‘දෙවිට සියල්ලම පුළුවන්’
1 ක්‍රිස්තියානි සභාවේ ප්‍රධාන කාර්යය වන්නේ ලොව පුරා රාජ්‍ය පණිවිඩය දේශනා කිරීමයි. (මතෙ. 24:14) මෙයට විශාල වැඩ කොටසක් ඇතුළත් වෙනවා. අපි කරන මේ කාර්යය ගැන අවධානය යොමු කරන හුඟදෙනෙකුට පෙනීයන්නේ, මේ කාර්යය කරන්න අපි සතුව තිබෙන දේවලට වඩා බොහෝ දේවල් අවශ්‍ය බවයි. අපි විවිධ හිංසා පීඩා, විරුද්ධවාදීකම් හා සමච්චල් කිරීම් මැද මේ පැවරුම ඉටු කරන්නේ කොහොමද කියා සිතාගන්න එක පවා තවත් අයට අමාරු වී තිබෙනවා. (මතෙ. 24:9; 2 තිමෝ. 3:12) ආගමික ඉගැන්වීම් ගැන සැක පහළ කරන්නන් කියා සිටින්නේ මේ කාර්යය කරන්න බැරි දෙයක් කියායි. කොහොමවුණත්, ‘දෙවිට සියල්ලම පුළුවන්’ කියා යේසුස් පැවසුවා.—මතෙ. 19:26.
2 අනුකරණය කිරීමට කදිම ආදර්ශ: යේසුස් මේ කාර්යය පටන්ගත්තේ තනිවමයි. ඔහු මුළු ලෝකයටම එරෙහිව තනිවම නැඟී සිටි පුද්ගලයෙකු හා සමාන වුණා. ඔහු ආරම්භ කළ මේ සේවය කඩාකප්පල් කර දැමීම සඳහා විරුද්ධවාදීන් සිතාගත හැකි සෑම ආකාරයකම පීඩා ගෙන ආවා. අන්තිමේදී ඔහුව වධ දී මරා දැමුවා. කොහොමවුණත් අවසානයේදී යේසුස් දැඩි නිසැකකමකින් යුතුව පැවසුවේ, “මම ලෝකයෙන් ජයගතිමි” කියායි. (යොහ. 16:33) ඇත්තෙන්ම ඔහු අත් කරගත් දෙය විශිෂ්ටයි!
3 යේසුස්ගේ ගෝලයන්ද ඔහු විසින් විදහාපෙන්වූ නිර්භීතකම අනුකරණය කරමින් ජ්වලිතව දේවසේවය කරගෙන ගියා. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු පහර ලැබුවා. සිරගත වීමට සිදු වුණා. මරණයට පවා පත් වුණා. ඒ වුණත්, ‘යේසුස්ගේ නාමය නිසා නින්දා විදින්න තමන් වටිනවා කියා ගණන්ගනු ලැබූ බැවින් ඔවුන් සන්තෝෂ’ වුණා. (ක්‍රියා 5:41) “පොළොවේ සීමාව දක්වා” ශුභාරංචිය දේශනා කිරීම කළ නොහැකි දෙයක් මෙන් පෙනෙන්න තිබුණත්, එය කිරීමේදී යම් තත්වයන් අවාසි පැත්තට හැරුණත්, ඔවුන් එම කාර්යය සාර්ථකව ඉටු කළා.—ක්‍රියා 1:8; කොලො. 1:23.
4 අපේ කාලයේදී සාර්ථක විය හැකි අයුරු: රාජ්‍ය දේශනා කිරීමේ කාර්යය කළ නොහැකියි කියා පෙනෙන්න තිබූ තත්වයන් මැද පවා අපත් ජ්වලිතව එම කාර්යයෙහි හවුල් වී තිබෙනවා. සීමා තහංචි, හිංසා පීඩා, සිරගත කිරීම් හා වෙනත් සාහසිකකම්වලට හැකි වී නැහැ අප ලබන සාර්ථකත්වය අඩාළ කරන්න. මෙයට හේතු වී තිබෙන්නේ කුමක්ද? “බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල [යෙහෝවා කියයි].” (සෙක. 4:6) ඔව්, යෙහෝවාගේ උපකාරය අපට තිබෙන නිසා අපේ සේවය නතර කර දමන්න කිසිම කෙනෙකුට බැහැ!—රෝම 8:31.
5 අප දේශනා සේවයේ හවුල් වන විට බයාදු ගතියක් දැනීමට හෝ ප්‍රමාණවත් සුදුසුකම් නැහැයි කියා හැඟීමක් ඇති කරගැනීමට අපට කිසිම හේතුවක් නැහැ. (2 කොරි. 2:16, 17) රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය දිගටම කරගෙන යෑමට අපට ඕනතරම් හොඳ හේතු තිබෙනවා. යෙහෝවාගේ උපකාරය ඇතුව “නුපුළුවන් දේ” පවා කරන්න අපට පුළුවන්!—ලූක් 18:27.