යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අරමුණෙන් ජීවත් වෙන්න
ජීවිතය දෙවිගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. ගත වෙන දවසක් ගානේ අපි ජීවත් වෙන විදිහෙන් අපි ඒක කොච්චර අගය කරනවාද කියලා පෙන්වන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි අපේ හැකියාවන් පාවිච්චි කරන්නේ අපිට ජීවිතය දුන්න යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නයි. (ගීතා 36:9; එළි 4:11) ඒත් එදිනෙදා ජීවිතේ අපි අද්දකින ප්‍රශ්න නිසා දෙවිට මුල් තැන දීලා වැඩ කරන්න අපිට තියෙන අධිෂ්ඨානය දෙවෙනි තැනට වැටෙන්න පුළුවන්. (මාක් 4:18, 19) ඒ නිසා මේ ගැන හිතන්න: ‘මං යෙහෝවා දෙවිට මගේ හොඳම දේ දෙනවාද? (හොෂෙ 14:2) මං කරන රස්සාව දෙවිට කරන සේවයට බාධාවක්ද? නමස්කාරය පැත්තෙන් මට තියෙන්නේ මොන වගේ ඉලක්කද? මගේ සේවය තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?’ ඒ දේවල් ගැන හිතලා වෙනස්කම් කරගන්න ඕනෙ කියලා තේරුණොත් දෙවිට යාච්ඤා කරලා ඒ වෙනස්කම් කරගන්න. අපි දෙවිට ප්‍රශංසා ගෙන දෙන විදිහට ජීවත් වෙනවා නම් සතුටින් පිරුණු තෘප්තිමත් ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්.—ගීතා 61:8.
ඔයාගේ හැකියාවන් ඔයා යොදවන්නේ කවුරු වෙනුවෙන්ද?
‘ඔයාගේ දක්ෂතා යෙහෝවා දෙවි වෙනුවෙන් පාවිච්චි කරන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
ඔයාගේ හැකියාවන් සාතන්ගේ ලෝකය වෙනුවෙන් යොදවන එක මෝඩ දෙයක් වෙන්නේ ඇයි? (1යොහ 2:17)
හොඳම දේ යෙහෝවා දෙවිට දෙන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?
ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන් යෙහෝවා දෙවිගේ සේවයේ මොන වගේ දේවල් කරන්නද?