ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 10/1 3-5 පි.
  • පනස් වසරක නිෂ්ඵල වෑයම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පනස් වසරක නිෂ්ඵල වෑයම්
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සාමය සහ සුරක්ෂිතභාවය—අත් කර නොගත් ඉලක්ක
  • ජනමාධ්‍යයේ බලපෑම
  • යුද්ධයෙන් තොර ලොවක්—කවදාද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධයට ඇත්තේ කෙබඳු අනාගතයක්ද?
    1999 පිබිදෙව්!
  • යුද්ධයෙන් තොර ලොවක් ඇති විය හැකිද?
    1996 පිබිදෙව්!
  • හොඳ ආණ්ඩුවක් සොයා යන ගමන
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 10/1 3-5 පි.

පනස් වසරක නිෂ්ඵල වෑයම්

“එක්සත් ජාතීන්ගේ ජනයා වන අප අධිෂ්ඨාන කළේ අපගේ ජීවිත කාලයේදී අප්‍රමාණ දුක්ගැහැට දෙවරක් ගෙනා යුද්ධ වසංගතයෙන් මතුවට පැමිණෙන පරම්පරා ආරක්ෂා කිරීමටත්, එමෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි, මිනිසෙකුගේ ගෞරවය හා වටිනාකම කෙරෙහි, පුරුෂයන්, ස්ත්‍රීන් හා ලොකු, කුඩා ජාතීන්ගේ සමාන අයිතිවාසිකම් කෙරෙහි විශ්වාසය යළි තහවුරු කිරීමටත් . . . ය.”—එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රස්තාවනාව.

වර්ෂ 1995 ඔක්තෝබර් 24දා එක්සත් ජාතීන්ගේ 50වන සංවත්සරය සලකුණු කරයි. එම ප්‍රස්තාවනාවේ ප්‍රකාශ කර තිබෙන පරිදි වත්මන් සාමාජික රටවල් 185ම සංවිධානයේ මුල් ප්‍රතිපත්තිවලට හා ඉලක්කවලට බැඳී ඇත: එනම් අන්තර්ජාතික සාමය සහ සුරක්ෂිතභාවය පවත්වාගැනීමට; ලෝක සාමයට තර්ජන කරන කලහකාරි ක්‍රියා යටපත් කිරීමට; ජාතීන් අතර මිත්‍ර සබඳතා දිරිගැන්වීමට; ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, භාෂාව හෝ ආගම මත පදනම්ව වෙන් කොට නොසලකා සියලු ජනයාගේ මූලික නිදහස ආරක්ෂා කිරීමට; එමෙන්ම ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ගැටලු විසඳීමේදී අන්තර්ජාතික සහයෝගය අත් කරගැනීමට යනාදියයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 50ක් පුරා ලෝක සාමය හා සුරක්ෂිතභාවය ගෙන ඒමට සැලකිය යුතු වෑයම් දරා ඇත. එනිසා තුන්වන ලෝක යුද්ධයක්ද, න්‍යෂ්ටික බෝම්බ භාවිතයෙන් මුළුමනින්ම මිනිස් ජීවිතයේ විනාශයක්ද වැළැක්වීමට එය සමත්වන්ට ඇතැයි යන්න පිළිබඳ වාද කළ හැක. එක්සත් ජාතීන් මිලියන සංඛ්‍යාත දරුවන්ට, ආහාර සහ ඖෂධ සපයා ඇත. වෙනත් දේවල් අතර, බීමට ආරක්ෂිත ජලය සහ අනතුරුදායක රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිකරණය සපයමින්, බොහෝ රටවල සෞඛ්‍ය තත්ව වැඩිදියුණු කිරීමට එය දායක වී ඇත. සරණාගතයන් මිලියන සංඛ්‍යාතයක් මානවහිතවාදී උපකාර ලබා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉටු කර ඇති දේ වටහාගනිමින් එයට පස් වතාවක් සාමයේ නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත. එහෙත්, අප තවමත් යුද්ධයෙන් තොර ලොවක ජීවත් නොවීම ජීවිතයේ ශෝකවිය යුතු කාරණයකි.

