අත්හදා බැලීමට යෝජනා
ජනවාරි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“සමහරු හිතනවා දෙවියන් අද්භූත බලවේගයක් කියලා. තවත් අය කියන්නේ ඔහු ස්වර්ගයේ ඉන්න ප්‍රේමණීය පියෙක් කියලා. දෙවියන් මොන වගේ කෙනෙක් කියලද ඔයා හිතන්නේ?” ප්‍රතිචාරයට ඉඩහරින්න. ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ ජනවාරි 1
“අද අපි කතා කෙරුවේ කාටත් මුහුණ දෙන්න වෙන දෙයක් ගැන. ඒ තමයි අපේ පවුලේ කෙනෙක්ගේ, හිතවතෙක්ගේ මරණය. ඒ වේදනාව තරම් වේදනාවක් මේ ලෝකේ තවත් නෑ නේද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුඟක් අය මේ බයිබල් පදය කියවලා සහනයක් ලබලා තියෙනවා. [යෙසායා 25:8 කියවන්න.] මරණය නැති කරනවා කියලත් මැරුණ අයට නැවත ජීවිතය ලබා දෙනවා කියලත් බයිබලයේ තියෙන පොරොන්දුව ගැන මේ සඟරාවේ විස්තර කරනවා.”
පිබිදෙව්! ජනවාරි
“හැම පවුලකටම වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඒකට එකඟ වෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න මොනවද ඕන කරන්නේ කියලා මේ බයිබල් පදේ කියනවා. [හිතෝපදේශ 24:3 කියවන්න.] බයිබලයේ නැණවත් මඟ පෙන්වීම් දීලා තියෙනවා කියලා හුඟක් අය තේරුම් අරන් තියෙනවා. පවුලේ හැම කෙනෙක්ටම ප්‍රයෝජනවත් වන බයිබල් උපදෙස් ලබාගන්න පුළුවන් වටිනා වෙබ් අඩවියක් ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා.”