ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 4/8 30 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එක්සත් ජාතීන්ගේ අසමර්ථය
  • මිනිසාට පැහැදිලි කළ නොහැක
  • පක්ෂීන්ගේ අභාවය අනතුරු ඇඟවීම් සපයයි
  • නහඹර මව්වරු
  • බිහිරි අයට පරිගණක උපකාරය
  • පළවන ලෝක යුද්ධයේ පුරාවස්තුවක් දුම්රියක් පීලි පැනීමට සලස්වයි
  • අත්තුවක්කු මාරාන්තිකව යොදාගැනීම
  • සරණාගත වලස්සු
  • සරණාගතයන්ට හැම පැත්තෙන්ම කරදර
  • අන්තරා සහිත විනෝදවීම
  • වැඩි වෙමින් සිටින සරණාගතයෝ
    1996 පිබිදෙව්!
  • අවතැන් වුණ අයට අත දෙමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විසඳුම කුමක්ද?
    1996 පිබිදෙව්!
  • පනස් වසරක නිෂ්ඵල වෑයම්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 4/8 30 පි.

ලෝකය දෙස බැලීම

එක්සත් ජාතීන්ගේ අසමර්ථය

“මෙය එක්සත් ජාතීන්ට පමණක් අසමර්ථවීමක් නොව; ජාත්‍යන්තර ප්‍රජාවටම අසමර්ථවීමකි. ඇරත් අපි සියලුදෙනාම මෙම අසමර්ථවීමට වගකිව යුතුව සිටිමු,” යනුවෙන් රුවන්ඩාවේ සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බූට්‍රොස්-ගාලි ශෝකය ප්‍රකාශ කළේය. “සිදු කර තිබෙන්නේ වර්ගඝාතනයකි. මිනිසුන් 2,00,000ට වඩා වැඩිදෙනෙකුව ඝාතනය කර තිබෙන නමුත්, ජාත්‍යන්තර ප්‍රජාව කළ යුතුව තිබුණේ කුමක්ද යන්න ගැන තවමත් සාකච්ඡා පවත්වනු ලැබේ.” මැයි 26වන දා වාර්තා වූ පරිදි, රජයේ ප්‍රධානීන් 30දෙනෙකුට වඩා වැඩි පිරිසකගෙන් හමුදා භටයන් එවන මෙන්, තමා ලිපි මාර්ගයෙන් ආයාචනා කළ බවත්, විසඳුමක් සොයාගැනීමේ අටියෙන් විවිධ සංවිධාන සමඟ තමා සේවය කළ බවත්, අග්‍ර ලේකම් පැවසුවේය. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය, “අවාසනාවකට මෙන්, මම අසමත් වුණා, එය අපකීර්තියකි. එය පිළිගැනීමට ප්‍රථමයා මමයි.” හමුදා යැවීමට වියදම දැරීමේ හැකියාවක සිටින්නේ අප්‍රිකානු රටවල් ස්වල්පයක් පමණි, එක්සත් ජාතීන්ටම තිබෙන මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් ප්‍රති-පූරණ මුදල් ගෙවීමට ප්‍රමාද වී තිබීම නිසා, තත්වය විෂේශයෙන් එසේ වේ. බටහිර රටවල් බොහොමයක් ඊට සම්බන්ධවීමට ප්‍රතික්ෂේප කර තිබෙන අතර, අමෙරිකානු හමුදා බලය භාවිත කිරීම, පරදුවට තබා තිබෙන දේ මගින් යුක්තිසහගත නොකරනු ලබන බව, එක්සත් ජනපදයේ ජනාධිපති බිල් ක්ලින්ටන් සඳහන් කළේය. ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, බූට්‍රොස්-ගාලි මහතා “දායක-විඩාව” මත වරද තැබුවේය, මන්දයත් ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, වෘත්තිය පුද්ගලයන් මෙන්ම, මුදල් සපයන රටවලින් එක්සත් ජාතීන්ගේ විවිධ කටයුතු 17ක් සඳහා එසේ සපයන මෙන් ඉල්ලනු ලබන හෙයිනි.