සාමය සහ සුරක්ෂිතභාවය—අත් කර නොගත් ඉලක්ක

වසර 50ක වෑයම්වලින් පසුව පවා සාමය සහ සුරක්ෂිතභාවය අත් කර නොගත් ඉලක්ක වී පවතී. එක්සත් ජාතීන්ගේ පොදු එක්රැස්වීමක් අමතා, එක්සත් ජනපදයේ ජනාධිපති, “බලාපොරොත්තුවෙන්, ප්‍රස්තාවෙන් හා අත් කරගැනීම්වලින් පිරි මෙම ශතවර්ෂය බලවත් විනාශයේ සහ බලාපොරොත්තු රහිතභාවයේ යුගයක්ද වී” ඇතැයි පවසමින් ඔහුගේ කලකිරීම ප්‍රකාශ කළේය.

වර්ෂ 1994 අවසාන වූවාත් සමඟම, ද නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ නිරීක්ෂණය කළේය: “ජනයා දහස් ගණනින් මියයන—එනම් බොහෝ ගණන් බැලීම්වලදී සොල්දාදුවන්ට වඩා රටවැසියන් මියයන—සිය දහස් ගණන් සරණාගතයන් බවට පත් කරවන යුද්ධ හෝ සුළු සටන්, 150කට ආසන්න සංඛ්‍යාවක් සිදුවෙමින් පවතියි.” වර්ෂ 1945 සිට සන්නද්ධ ගැටුම් හේතුවෙන් මිලියන 20කට වැඩි ජනතාවකට සිය ජීවිත අහිමි වී ඇතැයි මහජන තොරතුරු පිළිබඳ එක්සත් ජාතීන්ගේ දෙපාර්තමේන්තුව වාර්තා කළේය. “ප්‍රාදේශීය ගැටුම් දැන් බොහෝ ආකාරවලින් වඩා කෲර” බව එක්සත් ජාතීන්ගේ එ.ජ. තානාපතිනි මැඩලින් ඕල්බ්‍රයිට් සඳහන් කළාය. මානව අයිතිවාසිකම් උල්ලංගනය හා වෙනස් ලෙස සැලකීම සෑමදාම ප්‍රවෘත්තිවල දක්නට ලැබේ. බොහෝ ජාතීන් එකිනෙකා සමඟ මිතුරුවනවාට වඩා, එකිනෙකා කෙරෙහි ඉවසන බවක් පෙනෙන්ට තිබේ.

“එක්දහස් නවසිය අසූගණන් දක්වා එක්සත් ජාතීන්, ගෞරවනීය අසමර්ථයකට තරම්ම පත්වී ඇතැයි,” එක්සත් ජාතීන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ඩේවිඩ් හැනේ පිළිගත්තේය. සාම සාධක මෙහෙයුම් සම්බන්ධයෙන් සලකා බලන විට, සාමාජික රටවල් අතර වැඩිවෙමින් පවතින උදාසීනභාවයක් හා විඩාවක් තිබේයයි, එක්සත් ජාතීන්ගේ මහලේකම් බූට්‍රොස් බූට්‍රොස්-ඝාලි ශෝකයෙන් ප්‍රකාශ කළේය. සාමාජිකයන්ගෙන් වැඩිදෙනෙකුට, “එක්සත් ජාතීන් ප්‍රමුඛත්වෙහිලා ගැනෙන්නක් නොවේයයි,” ඔහු නිගමනය කළේය.

