බයිබලය—නිවැරදි ඉතිහාසය හා විශ්වාස කළ හැකි අනාවැකි අඩංගු පොතකි නමැති වීඩියෝ පටයෙන් ඉගෙනගැනීම
මේ වීඩියෝ පටය නැරඹීමෙන් පසු, මතු දැක්වෙන ප්‍රශ්නවලට ඔබට උත්තර දිය හැකිද? (1) බයිබලයේ සඳහන් විශ්වාසදායක තොරතුරු පිටුපස සිටින්නේ කවුද? (දානි. 2:28) (2) බයිබලය පුරාණ මිසරය ගැන නිවැරදි පින්තූරයක් අපට දකින්න සලස්වන්නේ කෙසේද? යෙසායා 19:3, 4හි සඳහන් අනාවැකිය සැබෑවක් වූයේ කෙසේද? (3) අෂූරිවරුන්, ඔවුන්ගේ රජවරුන් හා අෂූරියේ විනාශය ගැන බයිබලයේ සඳහන් විස්තරය පුරාවිද්‍යාව මගින් තහවුරු කර තිබෙන්නේ කෙසේද? (නාහූම් 3:1, 7, 13) (4) ඉටු වී තිබෙන්නේ බබිලෝනිය හා සම්බන්ධ කිනම් අනාවැකිද? (5) මේද-පර්සියාව දෙවිගේ සෙනඟ කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළාද? (6) දානියෙල් 8:5, 8හි සඳහන් දෑ ඉටු වූයේ කෙසේද? මෙම අනාවැකිය පැවසුවේ එහි ඉටුවීමට කොතරම් කාලයකට කලින්ද? (7) යේසුස් සැබෑ මෙසියස් බව ඔප්පු වූයේ කෙසේද? (8) එළිදරව් 13:11 සහ 17:11හි සඳහන් අනාවැකි ඉටු වන්නේ නවීන දින කිනම් දේශපාලනික බලවේග මගින්ද? (9) දේශනාකාරයා 8:9හි සඳහන් වදන්වල සත්‍යතාව තහවුරු වන්නේ වීඩියෝ පටයේ කුමන දර්ශන මගින්ද? (10) අනාගතය පිළිබඳ බයිබලයේ සඳහන් පොරොන්දු ගැන ඔබට ඇති විශ්වාසය මෙම වීඩියෝ පටය මගින් ශක්තිමත් වූයේ කෙසේද? (11) බයිබලය දේවානුභාවයෙන් ලියන ලද පොතක් බව අන් අයට ඒත්තුගැන්වීම සඳහා මෙම වීඩියෝ පටය ඔබට යොදාගත හැක්කේ කෙසේද?