නිවේදන
◼ දෙසැම්බර්: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හෝ ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ හා ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්. පත්‍රිකාවකින් පාඩමක් පටන්ගන්න උත්සාහ කරන්න. 2015 ජනවාරි සහ පෙබරවාරි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ හෝ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ ‘දෙවිට සවන් දෙන්න’ යන සඟරාවලින් එකක්. මාර්තු: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා.
◼ 2016දී යේසුස්ගේ මරණය සිහි කරන්නේ මාර්තු 23වෙනි බදාදායි.
◼ මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරන්න යොදලා තිබුණ සැලැස්ම 2015 ජනවාරි 1වෙනිදා ඉඳලා නවත්වනවා. සාමාන්‍ය විදිහට එදාටත් සඟරා දෙන්න පුළුවන්. මාසයේ ඕනම දවසක සඟරාවකින් හරි පොතකින් හරි බයිබල් පාඩම් පටන්ගන්න පුළුවන්.