ජනමාධ්‍යයේ බලපෑම

එක්සත් ජාතීන් බලවත්යයි පෙනෙන්ට තිබිය හැකිවුවත්, දේශපාලනය හා ජනමාධ්‍යය මගින් බොහෝවිට එහි වෑයම් නිෂ්ප්‍රභ කර ඇත. එක්සත් ජාතීන්ට එහි සාමාජිකයන්ගේ සහාය නැත්නම්, එය බල රහිතය. එහෙත් මහජන අනුමැතිය නොමැතිව, එ.ජා. සාමාජිකයන් බොහෝදෙනෙකු, එක්සත් ජාතීන්ට සහාය නොවනු ඇත. උදාහරණයක් වශයෙන්, ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පවසන ආකාරයට, “සෝමාලියාවේ හා බොස්නියාවේ කැපීපෙනෙන අසමත්වීම් හේතුකොටගෙන සංවිධානය නාස්තිකර එකක් පමණක් නොව, නමුත් ඇත්තෙන්ම අනතුරුදායක එකක් බව බොහෝ අමෙරිකානුවන්ට ඒත්තුගොස් ඇත.” ප්‍රතිඵලයක් වශයෙන් මහජනයාට ඇති මෙම ආකල්පය, එක්සත් ජාතීන්ට සපයන එ.ජ. මූල්‍යමය ආධාර අඩු කරන්නයයි යෝජනා කිරීමට ඇතැම් අමෙරිකානු දේශපාලනඥයන්ට ඒත්තුගන්වා තිබේ.

එක්සත් ජාතීන්ව බලවත් ලෙස විවේචනය කිරීමට අවස්ථාව එළඹෙන විට පුවත් සංවිධාන පසු නොබසී. එ.ජා. මෙහෙයුම්වල විවිධ අංග විස්තර කරන විට, විශේෂත්වයකින් තොරව “මුළුමනින්ම අසමර්ථ,” “කරදරකාරි,” “අකාර්යක්ෂම” සහ “සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත,” වැනි ප්‍රකාශ යොදා ඇත. ද වොෂිංටන් පෝස්ට් නැෂනල් වීක්ලි එඩිෂන් මෑතකදී ප්‍රකාශ කළේ, “එක්සත් ජාතීන් සැබෑ ලෝකයට අනුව සකස්වීමට වෙර දරන මන්දගාමී නිලතන්ත්‍රයක් සේ පවතින” බවය.

රුවන්ඩාවේ සමූලඝාතනය පිළිබඳව මහලේකම් බූට්‍රොස් බූට්‍රොස්-ඝාලි, සිය නිෂ්ඵලත්වය ප්‍රකාශ කිරීම, වෙනත් පුවත්පතක් උපුටා දැක්වීය. ඔහු මෙසේ පැවසීය: “එය එක්සත් ජාතීන්ගේ අසමර්ථකමක් පමණක් නොව; එය අන්තර්ජාතික ප්‍රජාවෙහිම අසමර්ථයකි. තවද අප සියලුදෙනාම මෙම අසමර්ථයට වගකිව යුතුය.” එක්සත් ජාතීන් “සාමයට විශාලතම තර්ජනය වන, න්‍යෂ්ටික අවි පැතිරීම නැවැත්වීමට අසමත් වී ඇතැයි,” 1993 රූපවාහිනී ජනප්‍රිය විශේෂ ප්‍රවෘත්ති විකාශනයක් ප්‍රකාශ කළේය. රූපවාහිනී වැඩසටහන වැඩිම වුණොත් “වසර ගණනාවක් පුරා කතාවට පමණක් සීමාවූ” එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ගැන කතා කළේය.

මෙම පුළුල්ව පැතිරගිය බලාපොරොත්තු විරහිතභාවයේ හැඟීම්වලින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ මනස් බෙහෙවින් බරවී ඇති අතර, එය ඔවුන්ගේ නිෂ්ඵලත්වයද වැඩි කර තිබේ. එහෙත්, නිෂ්ඵලවීම් තිබියදීත්, එක්සත් ජාතීන්ගේ 50වන සංවත්සරයේදී, බොහෝදෙනෙකු ඒකාන්තව සිතීම යළි අලුත් කර තිබෙන බවද, නැවුම් ආරම්භයක් සඳහා බලාපොරොත්තු වන බවද පෙනෙන්ට තිබේ. එක්සත් ජාතීන්ගේ දුර්වලතා ගැන පිළිගන්නවා වුවත්, තානාපතිනි ඕල්බ්‍රයිට් මෙසේ පැවසීමෙන් බොහෝදෙනෙකුගේ අදහස් ප්‍රතිනාද කළාය: “අප අතීතයේදී සිටියේ කොතැනද, අප ගමන් කරමින් සිටින්නේ කොතැනකටද යන්න ගැන කතා කිරීම අපහට නවත්වන්ට සිදුවෙනවා.”

