ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 9/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යයේ පාලනය දැනටමත් පටන් අරන්!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබලය—නිවැරදි ඉතිහාසය හා නොවරදින අනාවැකිවලින් පිරි පොතක්
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • බයිබල් අනාවැකිවලින් ඉගෙනගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 7වෙනි කොටස
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 9/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

බයිබලයේ අනාවැකි තියෙන්නේ ඇයි?

බයිබලයේ විස්තර ඇතුළත් අනාවැකි තියෙනවා. අනාගතයේදී සිද්ධ වෙන දේවල් එකිනෙක විස්තර කරන්න කිසි මිනිසෙකුට බැහැ. බයිබල් අනාවැකි ඉටු වීමෙන් බයිබලය දේවවචනය කියන එක තහවුරු වෙනවා.—යොෂුවා 23:14; 2 පේතෘස් 1:20, 21 කියවන්න.

දැනටමත් ඉටු වෙලා තියෙන අනාවැකිවලින් දෙවියන් ගැන විශ්වාසය වැඩි වෙනවා. (හෙබ්‍රෙව් 11:1) ඒ වගේම ප්‍රීතිමත් අනාගතයක් ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දු සැබෑ වෙනවා කියන එකත් පැහැදිලියි. ඒ නිසා බයිබල් අනාවැකිවලින් අපිට ස්ථිර බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.—ගීතාවලිය 37:29; රෝම 15:4 කියවන්න.

බයිබල් අනාවැකි පියවර ගන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

සමහර අනාවැකිවලින් දෙවියන්ගේ සෙනඟට පියවරක් ගන්න ඕන කියලා පැහැදිලිව කියලා තිබුණා. උදාහරණෙකට මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් අනාවැකි ඉටු වෙනවා දකිද්දී යෙරුසලමෙන් පලා ගියා. වැඩිදෙනෙක් යේසුස්ව ප්‍රතික්ෂේප කරපු නිසා ඒ නගරය විනාශ කරද්දී පලා ගිය අය ආරක්ෂා වුණා.—ලූක් 21:20-22 කියවන්න.

අද දින ඉටු වෙන අනාවැකිවලින් පේන්නේ දේවරාජ්‍යය මගින් ළඟදීම මිනිසුන්ගේ පාලනයන්ට අවසානයක් ගේනවා කියලයි. (දානියෙල් 2:44; ලූක් 21:31) දෙවියන් පත් කරපු රජු වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුමැතිය දිනාගන්න නම් හැම කෙනෙක්ම දැන්ම පියවර ගන්න ඕනේ.—ලූක් 21:34-36 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 2වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.jw.org/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න