“අතීතය නැති කරදැමීම”
“මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමු.” වසර 2000කට පමණ ඉහතදී මෙම වදන් ලියනු ලැබූ කාලයේදී එය සැබෑවක් විය, අදදිනත් එය සැබෑවක් වේ. එහෙත් මිනිස් දුක්වේදනා සියල්ලත් සමඟ, ඉතිහාසය නැති කර දැමිය හැකිද?—රෝම 8:22.
ඇත්තටම දෙවියන්වහන්සේ අප ගැන සලකන සේක්ද? නමැති පූර්ණ-වර්ණ ගැන්වූ විවරණිකාව මෙම කාරණයම සාකච්ඡා කරයි. “මේ ලෝකයෙහි අප විඳදරා තිබෙන්නට හැකි දුක් වේදනාවලට දෙවියන්වහන්සේ අපට වන්දි ගෙවනු ඇ[ත]” යනුවෙන් එය පවසයි. “අප පිට පීඩා පැමුණුවාවූ නරක අතීතය අතිමහත් දයානුකම්පාවෙන් මකා දැමීමට වඩා වැඩි දෙයක් උන්වහන්සේ කරනු ඇත.”
දීප්තිමත් අනාගතයක් අප ඉදිරියේ තබා තිබෙන බවට ඒත්තුගන්වන සාක්ෂි එම ප්‍රකාශනයේ දක්වා තිබේ. මෙම විවරණිකාව කියවීමෙන් පසුව, අවුරුදු 20ක් වයසැති කැනේඩියානු ස්ත්‍රියක් මෙසේ ලීවාය: “මෙම ප්‍රකාශනය මගේ හෘදයට කොතරම් කාවැදුනාද කියතොත්, එය මට වචනවලින් ප්‍රකාශ කිරීමට නොහැක! එය සැබවින්ම අගනා මැණිකකි. දෙවියන්වහන්සේ විසින් අප ඉදිරියේ තබා තිබෙන පුදුමාකාර බලාපොරොත්තුව ගැන එය අපට සිහිගන්වයි. ‘අතීතය නැති කර දැමීම’ යන කොටස ප්‍රේමනීය ආකාරයකින් ලියා තිබුණා කියා මට හිතෙනවා. යෙහෝවඃවහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද කියා අපට මතක් කරදීම ගැන ඔබට ස්තුතියි.”
මෙම විවරණිකාවේ පිටපතක් ලබාගැනීමට හෝ මෙම විෂය ගැන ඔබ සමඟ සාකච්ඡා කිරීමට යමෙකු ඔබගේ නිවසට පැමිණෙනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න. g94 12/8