ජූලි 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 99 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 3වන පරි. 4-11 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 11-14 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 11:14-25 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යොහන් 6:53-57හි සඳහන් දෙයින් අදහස් වන්නේ කුමක්ද?—gt 55 පරි. (විනා. 5යි)
අංක 3: මෘදුකම කියන්නේ කුමක්ද? සුබවාදී වීමට එය අපට උපකාර කරන්නේ කෙසේද?—මතෙ. 5:5 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: නැවත බැලීම් හොඳට කරමු. මේ ප්‍රශ්න පාවිච්චි කරලා සාකච්ඡාවක් කරන්න. (1) නැවත බැලීමකට යන හැම වතාවේදීම ඉලක්කයක් තියාගන්න ඕනේ ඇයි? (2) නැවත බැලීම් කරන මුල්ම දවස්වලදී ඒ සඳහා කොච්චර කාලයක් ගත කරන්න ඕනෙද? (3) නැවත බැලීම්වලට යන කොට අපිව හඳුන්වලා දෙන්න ඕනේ කොහොමද? (4) කැමති නැහැ කියලා ගෙහිමියා කිව්වොත්? (5) පත්‍රිකාවක්, මාසික නොවන සඟරාවක් හෝ මාසික සඟරා ලබාගත්ත කෙනෙක් එක්ක නැවත බැලීම් කරන කොට, බයිබලයේ ඉගැන්වීම් පොත හඳුන්වා දෙන්න පුළුවන් කොයි අවස්ථාවේදීද? කොහොමද? (6) යන යන සැරේට ගෙහිමියා ගෙදර නැත්නම් සත්‍යය ගැන ඔහු තුළ උනන්දුවක් ඇති කරන්නේ කොහොමද? (7) නැවත බැලීම් කරන කොට අද්දැකීම් අඩු ප්‍රචාරකයන්ව පුහුණු කරන්න පුළුවන් කොහොමද?
විනා. 15: “ඔබ ‘සතුටු වෙන්න’ හේතුව මොකක්ද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හතරවෙනි ඡේදය සාකච්ඡා කරද්දී හැම මාසෙකම ක්ෂේත්‍ර සේවය වාර්තා කරන්න හැමෝටම දිරිගන්වන්න. වර්ෂ 2006 දෙසැම්බර් රාජ්‍ය සේවාවේ 4වෙනි පිටුවේ 2-8 ඡේද දක්වා කොටසෙන් අදාළ කරුණු සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 9 සහ යාච්ඤාව