මිනිසාට පැහැදිලි කළ නොහැක

“හදිස්සියේම රුවන්ඩාවෙහි ඇති වූ දරුණු ලේ පිපාසයට හේතුව යමකින් පැහැදිලි කිරීමට හැකිද?” යනුවෙන් ලන්ඩන්හි දි ඉකොනමිස්ට් ප්‍රශ්න කරයි. “බොහෝ කලකට පැවත තිබෙන [ජාතිමය] කුරිරුකම්වලින් පවා එම අනුකම්පා විරහිත ඝාතනයට හේතුව පැහැදිලි වන්නේ නැත.” ටූට්සි සහ හූටූ ජාතීන් එකිනෙකාට මදක් වෙනස්ව පෙනෙන්ට තිබිය හැකි නමුත්, ඔවුහු එකිනෙකාට සමීපව ශතවර්ෂ ගණනාවකට ජීවත්වී ඇති අතර, දෙදෙනාටම පොදු භාෂාවක්ද සංස්කෘතියක්ද හවුලේ බෙදාගෙන ඇත්තාහ. ඔවුන්ගේ ගෝත්‍රීය වෙනස්කම්, ස්කොට් ජාතීන් සහ ඉංග්‍රීසි ජාතීන් අතර තිබෙන වෙනස්කම සමඟ එම ලිපිය සන්සන්දනය කරයි. “එහෙත් දැන් ඔවුන් එකිනෙකාට විරුද්ධ වී තිබෙන්නේ, කාලතුවක්කු හෝ දුර වදින තුවක්කු වැනි ඍජු නොවන ආකාරවලින් පමණක් නොව, නමුත් පිහි, උදලු, මුගුරු සහ අත්වලින්ය. අසල්වැසියන් විසින් අසල්වැසියන් මෙන්ම ළමා වියේ ආශ්‍රිතයන්ව පවා ඝාතනය කොට තිබේ. පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන්ව සමානාකාරයකින් ඝාතනය කොට තිබේ. ඒ මන්ද? කිසිම කෙනෙකුට හේතුව පැවසීමට නොහැකි බව පෙනේ.”

