ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/04 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • නොවැම්බර් 8න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 15න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 22න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 29න් පටන්ගන්නා සතිය
  • දෙසැම්බර් 6න් පටන්ගන්නා සතිය
2004 අපගේ රාජ්‍ය සේවාව
km 11/04 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

නොවැම්බර් 8න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 180

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. සෝදිසියෙන් සිටින්න! යන විවරණිකාව බෙදාහැරීමේ විශේෂ වැඩ පිළිවෙළ අවසන් වන්නේ නොවැම්බර් 14වන දාය. නොවැම්බර් මාසයේ ඉතිරි දිනවලදී ඉදිරිපත් කරනු ඇත්තේ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොතය. වර්ෂ 2004 මැයි අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ ඉදිරිපත් කිරීම් කෙටියෙන් සලකා බලන්න.

විනා. 15: සේවා රැස්වීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපගේ දේවසේවය පොතේ 71 සහ 72වන පිටු මත පදනම්ව සභාව සමඟ සාකච්ඡාවක්. ක්‍රිස්තියානි දේවසේවකයන් වශයෙන් දියුණු වීමට සේවා රැස්වීම අපට උපකාර කරන ක්‍රම පහ මොනවාද? මේ මාසයේ සේවා රැස්වීමේ වැඩසටහනෙන් උපුටාගත් උදාහරණ සඳහන් කරන්න. කලින් සූදානම් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? නිතිපතා පැමිණිය යුත්තේ මන්ද? මෙම රැස්වීම සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය ආදර්ශය කුමක්ද?

විනා. 20: “හදිසිතාවේ හැඟීමක් තබාගන්න!”a වර්ෂ 2000 ජනවාරි 15 මුරටැඹ 12 සහ 13වන පිටුවලින් අදහස් දක්වන්න.

ගීතිකා අංක 19 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 15න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 170

විනා. 10: සභා නිවේදන. හතරවන පිටුවේ සඳහන් යෝජනා ඔබේ සභාවේ ක්ෂේත්‍රයට ගැළපෙනවා නම් නොවැම්බර් 1 මුරටැඹ සඟරාව සහ නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය පළමු යෝජනාව යොදාගනිමින් නිරූපණය කරන්න. මේ යෝජනා හැර වෙනත් ආකාරයකටත් ඉදිරිපත් කිරීම් කළ හැකියි.

විනා. 15: දීමෙන් කොතරම් සතුටක් ලැබේදැයි ඔබ දන්නවාද? වර්ෂ 2004 නොවැම්බර් 1 මුරටැඹ 19 සිට 23 දක්වා පිටු මත පදනම් කතාවක්.

විනා. 20: නව විවරණිකාව යොදාගනිමින් උනන්දුව වර්ධනය කරන්න. සේවා අවේක්ෂක විසින් මෙහෙයවන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සෝදිසියෙන් සිටින්න! විවරණිකාව ලබාගත් සෑම පුද්ගලයෙකුගේම උනන්දුව වර්ධනය කිරීමට අප නැවත යා යුතුයි. දෙවන පිටුවේ ඇති පටුන යොදාගනිමින් විවරණිකාව පිළිබඳ කෙටි හැඳින්වීමක් දෙන්න. තද අකුරෙන් ඇති තේමාවලට යටින්, සාමාන්‍ය අකුරෙන් තිබෙන කොටසට අවධානය යොමු කරන්න. ඊළඟ වතාවේදී කෙටි අර්ථවත් සාකච්ඡාවක් කිරීමට එම කොටස යොදාගත හැකියි. උදාහරණයකට, පළමු හමුවීමේදී 3 සහ 4වන පිටුවල කරුණු පෙන්වූවා නම්, ඊළඟ නැවත බැලීමේදී 5වන පිටුවේ සඳහන් “දෙවි අප ගැන ඇත්තටම සැලකිල්ලක් දක්වනවාද?” යන කොටස යොදාගත හැකියි. එය කළ හැකි අයුරු සාකච්ඡා කරන්න. එමෙන්ම 6 සිට 8වන පිටුවල වර්ණයකින් සේයා කළ කොටස් හා 17 සහ 18වන පිටුවල ඇති තොරතුරු හෝ සභා බල ප්‍රදේශයට ගැළපෙන වෙනත් පිටුවල ඇති එවන් කොටස් සලකා බලන්න. වර්ණයකින් සේයා කළ කොටසක් යොදාගෙන නැවත බැලීමක් නිරූපණය කරන්න. සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පදයක් හෝ ඊට වැඩි ගණනක් කියවා සාකච්ඡා කළ යුතුයි. ප්‍රචාරකයා ඊළඟ බැහැදැකීමේදී සාකච්ඡා කළ හැකි වර්ණයකින් සේයා කළ වෙනත් කොටසකට අවධානය යොමු කරමින් එය නිම කරයි.

