දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
වර්ෂ 2000 සැප්තැම්බර් 4වනදා සිට දෙසැම්බර් 18 දක්වා සති සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පියවනු ලැබූ තොරතුරුවල මූලාශ්‍ර භාවිත නොකර කරනු ලබන පුනරීක්ෂණයකි. වෙන් කරන ලද කාලය තුළ ඔබට හැකි පමණ ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා වෙනම කඩදාසියක් භාවිත කරන්න.
[සැ.යු: ලිඛිත පුනරීක්ෂණයේදී ඕනෑම ප්‍රශ්නයකට උත්තර සැපයීමට බයිබලය පමණක් භාවිත කළ හැකිය. ප්‍රශ්න සමඟ දක්වා ඇති යොමු සටහන් ඔබගේ පෞද්ගලික ගවේෂණය සඳහාය. මුරටැඹ සඟරාවට යොමු දක්වන සෑම අවස්ථාවකම පිටුව සහ ඡේදය දක්වා නොතිබෙන්න පුළුවන.]
පහත සඳහන් සෑම ප්‍රකාශයක්ම සැබෑද නැත්නම් බොරුද කියා ලකුණු කරන්න:
1. ෂිමෙයිව ඝාතනය කිරීමෙන් දාවිත් අබිෂයිව වැළැක්වූයේ ෂිමෙයි කළ චෝදනාවලට තමන් වැරදිකරුවෙකු වන බව දාවිත් පිළිගත් නිසයි. (2 සාමු. 16:5-13) [සතියේ බයිබල් කියවීම; w99 5/1 32 පි. 3 ඡේ. බලන්න.]
2.2. පවිත්‍ර මෙන්ම නිසි ලෙස පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් දෙවි සමඟ උණුසුම්, පෞද්ගලික සබඳතාවකට මඟ පාදනවා පමණක් නොවෙයි, නමුත් එවැනි හෘදය සාක්ෂියක් අපේ ගැළවීමටත් අත්‍යවශ්‍යයි. (හෙබ්‍රෙ. 10:22; 1 පේතෘ. 1:15, 16) [w98 9/1 4 පි. 4 ඡේ.]
3. සාලමොන්ගේ මරණින් පසු යුදය සහ ඉශ්රායෙලය පාලනය කළ රජවරුන් 14දෙනාගෙන් යෙහෝවාගේ ඇස් හමුවෙහි හරි දෙය කරමින් සාර්ථක පාලනයක් ගෙන ගියේ රජවරුන් දෙදෙනෙකු පමණයි. ඒ නිසා, ක්‍රිස්තියානියෙකුට පළමුවන රාජාවලිය පොතේ සඳහන් වාර්තාවෙන් ඓතිහාසික තොරතුරු දැනගන්නවා හැරෙන්න වෙන ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. [bsi00 1 රාජාවලිය 1 ඡේ.]
4. යේසුස්ගේ දහස් අවුරුදු පාලනය, සාමය හා සමෘද්ධිය පැවති සාලමොන්ගේ 40 වසරක පාලනය සමඟ සැසඳිය හැක. (1 රාජා. 4:24, 25, 29) [සතියේ බයිබල් කියවීම; w90 6/1 6 පි. 5 ඡේ. බලන්න.]
5. යෙරොබොවම්ගේ වංශයෙන් පැවතෙන්නන්ගෙන් යෙහෝවාට ඇදහිලිවන්තව නමස්කාර කළ එකම තැනැත්තා අබියා වූ බවට තිබෙන පැහැදිලි සාක්ෂියකි, විධිමත් ලෙස සිදු වූ ඔහුගේ භූමදානය. (1 රාජා. 14:10, 13) [සතියේ බයිබල් කියවීම; w95 4/1 12 පි. 11 ඡේ. බලන්න.]
6. බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කෙනෙක් දෙවිගේ ආත්මික මේරූ සේවකයෙකු බවට පත් වී තිබෙන බවයි. [w98 10/1 28 පි. 2 ඡේ.]