පක්ෂීන්ගේ අභාවය අනතුරු ඇඟවීම් සපයයි

ගේකුරුල්ලන්, මයිනන්, කපුටන් වැනි—පක්ෂීන් අතර පහසුවෙන් නොනැසෙන වර්ග දුෂ්කර තත්වයන් යටතේදී පවා සඵල වුවත්, ලෝකයේ ඇති පක්ෂීන් අතර වැඩි ප්‍රමාණයකට එතරම් සඵලත්වයක් නැත. පක්ෂී වර්ග 9,600න්, සියයට 70ක් අඩුවෙමින් පවතින අතර, වර්ග 1,000ක් ළඟදීම සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැක. “සිදුවෙමින් පවතින ඍජු පාඩුවලට වඩා බියගන්වන කරුණ වනුයේ, වෙනත් බොහෝ ජීවීන් මෙන් නොව, පක්ෂීන් වෙනත් සත්ව වර්ගවල මෙන්ම, මුළු පරිසර පද්ධතියේම සෞඛ්‍ය තත්වය ගැන විශේෂයෙන්ම හොඳ දැනුම් දෙන්නන් වීමයි,” යනුවෙන් වර්ල්ඩ් වොච් සඟරාව පවසයි. “අපට දක්නට තිබෙන්නේ ආසන්නව තිබෙන පහත වැටීමක් පිළිබඳ නිකම්ම අනතුරු ඇඟවීමක් නොව, නමුත් සිදුවෙමින් පවතින පහත වැටීමේ කොටසක්මය—එනම් ග්‍රහයාගේ සෞඛ්‍ය තත්වය සමබරව තබාගන්නාවූ පරිසර පද්ධතිය විකෘති කිරීමකි.” පක්ෂීහු සත්ව මෙන්ම කෘමී පලිබෝධකයන්ගේ වැඩිවීම වළක්වති, ශාක පරාගනය කරති, එමෙන්ම උන්ගේ පැහැරුම් මගින් ශාඛ බීජ විසුරුවා හැරීමෙන් ප්‍රතිවනරෝපණයට සහාය දෙති. එනමුත්—කැළෑ හෙළි කිරීම, සතුන්ට තණ කැවීමටත්, සී සෑමටත්, තණ බිම් පාවිච්චි කිරීම, වගුරු බිම් සිඳී යෑමට සැලැස්වීම සහ අතිවිශාල වේලි බැඳීමේ ව්‍යාපාර මගින් විශාල ප්‍රදේශ වැනසීම වැනි දෑ මගින් මිනිසුන් අවට පරිසරය වෙනස් කරන විටත්, ඊට අමතරව දඩයම් කිරීම, රසායන ද්‍රව්‍ය වුවමනාවට වඩා වැඩියෙන් භාවිත කිරීම, විෂ සහිත අපද්‍රව්‍ය සහ තෙල් ඉහිරීම් ආදිය මගින් උන්ව කෙළින්ම ඝාතනය කිරීම, යනාදිය නිසා උන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වේ. “වෙනත් සත්වයන්ගේද ශාකවලද විනාශය සමඟම, පක්ෂීන් විනාශ වන වේගය, ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව පෙනේ,” යනුවෙන් එම ලිපිය සඳහන් කරයි.

නහඹර මව්වරු

ලොව පුරා සෑම වසරකම වයස අවුරුදු 15ත් 20ත් අතර සිටින ස්ත්‍රීහු, මිලියන 15කටත් අධික සංඛ්‍යාවක් දරුවන් බිහි කරත්, යනුවෙන් පොප්‍යූලයි නමැති එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ප්‍රකාශයට පත්වන සඟරාවක තක්සේරු කෙරේ. මෙම සංඛ්‍යාවට අවුරුදු 15න් පහළ ගැහැනු ළමුන් ඇතුළත් නොවන අතර, ගබ්සා කිරීම් හෝ ස්වාභාවික ගබ්සා වීම්ද මීට ඇතුළත් වන්නේ නැත. අප්‍රිකාවේ පමණක් සියලුම ස්ත්‍රීන්ගෙන් සියයට 28ක් පමණ, අවුරුදු 18ක් වීමට පෙර දරුවන් බිහි කරති. ලිංගික කාරණා සම්බන්ධයෙන් නොදැනුවත්කම, පමණට වඩා කලින් විවාහ වීම සහ වයසින් වැඩි ධනවත් පුරුෂයන් සමඟ වාසිදායක සම්බන්ධතා ඇති කිරීමට තරුණියන් ආකර්ෂණය වීමට හේතුවන, ආර්ථික දුෂ්කරතා එම මහාද්වීපයේ නහඹරයන් අතර, වැඩිවන ගැබ්ගැනීම්වලට හේතු සමහරක් බව පර්යේෂකයෝ පවසති. “අවුරුදු 20-34 දක්වා ස්ත්‍රීන් අතර ගර්භිණීභාවයේදී හෝ දරු උපතේදී මියයෑමට තිබෙන හැකියාව මෙන් දෙගුණයක අන්තරායකට නහඹර වියේ ස්ත්‍රීන් මුහුණ දෙනවා පමණක් නොව, නහඹර මව්වරුන්ගේ ළදරුවන්ටද මියයෑමට වැඩි හැකියාවක් තිබේ,” යනුවෙන් පොප්‍යූලයි පවසයි.

