සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන කල
තම කන්ද උඩ දේශනාවේදී, සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන කාලයක් ගැන යේසුස් ක්‍රිස්තුස් සඳහන් කළා. හැඳින්වීමක් වශයෙන් යේසුස් ගීතාවලිය 37 උපුටා දක්වමින් මෙසේ පැවසුවා: “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.” මෙම පුදුමාකාර තත්වය ඉටු වෙන්න යන ආකාරය එම බයිබල් ගීතිකාවේද මෙසේ විස්තර කර තිබෙනවා: “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් [යෙහෝවා] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.”—මතෙව් 5:5; ගීතාවලිය 37:9.
නපුරුකම් කරන සියලුදෙනාවම මේ පොළොවෙන් තුරන් කර, එකිනෙකාට ප්‍රේම කරන ජනයාව පමණක් ඉතුරු කිරීම, මොනතරම් විශිෂ්ට වෙනස් වීමක්ද! කොහොමද එවැනි දෙයක් සිදු වෙන්නේ? යාච්ඤා කරන්න අපට උගන්වද්දී, එය සිදු වන්නේ කෙසේද කියා තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී යේසුස් තවදුරටත් මෙසේ පෙන්වූවා: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) දෙවිගේ කැමැත්ත සිදුවීමට නියමිත කොහේද කියා සලකා බලන්න. ස්වර්ගයෙහි පමණක් නොවෙයි. ද ක්‍රිස්ටියන් සෙන්චරිහි ලිපියක්, “අපි යාච්ඤා කරන්නේ, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙළොවෙහිද කරනු ලැබේවා” කියා බව කාවද්දනවා.
එසේ නම්, අපට යාච්ඤා කරන්න යේසුස් ඉගැන්වූ දෙවිගේ රාජ්‍යය කුමක්ද? පැහැදිලිවම, එය සැබෑ ආණ්ඩුවක්. ස්වර්ගයේ සිට පාලනය කරන එකක්. එම නිසයි එය, “ස්වර්ගරාජ්‍යය” ලෙස හඳුන්වන්නේ. (මතෙව් 10:7) මෙම රාජ්‍යය නැත්නම් ආණ්ඩුව තුළ පත් කර ඇති පාලකයා නම්, දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ය.
මරියා තුළින් යේසුස් ඉපදෙන්න බොහෝ කලකට පෙර, එම ආශ්චර්යවත් සිද්ධිය සහ ඒ සමඟ සිදු වන්නේ කුමක්ද යන්න ගැන යෙහෝවාගේ අනාගතවක්තෘ යෙසායා මෙසේ පුරෝකථනය කළා: “අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද [ඔහුගේ] කර පිට තිබෙන්නේය. [ඔහුගේ] නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් [දෙවිය], සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් [ඔහුගේ] රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි [ඔහුගේ] ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.” (යෙසායා 9:6, 7) යේසුස්ගේ මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් පසු, ඔහු තම පියා සමඟ ස්වර්ගයේ හිඳගත් අතර, රජ හැටියට පාලනය පටන්ගන්න අණ ලැබෙන තුරු බලා සිටියා.—ගීතාවලිය 110:1, 2; හෙබ්‍රෙව් 10:12, 13; එළිදරව් 11:15.
එසේ නම්, වෛරයෙන් පිරි මෙම ලෝකයට අවසානයේදී සිදු වෙන්න යන්නේ කුමක්ද? එම ප්‍රශ්නයට බයිබලය උත්තර දෙන්නේ කෙසේද කියා සලකා බලන්න. දෙවිගේ අනාගතවක්තෘ දානියෙල් මෙසේ පුරෝකථනය කළා: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවන්නේය], ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45ආ.
පැහැදිලිවම, මෙම බයිබල් අනාවැකිය, අනාගතයේදී මිනිස් කටයුතුවල සිදු වන අතිවිශාල වෙනසකට යොමු දක්වනවා. මෙම මුළු මහත් දේවල පිළිවෙළම, තුරන් කරනු ලබනවා! ඊට අයත් වන්නේ, දෙවිගේ පාලනයට යටත් වීම හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන මනුෂ්‍යවර්ගයාගෙන් යුත් මෙම ලෝකයයි. එහි තැන ගන්නේ කුමක්ද කියා සලකා බලන්න.
ධර්මිෂ්ඨ නව ලොවක ජීවිතය
මෙම පරණ ලෝකය අවසන් වුණාම, බේරෙන අය සිටින්න යනවා. බයිබලය මෙසේ පැහැදිලි කරනවා: “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:17) ඔව්, නෝවාගේ දවසේ ලෝක අවසානයේදී, ඔහු සහ ඔහුගේ පවුලේ අය ගැළවුණා වගේ, දෙවිගේ කැමැත්ත කරන අය නව ලොවක් තුළට බේරී ඇතුල් වෙන්න යනවා. ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක් [දෙවිගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.”—2 පේතෘස් 3:5-7, 11-13, ඇල අකුරු අපගේය.
ක්‍රියාත්මක වන එකම ආණ්ඩුව දෙවිගේ රාජ්‍යය වන්නාවූ කාලය ගැන බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) ධර්මිෂ්ඨයන් පවිත්‍ර කළ පොළොවක ජීවිතය භුක්ති විඳින්න යනවා. එය මොනතරම් තේජවත් කාලයක් වේවිද! බයිබලයේ විස්තර කර ඇති ආශීර්වාද ඔබ තවමත් පරීක්ෂා කර නැත්නම්, කරුණාකර කලින් පිටුවල ඇති බයිබල් පද හා පින්තූර පරීක්ෂා කර බලන්න.
