ඔබ ‘සතුටු වෙන්න’ හේතුව මොකක්ද?
1. ‘සතුටු වෙන්න’ අපිට තියෙන හේතුව මොකක්ද?
1 අපේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දෙද්දී ඒ ගැන ‘සතුටු වෙන්න’ අපිට හොඳ හේතුවක් තියෙනවා. (ගලා. 6:4) අපි පැය 130ක් වාර්තා කරන විශේෂ පුරෝගාමියෙක් වුණත් විනාඩි 15ක් වාර්තා කරන්න අවසර තියෙන ප්‍රචාරකයෙක් වුණත් ඒක යෙහෝවා දෙවි වෙනුවෙන් මුළු හදවතින්ම කරපු නිසා අපිට සතුටු වෙන්න පුළුවන්.—ගීතා. 100:2.
2. යෙහෝවා දෙවි වෙනුවෙන් අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ ඇයි?
2 මේ විශ්වයේ පාලකයා යෙහෝවා දෙවි නිසා අපේ හොඳම දේ ලැබෙන්න ඕනේ ඔහුටයි. (මලා. 1:6) අපි දෙවිට ආදරේ නිසා ඔහුගේ කැමැත්ත කරන්න අපි අපේ ජීවිත කැප කළා. ඒ නිසා දවස අවසානයේදී නැත්නම් මාසේ අවසානයේදී අපේ කාලය, ශ්‍රමය, හැකියාවන් දෙවිගේ සේවය වෙනුවෙන් උපරිමයෙන් යෙදෙව්වා නම් ඒ කියන්නේ අපේ “අස්වැන්නේ මුල්ම පලදාව” අපි දෙවිට දුන්නා නම් අපිට සතුටු වෙන්න පුළුවන්. (හිතෝ. 3:9) ඒත්, ‘මීට වඩා කරන්න තිබුණා’ කියලා අපිට හිතෙනවා නම් වැඩිපුර කරන්න පුළුවන් කොහොමද කියලා අපි හිතලා බලන්න ඕනේ.—රෝම 2:15.
3. සැසඳීම් කරන එක ඥානවන්ත දෙයක් නොවන්නේ ඇයි?
3 ‘අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය නැහැ’: අපි කරන සේවය, අනික් අය කරන සේවයත් එක්ක සන්සන්දනය කරන එක හෝ අපි කලින් කරපු සේවය එක්ක සන්සන්දනය කරන එක ඥානවන්ත දෙයක් නෙමෙයි. ඒකට හේතුව අපි එක් එක් කෙනාගේ හැකියාවන් වෙනස්. අපේ තත්වයනුත් වෙනස් වෙනවා. සැසඳීම් කිරීමෙන් තරඟකාරී ස්වභාවයක් ඇති වෙන්න හරි තමන් වටින්නේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න හරි පුළුවන්. (ගලා. 5:26; 6:4) යේසුස් කවදාවත් කෙනෙක්ව තවත් කෙනෙක් එක්ක සන්සන්දනය කළේ නැහැ. ඒ වෙනුවට ඒ කෙනාට කරන්න පුළුවන් දේ ගැන ප්‍රශංසා කළා.—මාක් 14:6-9.
4. තලෙන්ත ගැන යේසුස් කිව්ව උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
4 තලෙන්ත ගැන යේසුස් කිව්ව උපමාවේ, එක් එක් දාසයාට තලෙන්ත ලැබුණේ ඒ ඒ දාසයාගේ ‘හැකියාවට අනුවයි.’ (මතෙ. 25:15) තමන්ට ලැබුණ තලෙන්තවලින් කරපු දේ ගැන ස්වාමියා එයාලගෙන් ඇහුවා. තමන්ගේ හැකියාවට හා තත්වයට අනුව මහන්සි වෙලා වැඩ කරපු අයට ස්වාමියා ප්‍රශංසා කළා. ඔහුත් එක්ක ප්‍රීති වෙන්නත් එයාලට අවස්ථාව දුන්නා. (මතෙ. 25:21, 23) ඒ වගේ අපිත් දේශනා සේවයේ හවුල් වෙද්දී අපේ උපරිමය කරනවා නම් අපිට දෙවිගේ අනුමැතිය ලැබෙනවා වගේම ප්‍රීති වෙන්නත් පුළුවන්.