සාමකාමී ලොවකින් බොහෝ දුරස් වී සිටිති. සිදුවීම්වල ප්‍රමාණය දෙස බලන කල, ඉහත සිදුවීම් පෙර නොවූ විරූ ඒවාය. ඇත්තෙන්ම, මිනිස් පවුල සිටින්නේ නුහුරු ක්ෂේත්රයකය. එය අන්තිම දවස් ලෙසින් හැඳින්වෙන යුගයක් පසු කරමින් සිටී.
මෙම කාලපරිච්ඡේදයට පසු පැමිණෙනු ඇත්තේ කුමක්ද? g95 4/22.
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Michael Lewis/Sipa Press