බිහිරි අයට පරිගණක උපකාරය

අලුත සකස් කරන ලද පරිගණක පද්ධතියක් බිහිරි අයට සාමාන්‍ය පරිදි කතා කිරීම සඳහා ඉගෙනගැනීමට උපකාර කළ හැකි වීමට ඉඩ ඇත. බිහිරි අයට කතා කිරීමට ඉගෙනගැනීම වනාහි අලුත් භාෂාවක් කතා කිරීමට ඉගෙනගැනීම හා සමාන වේ. ස්කොට්ලන්තයේ, එඩින්බර් විශ්වවිද්‍යාලයේ භාෂා තාක්ෂණය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ මෙම වැඩසටහන දියත් කිරීමට හේතුව වූයේ මෙම කරුණයි. ඒජොන්සි ෆ්‍රොන්ස්-ප්‍රෙස් ප්‍රවෘත්ති සේවාවේ වාර්තාවක පවසනුයේ, එම පද්ධතියේ පරිගණකය ශිෂ්‍යයෙකුගේ කතාව විභාග කර නිවැරදි උච්චාරණය සඳහා හරිගැස්වීම් සහ සකස්වීම් අවශ්‍ය තැන් වහා අඟවන බවයි. ඊට අමතරව, බිහිරි අයට කතා කිරීමේදී වචන ශබ්ද කරන ආකාරය සහ තාලය ක්‍රමානුකූලව දියුණු කිරීමට උපකාර කරන පාඩම් මාලාවක් එම වැඩසටහනට ඇතුළත් වේ. බිහිරි ශිෂ්‍යයන්ට විදේශ භාෂා ඉගැන්වීම සඳහාද එම පද්ධතිය සකස් කරනු ලැබේ.

පළවන ලෝක යුද්ධයේ පුරාවස්තුවක් දුම්රියක් පීලි පැනීමට සලස්වයි

පළවන ලෝක යුද්ධයේ පුරාවස්තුවක් මගින් ප්‍රංශයේ උතුරට යන අලුත විවෘත කරන ලද පරී වැලෙන්සියෙන් දුම්රිය මාර්ගයේදී, ප්‍රංශ ජාතික දුම්රිය සේවාවේ අභිමානය වන TGV (අධි-වේග දුම්රිය) පීලි පැනීමට සැලැස්විය. විපත්තිය සිදුවුණේ TGV දුම්රියේ රේල් පීලි යට පිහිටා තිබූ කලින් සොයා නොගන්නා ලද භූගත බිංගෙවල් හදිස්සියේම කඩා වැටුණ විට යයි පැරීසියේ පුවත්පතක් වන ලා මොන්ඩ් වාර්තා කරයි. විපත්තිය සිදුවූ ස්ථානය වනාහි 1914-18 දක්වා වූ ඝට්ටනයේ ලේ වැගිරීම් වඩා වැඩියෙන් සිදුවූ ස්ථානවලින් එකකි, එනම් සෝම් සටන සිදුවූ ස්ථානයයි. මතුපිටින් ඒවා සොයාගැනීමට නොහැකි තරම් වුවත්, භූගත පටු මඟවල්, වළලන ලද අගල් සහ බෝම්බ ආවාට—එනම් පළවන ලෝක යුද්ධයේ අගල්වල සිට කරන ලද යුද්ධයෙන් ඉතිරි වූ ලක්ෂණ—මුළු ප්‍රදේශයේම පිරී තිබේ. රේල් පාරේ තිබිය හැකි වෙනත් අන්තරා සහිත ස්ථාන සොයාගෙන ඒවා ශක්තිමත් කිරීමට හැකි වන ලෙසින්, රේල් පාර ක්‍රමානුකූලව පරීක්ෂා කිරීම සඳහා කාර්මික කණ්ඩායම් යවනු ලැබීය.

