ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/04 1 පි.
  • ඔබට හැකිද අත දෙන්න?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට හැකිද අත දෙන්න?
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අනිත් අයට උපකාර කරන්න ඔබ ‘කැමතිද?’
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • ඇදහිලිවන්ත මහලු අයව අමතක නොකරන්න
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • උදව් කරන්න කැමතිද?
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමට අපිට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?
    2000 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2004 අපගේ රාජ්‍ය සේවාව
km 11/04 1 පි.

ඔබට හැකිද අත දෙන්න?

1 යෙහෝවා තම පක්ෂපාත සේවකයන්ට අත දිය හැකි ක්‍රම සැමවිටම සොයා බලනවා. (2 ලේක. 16:9; යෙසා. 41:10, 13) ඔහුව සැලකිලිමත් එඬේරෙකුට සමාන කරමින් යෙසායා මෙසේ ලීවේය: “තමන් අතින් බැටළු පැටවුන් එක්කොට ගෙන තමන් ළයේ දරමින් කිරිදෙන බැටළුදෙනුන් හෙමින් දක්කා ගෙන යන්නේය.” (යෙසා. 40:11) යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල අනුකරණය කිරීමට අපට හැකි ඇතැම් ක්‍රම සලකා බලන්න.

2 නවකයන්ට උපකාර කරන්න: අප සමඟ ගොඩනංවනසුලු ඇසුරක් පවත්වන්න නවකයන්ට ආරාධනා කිරීමෙන් ඔවුන්ට අත දෙන්න අපට පුළුවන්. (හිතෝ. 13:20) එක් සහෝදරයෙක් තමා සභාව සමඟ ඇසුරු කිරීමට පටන්ගත් කාලයේ අන් අය තමාට අත හිත දුන් ආකාරය මතකයට නඟන්නේ මෙසේයි. “එක් පවුලක් ඔවුන්ගේ පවුල් පාඩමට මාවත් කීප වතාවක්ම හවුල් කරගත්තා. මම ටිකෙන් ටික දියුණු වෙද්දී තරුණ පුරෝගාමී යුවළක් ඔවුන් එක්ක දවස පුරාම දේවසේවයේ හවුල් වෙන්න මට නිතර ආරාධනා කළා. අපි හැම වෙලාවෙම හොඳ ආත්මික සංවාදයන් පැවැත්තුවා.” තවදුරටත් ඔහු මෙසේත් පැවසුවා. “ක්‍රිස්තියානියෙකු වෙන්න කලින් මම හැම සිකුරාදා සහ සෙනසුරාදාම රාත්‍රි කාලවලදී විනෝද වෙන්න පිටට ගියා. ඒත් හොඳ ආශ්‍රයක් භුක්ති විඳින්න ලැබුණේ සහෝදරයන් එක්ක කාලය ගත කිරීමෙනුයි.” සභාවෙන් ලැබුණ ප්‍රේමණීය සැලකිල්ල, මෙම සහෝදරයාට ඇදහිල්ලෙහි ශක්තිමත් වී ස්ථිරව සිටීමට උපකාරවත් වුණා. දැන් ඔහු බෙතෙල් පවුලේ සාමාජිකයෙකු වශයෙන් සේවය කරනවා.—කොලො. 2:6, 7.

3 එකිනෙකාව ගොඩනංවන්න: අපේ සහෝදරයන් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට ඔවුන්ට අත දෙන්න හැකි අවස්ථාවක් තිබෙන බව අපට පෙනී යා හැකියි. අසනීප තත්වයෙන් පසු වෙන ප්‍රචාරකයෙකු සමඟ එක් වී දුරකථනයෙන් සාක්ෂි දරන්න සැලසුම් යෙදීමට ඔබට හැකිද? එසේ නැත්නම් ඔබේ බයිබල් පාඩමකට යෑමට ඔහුට ආරාධනා කිරීමට හෝ ඔහුගේ නිවසට ශිෂ්‍යයාව ගෙන ඒමට හැකිද? දේවසේවයේ යෙදෙද්දී කුඩා දරුවන් සිටින දෙමාපියන්ට අත දෙනවා නම් ඔවුන් එය අගය නොකරාවිද? නැවත බැලීම් කරන විට හෝ දේවසේවයේ වෙනත් අංගයන්වල යෙදෙන විට ඔබේ උපකාරය ලබන්න කැමති ලජ්ජාශීලී අය සිටිනවාද? අපේ සහෝදරයන් කෙරෙහි තිබෙන ප්‍රේමණීය සැලකිල්ල, ඔවුන්ව ගොඩනංවන්න මාර්ග සෙවීමට අපව පොලඹවයි.—රෝම 14:19.

4 යෙහෝවා තම සේවකයන්ට දක්වන මුදු මොළොක් සැලකිල්ල අප අනුකරණය කරද්දී, අපි එකිනෙකාව ශක්තිමත් කරන අතර සභාව තුළ ප්‍රේමය වර්ධනය කිරීමටත්, අපේ ස්වර්ගික පියාණන්ව මහිමවත් කිරීමටත් අපි දායක වෙනවා.—එෆී. 4:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න