ගීතිකා අංක 66 සහ අවසාන යාච්ඤාව

නොවැම්බර් 22න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 199

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: නව විවරණිකාව ලබාගත් අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීම. සේවා අවේක්ෂක විසින් මෙහෙයවන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. පසුගිය සේවා රැස්වීමේදී නිරූපණය කළ නැවත බැලීම ගැන කෙටියෙන් පුනරීක්ෂණය කරන්න. එම බැහැදැකීම අවසානයේදී සඳහන් කළ කොටස විශේෂකොට දක්වන්න. ඊළඟ නැවත බැලීම කිරීමටත් (හැකි නම්) එම කොටස කළ ප්‍රචාරකයන්වම යොදාගන්න. ඉන්පසු, විවරණිකාවේ අවසන් පිටුව බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමට යොදාගනී. ඊළඟ බැහැදැකීමේදී ඕනෑ කරන්නේ විවරණිකාවේ 1වන පාඩම සලකා බැලීමට විධිවිධාන යොදයි. සෝදිසියෙන් සිටින්න! විවරණිකාව ලබාගත් අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න කියා සියල්ලන්වම උනන්දු කරන්න.

ගීතිකා අංක 58 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 29න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 23

විනා. 10: සභා නිවේදන. නොවැම්බර් මාසයේ සේවා වාර්තා දැමීමට සියල්ලන්ටම සිහිගන්වන්න. දෙවන යෝජනාව යොදාගනිමින් නොවැම්බර් 15 මුරටැඹ සහ නොවැම්බර් 8 පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් දෙන කතාවක්.

විනා. 25: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම”—3වන කොටස.”b දී ඇති ප්‍රශ්න යොදාගන්න. තුන්වන ඡේදය සාකච්ඡා කළ පසු ඕනෑ කරන්නේ විවරණිකාවේ 5වන පාඩමේ 1වන ඡේදය යොදාගනිමින් කරන බයිබල් පාඩමක් කෙටියෙන් නිරූපණය කර පෙන්වන්න. මේ නිරූපණයේදී ඡේදය කියවා ප්‍රශ්නයට පිළිතුරු දී අවසන්ය. පාඩම පවත්වන්නා සහ ශිෂ්‍යයා යෙසායා 45:18 සහ දේශනාකාරයා 1:4 කියවා සාකච්ඡා කරයි. සාකච්ඡා කරන කරුණට එක් එක් බයිබල් පදය අදාළ වන්නේ කෙසේද කියා ශිෂ්‍යයා ලවා පැහැදිලි කරවීමට පාඩම පවත්වන්නා සරල ප්‍රශ්න අසයි.

ගීතිකා අංක 178 සහ අවසාන යාච්ඤාව.

දෙසැම්බර් 6න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 96

විනා. 10: සභා නිවේදන. දෙසැම්බර් මාසය සඳහා ඉදිරිපත් කරන පොත් පත් සඳහන් කරන්න. ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන විට යොදාගත හැකි ඉදිරිපත් කිරීම් එකක් හෝ දෙකක් නිරූපණය කරන්න.

විනා. 20: “ඔබට හැකිද අත දෙන්න?”c අන් අය විසින් දුන් සහයෝගය හෝ දිරිගැන්වීම අගය කළ ප්‍රචාරකයෙකු හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

විනා. 15: සභා අද්දැකීම්. සෝදිසියෙන් සිටින්න! විවරණිකාව ලබාගත් අයව නැවත බැලීමට යෑමෙන් ලැබූ අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න. කැපී පෙනෙන අද්දැකීම් නිරූපණය කිරීමට කලින් සැලසුම් යොදන්න. විශේෂ වැඩ පිළිවෙළට සහයෝගය දුන් සියල්ලන්ට ප්‍රශංසා කරන්න.

ගීතිකා අංක 101 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න