අත්තුවක්කු මාරාන්තිකව යොදාගැනීම

වර්ෂ 1992දී අත්තුවක්කු මගින් මරණු ලැබූවන්ගේ සංඛ්‍යාව කොපමණ වීද? මෑතක ප්‍රකාශයට පත් වූ සංඛ්‍යාලේඛනවලට අනුව, ඕස්ට්‍රේලියාවේ 13දෙනෙක්, බ්‍රිතාන්‍යයේ 33දෙනෙක්, කැනඩාවේ 128දෙනෙක්, ජපානයේ 60දෙනෙක්, ස්වීඩනයේ 36දෙනෙක්, ස්විට්සර්ලන්තයේ 97දෙනෙක් සහ එක්සත් ජනපදයේ තැතිගන්වන 13,220දෙනෙකි. ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යූන්හි වාර්තා වූ පරිදි, 1991දී එක්සත් ජනපදයේ 38,317දෙනෙක් එනම් මිනීමැරීම, සියදිවි නසාගැනීම සහ අනතුරුවලදී තුවක්කු මගින් මරණයට පත්වීම සිදු කරන ලදි—එය වනාහි දිනකට මරණ 100කට වඩා වැඩි සංඛ්‍යාවකි. වසර පහක් තුළ වෙඩිපහරවලට තුවාල ලැබූ ලෙඩුන්ගේ සංඛ්‍යාව 449 සිට 1,220 දක්වා වැඩි වූ එක් රෝහලක් පිළිබඳව එක්සත් ජනපදයේ ජනාධිපති බිල් ක්ලින්ටන් කතා කළේය. මෙවන් ඝාතන සිදුවුවත්, නිෂ්පාදකයෝ සෑම තත්පර 20කටම අලුත් අත්තුවක්කුවක් නිෂ්පාදයනය කරති.

සරණාගත වලස්සු

යුද්ධයේ උවදුරුවලින් සරණ සොයාගෙන යන්නේ මනුෂ්‍යයන් පමණක් නොවේ. “නොකඩවා පවතින යුද්ධය නිසා බියගන්වනු ලැබූ දුඹුරු පැහැති වලස්සු, බොස්නියාවේ මහා සදාහරිත කැලෑවලින් පිටවී උතුරු දෙසට පිහිටි ඉතාලිය වෙතට ගමනේ යෙදෙමින් සිටිති,” යනුවෙන් නිව් සයන්ටිස්ට් ප්‍රකාශ කරයි. “සරණාගත වලස්සු ආරක්ෂා කිරීමට ඉතාලියේ සහ ස්ලොවේනියාවේ සිටින පරිසර විද්‍යාඥයෝ හවුල් වී ඇත.” කෙසේවෙතත්, මනුෂ්‍යයන්ගෙන් වෙනත් උවදුරුවලටද එම වලස්සු මුහුණ දී ඇත. පදිංචිය අත්හැර යන මෙම වලසුන්ගෙන් බොහොමයක් ඉතාලියානු සහ ස්ලොවේනියානු මහාමාර්ගවල ධාවනය වන මෝටර් රථ මගින් ඝාතනය වී ඇත. තවත් සමහරක් මිනිසුන් ඇති කරන සතුන්ට හානි කළ නිසා මරනු ලැබ ඇත, නැතහොත් හොර දඩයම්කරුවන් විසින් මරා තිබේ. තමන්ගේ වගාවලට හානි කරන හෝ තමන් ඇති කරන සතුන්ට හානි කරන සතුන් මැරීමට ස්ලොවේනියාවේ සිටින ගොවීන්ට නීතියෙන් අවසර ලැබේ. මෙම වලසුන්ට ආහාර සැපයීමෙන් ආරක්ෂිත ස්ථානවල උන්ට රැඳී සිටීමට හැකි කරවීම සඳහා මුදල් රැස් කොට තිබේ.