ඇත්තෙන්ම, ලෝකය ගමන් ගනිමින් සිටින්නේ කොතැනකටද? යුද්ධයෙන් තොර ලොවක් කවදා හෝ තිබෙනු ඇද්ද? එසේනම්, එක්සත් ජාතීන්ට එතුළ තිබෙනු ඇති කාර්යභාරය කුමක්ද? ඇරත්, ඔබ දේව-භයැති කෙනෙකු නම්, ‘දෙවියන්වහන්සේට එතුළ තිබෙනු ඇත්තේ කිනම් කාර්යභාරයක්ද’ කියා ඔබ ඇසිය යුතුය.

[4වන පිටුවේ කොටුව]

නිෂ්ඵල වෑයම්

යුද්ධ, දුගීකම, අපරාධ සහ දූෂණය තිබෙන තාක්කල් සාමය සහ සුරක්ෂිතභාවය පැවතිය නොහැක. එක්සත් ජාතීන් මෑතකදී මතු සංඛ්‍යා ලේඛන නිකුත් කළේය.

යුද්ධ: “වර්ෂ 1989 සහ 1992 අතර සන්නද්ධ ගැටුම් 82න්, 79ක්, රටවල් තුළම සිදුවූ අතර බොහොමයක් ජනවාර්ගික ගැටුම් විය; තුවාල ලැබූවන්ගෙන් සියයට 90ක් පොදු ජනයා විය.”—එක්සත් ජාතීන්ගේ මහජන තොරතුරු දෙපාර්තමේන්තුව (එ.ජා.ම.තො.දෙ.)

යුද්ධෝපකරණ: “රටවල් 48ක නිෂ්පාදකයන් 95කට වඩා හමුදාභට විරෝධී බිම්බෝම්බ මිලියන 5 සහ 10 අතර ප්‍රමාණයක් සෑම වසරකම නිපදවන බව ජා.ර.කු.ක. [ජාත්‍යන්තර රතු කුරුස කමිටුව] තක්සේරු කරයි.”—සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (ස.එ.ජා.ම.කා.)

“අප්‍රිකාවේ, රටවල් 18කට වඩා ප්‍රමාණයක බිම්බෝම්බ මිලියන 30ක් පමණ විසිරී ඇත.”—ස.එ.ජා.ම.කා.

දුගීකම: “ලොව පුරා, සෑම පස්දෙනෙකුගෙන් එක්කෙනෙකුම—එනම් සමස්තයක් වශයෙන් ගත් කල බිලියනයකට වඩා—දුගීකමේ මට්ටමෙන් පහත ජීවත්වන අතර, වාර්ෂිකව මිලියන 13 සිට මිලියන 18ක ගණනක් දුගීකම සම්බන්ධ හේතුකාරකයන්ගෙන් මියයති.”—එ.ජා.ම.තො.දෙ.

අපරාධ: “එක්දහස් නවසිය අසූගණන්වල සිට සෑම වසරකම ලොව පුරා සියයට 5ක සාමාන්‍යයකින් වාර්තාගත අපරාධ වැඩිවී තිබේ; අ.එ.ජ.හි පමණක් වාර්ෂිකව අපරාධ මිලියන 35ක් සිදු කෙරේ.”—එ.ජා.ම.තො.දෙ.

දූෂණය: “පොදු දූෂණය සාමාන්‍ය දෙයක් බවට පත්වේ. ඇතැම් රටවල මූල්‍යමය වංචාව නිසා, රටේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10ක් වැයවන බවට තක්සේරු කර තිබේ.”—එ.ජා.ම.තො.දෙ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න