අප කළ සේවය
අගෝස්තු මාසේ පැවැත්තුව තුන්දින සමුළු දෙකට 9,007දෙනෙක් ආවා. යෞවනයන් හුඟදෙනෙක් ඇතුළුව 180දෙනෙක් බව්තීස්ම වුණා. රට පුරා ඉන්න දෙමළ භාෂාව කතා කරන සහෝදරයන් වෙනුවෙන් යාපනයේ සමුළුවක් පැවැත්තුවේ මුල් වතාවටයි. ඒ සමුළුවේ ඉරිදා දවසේ බිහිරි අය 33දෙනෙක් ආව එක විශේෂ දෙයක් වුණා. යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානය තුළට “වටිනා වස්තු” ගෙන එනවා දකින්න ලැබෙන එක සතුටක්. අවසානය අද්දර ඉන්න අපි හැමෝගෙම අධිෂ්ඨානය දිගටම ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්නයි.’—හග්. 2:7; මතෙ. 6:33.