සරණාගතයන්ට හැම පැත්තෙන්ම කරදර

වර්ෂ 1993දී සරණාගතයන්ගේ සංඛ්‍යාවේ මිලියන 20කට වඩා වැඩි සමස්ත ලෝක වැඩිවීමක් ඇති වූ බව සරණාගතයන් සඳහා එක්සත් ජනපදයේ මහා කොමිසම් සභාවේ කොමසාරිස්වරිය සඩාකෝ ඔගාටා කියයි. වර්ෂ 1991දී ඇය එම තනතුර භාරගත් විට සිටි සරණාගතයන්ගේ සංඛ්‍යාව මිලියන 15ක් පමණක් විය. දේශපාලනමය අස්ථිරත්වය සහ ජාතිවාදී සටන් සරණාගතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමට ප්‍රධාන හේතු බව ජර්මානු පුවත්පත වන සූට්ඩොයිච ට්සයිටුං වාර්තා කරයි. කෙසේවෙතත්, සරණාගතයන්ට හැම පැත්තෙන්ම කරදර ඇතිවන බව පැහැදිලියි. ඒ මන්ද? මන්දයත් ඔවුන්ගේ අලුත් ආගන්තුක රටවල, බොහෝවිට සරණාගතයන් වැඩි වැඩියෙන් සහාසිකකමට ඉලක්ක වූ බව කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළාය. ජාතිමය වෛරය සහ විදේශීන්ව අපහාසයට ලක් කිරීම බහුලව පැතිරෙමින් පවතින බව ඈ පැවසුවාය.

අන්තරා සහිත විනෝදවීම

“සැණකෙළි පවත්වනු ලබන දිනවල මිනීමැරුම්වල සංඛ්‍යාව සියයට 58ක් දක්වා වැඩිවෙයි,” යනුවෙන් ඕ එස්ටාඩෝ ඩි සාඕ පවුලූ නමැති බ්‍රසීලියානු පුවත්පත වාර්තා කරයි. සඕ පවුලෝහි “මිනීමැරුම් 79ක්ද මිනීමැරීමට තැත් කිරීම් 124ක්ද සිදුවිය.” ඊට අමතරව එම දින පහ තුළ “සොරුන් ගෙවල්වලට, සාප්පුවලට, ආයතනවලට සහ වීදිවල සිටි ජනයාට පහර දුන් අවස්ථාවේදී,” සොරකම් 2,227ක් (1993දී 227ක්) සහ ප්‍රහාර 807ක් (1993දී 282ක්) සිදුවිය. තවද සියදිවි නසාගැනීම් 37ක් සහ ස්ත්‍රී දූෂණ 25ක්ද සිදුවිය. “රියෝ ඩි ජැනීරෝහි, 1993 සැණකෙළිය සමඟ සැසඳීමේදී සිදුවූ අපරාධවල සියයට 14ක වැඩිවීමක් සිවිල් පොලීසිය මගින් වාර්තා කෙරිණ. මිනීමැරුම් 63ක් සිදුවිය, මෙය 1993ට වඩා 10කින් වැඩිවීමකි.” “සැණකෙළියේ උවදුරු” සම්බන්ධයෙන් ජොර්නල් ඩෝ බ්‍රාසිල් නමැති පුවත්පතට ලිවීමේදී, රියෝ ඩි ජැනීරෝහි කාර්දිනල් අගරදගුරු වන ගරු එවුජෙන්යො ඩි ආරාවුෂෝ සාලස් මෙසේ පැවසුවේය: “විනෝදාස්වාදයේ හා ප්‍රීතියේ ප්‍රකාශ කිරීමක් වශයෙන් පල්ලිය සැණකෙළියට විරුද්ධ වන්නේ නැත, මන්දයත් ඒ දෙකම මිනිසුන්ගේ මනෝවිද්‍යාත්මක සමබරතාවට ඉතා ප්‍රයෝජනවත් වේ. අප පිළිගතත් නැතත්, අප යටත් විය යුතු සදාචාර නීති උල්ලංගනය කිරීම පල්ලිය හෙළාදකියි.” g94 11/22

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න