බයිබලය—නිවැරදි ඉතිහාසය හා නොවරදින අනාවැකිවලින් පිරි පොතක්
ඓතිහාසික වශයෙන් බයිබලය නිවැරදියි කියා ඔප්පු කිරීමට තිබෙන සාක්ෂි මොනවාද? ඉටු වීමට නියමිත බයිබල් අනාවැකි එලෙසින්ම ඉටු වෙයි කියා අපට ස්ථිර විය හැක්කේ අතීතයේදී ඉටු වූ කුමන අනාවැකිවලින්ද? එවැනි ප්‍රශ්නවලට බයිබලය—නිවැරදි ඉතිහාසය හා නොවරදින අනාවැකිවලින් පිරි පොතක් යන DVD තැටියේ තුන්වන කොටසේ එනම්, බයිබලය—සත්‍යය තොරතුරු හා අනාවැකිවලින් යුත් පොතකි යන කොටසින් පිළිතුරු සොයාගත හැකියි. ඒ වීඩියෝ තැටිය නැරඹීමෙන් පසු ඔබට පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න හැකි වෙයි.
(1) බයිබලයේ සඳහන් තොරතුරු එතරම් නිවැරදි වීමට හේතුව කුමක්ද? (දානි. 2:28) (2) ඊජිප්තුව සම්බන්ධයෙන් බයිබලයේ වාර්තා වී තිබෙන තොරතුරු කොතරම් නිවැරදිද? යෙසායා 19:3, 4හි සඳහන් වදන් ඉටු වුණේ කොහොමද? (3) ඇසිරියානු ජාතිකයන් ගැනත් ඔවුන්ගේ රජවරුන් ගැනත් ඇසිරියානු අධිරාජ්‍යයේ විනාශය ගැනත් බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදි බව පුරාවිද්‍යාවෙන් ඔප්පු වී තිබෙන්නේ කොහොමද? (නාහු. 3:1, 7, 13) (4) බැබිලෝනිය සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකි මොනවාද? (යෙරෙ. 20:4; 50:38; 51:30) (5) මේද පර්සියාව සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකි මොනවාද? (යෙසා. 44:28) (6) දානියෙල් 7:6 සහ 8:5, 8හි ග්‍රීසිය ගැන සඳහන් අනාවැකි ඉටු වුණේ කොහොමද? (7) රෝමය ලෝක අධිරාජ්‍යයක් බවට පත් වීමත් සමඟ දානියෙල් 7:7හි සඳහන් වදන් ඉටු වුණේ කොහොමද? (8) රෝම අධිරාජ්‍යය පාලනය කළ කුමන සීසර්වරුන් ගැන බයිබලයේ සඳහන් වෙනවාද? (9) නීරෝගේ පාලන සමය තුළ ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වුණේ කුමන තත්වයන්වලටද? (10) එළිදරව් 13:11 සහ 17:10හි සඳහන් අනාවැකි ඉටු වී ඇත්තේ කොහොමද? (11) අටවන රජ කවුද? (12) දේශනාකාරයා 8:9හි සඳහන් වදන් නිවැරදි බව තහවුරු වන්නේ මේ වීඩියේ තැටියේ තිබෙන කුමන දර්ශනවලින්ද? (13) ඔබ ඉතා ආශාවෙන් බලා සිටින්නේ ඉටු වීමට නියමිත කුමන අනාවැකි ගැනද? (14) බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් බව අන් අයට තහවුරු කිරීම සඳහා ඔබට මේ වීඩියෝ තැටිය යොදාගන්න පුළුවන් කොහොමද?