අත්හදා බැලීමට යෝජනා
‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’
“හුඟදෙනෙක් හිතන්නේ පරිණාමවාදය ඔප්පු කරපු සත්‍යයක් කියලා. ඔයා හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන හොයලා බැලුව තවත් හුඟදෙනෙක් මේ හැම දේම නිර්මාණය කළා කියන එකට පැහැදිලි සාක්ෂි හොයාගෙන තියෙනවා. [හෙබ්‍රෙව් 11:1 කියවන්න. ඊටපස්සේ සඟරාව දීලා 2වෙනි පිටුව පෙන්වන්න.] මම කැමතියි ආපහු ඇවිත් 29වෙනි පිටුවේ තියෙන ‘ඔබ විශ්වාස කරන දේ වැදගත්ද?’ කියන ප්‍රශ්නය සාකච්ඡා කරන්න.”
මුරටැඹ ජනවාරි 1
“ලෝකේ පුරාම අල්ලස් හා දූෂණය පැතිරිලා. ඒක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා. ඔයා හිතන විදිහට ඒකට හේතුව මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ කියන මේ දේත් ඒකට එක හේතුවක්. [දේශනාකාරයා 7:20 කියවන්න.] අල්ලස් හා දූෂණය නැති වෙන විදිහ ගැන මේ සඟරාවේ කතා කරනවා. ඒ ගැන කියවලා බලන්න.”
පිබිදෙව්! ජනවාරි
“මිනිස්සු පරිණාමය වුණා කියලා හුඟක් අය හිතනවා. සමහරු ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔයා මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පර්යේෂකයෝ කියනවා ජීවයක් බිහි වෙන්නේ තවත් ජීවයකින් කියලා. ඒක ඇත්ත කියලා බයිබලයේ කියන මේ දෙයින් පැහැදිලි වෙනවා. [ගීතාවලිය 36:9 කියවන්න.] ජීවීන් හැදිලා තියෙන විදිහ හරිම සංකීර්ණයි කියලා හිතන අය දන්නවා ජීවය ඉබේ ඇති වෙන්න විදිහක් නැහැ කියලා. ඒ අයගේ අදහස් මේ සඟරාවේ තියෙනවා.”