තමන්ට නමස්කාර කරන අයගේ ප්‍රයෝජනය සඳහා අපේ මැවුම්කාරයා පුදුමාකාර දේවල් පොරොන්දු වී ඇති බව දැනගැනීමෙන් ඔබේ හදවත උණුසුම් වන්නේ නැද්ද? දෙවි මුල් මිනිස් යුවළ මවා භූමික පාරාදීසයේ තබද්දී, දෙවිගේ අරමුණ වූයේ එය බව නිසැකයි! දෙවි ඔවුන්ට කී දෙය සලකා බලන්න: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.”—උත්පත්ති 1:27, 28.
ආදම් සහ ඒවට දරුවන් ලැබීමට නියම කර තිබූ අතර, ඔවුන් වැඩෙත්ම, භූමික පාරාදීසය පවත්වාගෙන යෑමේ සිත්කලු වැඩයේ හවුල් වෙන්න ඔවුන්ට නියම වුණා. මිනිස් පවුල ගණනින් වැඩෙත්ම, ඒදන් උයනේ මායිම් ව්‍යාප්ත කිරීමේ ප්‍රීතිය ගැන හිතන්න! පැහැදිලිවම, මුළු පොළොවම පාරාදීසයක් කිරීම දෙවිගේ අරමුණ වුණා. එම අරමුණ කවදා හෝ මුදුන් පැමිණෙයිද? මේ සම්බන්ධයෙන් දෙවිම අපට පොරොන්දු වන නිසා, එසේ වන බව අපට ස්ථිරයි! ඔහු මෙසේ පොරොන්දු වෙනවා: “මම එය කියා ඇත්තෙමි; . . . මම එය කරන්නෙමි.”—යෙසායා 46:11, NW; 55:11.
කලින් පිටුවල දක්වා ඇති, ශුද්ධ ලියවිලිවල විස්තර කර තිබෙන, භූමික පාරාදීසයක සදාකාලයටම ජීවත් වෙන්න ඔබ කැමතිද? අපේක්ෂා කළ හැකි ලෙස, සදාකාලයටම ජීවත් වෙන්න සියලුදෙනාටම අවසර දෙන්නේ නැහැ. අත් කරගැනීමට සුදුසුකම් තිබෙනවා. ඒවා මොනවාද?
සදාකාලයට ජීවත් වීමට සුදුසුකම් ලැබීම
මුලින්ම, දෙවිගේ නව ලොවේ ජීවත් වන අය, දෙවි අපට කිරීමට උගන්වන ආකාරයට, එකිනෙකාට ප්‍රේම කරන්න ඉගෙනගත යුතුයි. බයිබලය මෙසේ කියනවා: “එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම [දෙවිගෙන්] ඉගෙනගෙන සිටින්නහුය.” (1 තෙසලෝනික 4:9) මෙය අප දෙවිගෙන් ඉගෙනගෙන තිබෙන්නේ කෙසේද?
විශේෂයෙන්ම, ඔහුගේ ලිඛිත වචනය වන බයිබලය මාර්ගයෙන්. මෙයින් අදහස් කරන්නේ, සදාකාලයටම ජීවත් වෙන්න නම්, බයිබලයේ ඇති දෙවිගේ ඉගැන්වීම් අප පිළිගත යුතු බවයි. එක්තරා ප්‍රාචීන බයිබල් ශිෂ්‍යයෙක් මෙසේ කිව්වා: “බයිබලයේ පොරොන්දු වී ඇති විදිහට, සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන්න ඉගෙනගෙන සිටින්න යන කාලය දෙස මම ඉතා ඕනෑකමින් බලා සිටිනවා.”
තම පියාට කළ යාච්ඤාවේදී, යේසුස් ඉතා වැදගත් අවශ්‍යතාවක් හඳුන්වා දුන්නා. ඔහු මෙසේ කිව්වා: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ [දෙවි] වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය [ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය, NW].” (යොහන් 17:3) දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති පිටු 32කින් යුත් විවරණිකාව, මෙම දැනුම ලබාගැනීමට ඔබට උපකාර කරාවි. තිස්දෙවන පිටුවේ ඇති කූපනය පුරවා, එය වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එවීමෙන් පිටපතක් ලබාගැනීමට ඔබට හැකියි.
[8-10 යන පිටුවේ කොටුව⁄පින්තූර]
දෙවි පොරොන්දු වන්නේ
ලෝක ව්‍යාප්ත ප්‍රේමනීය සහෝදරත්වයක්
‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතුව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්නය.’—ක්‍රියා 10:34, 35.
අපරාධ සහ යුද්ධ තවත් නැතිවීම
“නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නේය.”—හිතෝපදේශ 2:22.
‘දෙවි පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.’—ගීතාවලිය 46:9.
කෑමට හොඳ දේවල් බහුලව තිබීම
“පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය.”—ගීතාවලිය 72:16.
සතුන් සහ මිනිසුන් අතර සාමය
“වෘකයා බැටළුපැටවා සමග වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමග ලගින්නේය; . . . කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.”—යෙසායා 11:6.
ලෙඩ, මහලු විය සහ මරණය නැති වී
“[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිස දමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
මියගිය ප්‍රේමනීයයන් පොළොව මතට නැවත නැඟිටීම
‘[සිහිවීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට යේසුස්ගේ හඬ ඇසෙන පැය පැමිණ, ඔවුහු පිටත්ව එන්නෝය.’—යොහන් 5:28, 29.