‘මේ ශුභාරංචිය දේශනා කරනු ලබයි’!
1. දේශනා සේවය නතර කරන්න කිසිවෙකුට බැරි බව අපි දන්නේ කොහොමද?
1 යෙහෝවා දෙවි ඔහුගේ කැමැත්ත අනිවාර්යයෙන්ම ඉටු කරනවා. (යෙසා. 14:24) ගිඩියොන් හා ඔහුගේ මිනිසුන් 300දෙනාට 1,35,000ක් වූ මිදියන් හමුදාව පරාජය කළ නොහැකි බව පෙනෙන්න තිබූ අවස්ථාවේදී දෙවි ගිඩියොන්ට මෙසේ පැවසුවා. “මිදියන්වරුන් අතින් ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්නේ ඔබයි. ඒ සඳහා මම ඔබව පත් කරන්නෙමි.” (විනි. 6:14) අද දින යෙහෝවා දෙවිගේ සහයෝගය ලැබෙන්නේ කුමන සේවයටද? ඒ ගැන යේසුස් පැවසුවේ “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි” කියායි. (මතෙ. 24:14) එම සේවය නතර කරන්න කිසිවෙකුට නොහැකියි.
2. දෙවි අපි එක් එක් කෙනාට උපකාර කරයි කියා සිතිය හැක්කේ ඇයි?
2 දෙවි එක් එක් කෙනාට උපකාර කරයි: කණ්ඩායමක් ලෙස සාර්ථක වීමට දෙවි අපිට උපකාර කරනවා. ඒ වුණත් ඔහු අපි එක් එක් කෙනාට උපකාර කරයි කියා සිතිය හැකිද? පාවුල්ට උපකාර අත්‍යවශ්‍ය වූ වෙලාවක යෙහෝවා දෙවි යේසුස් මාර්ගයෙන් ඔහුට උපකාර කළා. (2 තිමෝ. 4:17) එලෙසම දේවසේවය සම්පූර්ණ කිරීමට දෙවි අපි එක් එක් කෙනාටත් උපකාර කරන බවට නිසැක විය හැකියි.—1 යොහ. 5:14.
3. දෙවි අපට උපකාර කරන්නේ කුමන තත්වයන්වලදීද?
3 එදිනෙදා මුහුණ දෙන කරදර නිසා දේවසේවය කිරීමට ශක්තියක් නැහැ කියා ඔබට හැඟෙනවාද? “දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි.” (යෙසා. 40:29-31) ඔබ පීඩා හෝ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙමින් සිටිනවාද? “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.” (ගීතා. 55:22) ඔබේ නිසැකකම අඩු වෙන අවස්ථා තිබෙනවාද? “පිටත්ව යන්න. ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි.” (නික්. 4:11, 12) දේවසේවයේ යෑම සීමා කරන සෞඛ්‍ය ගැටලු ඔබට තිබෙනවාද? ඔබට කළ හැකි ප්‍රමාණය සුළු වුණත් මුළු හදින් ඔබ කරන සේවය දෙවි අගය කරනවා.—1 කොරි. 3:6, 9.
4 ‘යෙහෝවා දෙවිගේ හස්තයට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?’ (යෙසා. 14:27) දෙවි අපිට ආශීර්වාද කරන බවට විශ්වාසය තබා දේවසේවය සඳහා ඔහුගේ අවසරය ලැබී ඇති බව සිහියේ තබාගෙන අත් නෑර නිර්භීතව දේශනා කරමු.—ක්‍රියා 14:3.
4. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසයක් ඇතුව සිටීම උපකාර වෙන්නේ කොහොමද?