7. යෙහෝවා එලියාට අධිමානුෂික එඩිතරකමක් සපයා දීමෙන් ඔහුට භය නොවී සිටීමට සැලැස්සුවා. (1 රාජා. 18:17, 18, 21, 40, 46) [සතියේ බයිබල් කියවීම; w98 1/1 31 පි. 2 ඡේ. බලන්න.]
8. සාලමොන් විසින් ගොඩනඟන ලද දේවමාළිගාව ආකර්ෂණීය එකක් වූයේ එහි පැවති අලංකාරය හා වටිනා ද්‍රව්‍ය නිසාම පමණක් නොව, නමුත් අසමසම තේජසකින් යුත් යෙහෝවාගේ ආත්මික දේවමාළිගාව එයින් පෙර ඡායා කොට දැක්වූ නිසාය. [bsi00 1 රාජාවලිය 26 ඡේ.]
9. එලිෂා පැවසූ වචනය නිසා දෙවි විසින් සිරියානු හමුදාව අන්ධ කිරීම සැබෑ අන්ධ කිරීමක් නොව මානසිකව අන්ධ කිරීමකි. මෙහිදී ඔවුන්ට එලිෂාව පෙනුණත් ඔහුව හඳුනාගැනීමට නොහැකි වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. (2 රාජා. 6:18, 19) [සතියේ බයිබල් කියවීම; bsi00 2 රාජාවලිය 10 ඡේ. බලන්න.]
10. දෙවන රාජාවලිය 11:12හි සඳහන් “ව්‍යවස්ථාව” රජුට බාර දීම මගින් සංකේතවත් කළේ දෙවිගේ ව්‍යවස්ථාව පිළිබඳව රජු තේරුම් කර දෙන දේවල් ජනයා පිළිගෙන, එයට කීකරු විය යුතු බවයි. [සතියේ බයිබල් කියවීම; w91 2/1 31 පි. 6 ඡේ. බලන්න.]
මතු දැක්වෙන ප්‍රශ්නවලට උත්තර සපයන්න:
11. පළමුවන යොහන් 2:15-17හි සඳහන් දෙයට අනුව, සුදුසු රැකියාවක් තෝරාගැනීමට තම දරුවන්ට මඟ පෙන්වීමේදී දේවභක්තික දෙමාපියන් ඔවුන්ව දිරිගැන්විය යුත්තේ කුමන දේවලින් වැළකී සිටීමටද? [w98 7/15 5 පි. 3 ඡේ.]
12. “කඩුවෙන් විනාශවුණාට වැඩි සෙනඟක් වනයෙන් විනාශවුණෝය” කියා 2 සාමුවෙල් 18:8හි සඳහන් දෙයින් අදහස් කරන්නේ කුමක්ද? [සතියේ බයිබල් කියවීම; w87 3/15 31 පි. 2 ඡේ. බලන්න.]
13. ගොලියත්ගේ ගෝත්‍රිකයන් වූ රෙඵායිම්වරුන්ට අදදින සමාන කළ හැක්කේ කවුරුන්වද? (2 සාමු. 21:15-22) [සතියේ බයිබල් කියවීම; wSN89 6/1 12 පි. 8 ඡේ. බලන්න.]
14. දෙවන සාමුවෙල් 6:6, 7හි සඳහන් දෙයින් අපට ඉගෙනගත හැකි ප්‍රයෝජනවත් බයිබල් ප්‍රතිපත්තිය කුමක්ද? [bsi99 2 සාමුවෙල් 30 ඡේ.]
15. සබත කඩ කිරීම නිසා මරණ දණ්ඩනයට නියම වූ මිනිසා හා සම්බන්ධ සිද්ධියෙන් ඉගෙනගත හැකි වැදගත් ප්‍රතිපත්තිය කුමක්ද? (ගණන්. 15:35) [w98 9/1 20 පි. 2 ඡේ.]
16. ‘සාලමොන්ගේ ප්‍රඥාව’ ගැන ඇසීම සඳහා බොහෝ දුරක් ගෙවා ගිය ෂෙබාහි බිසවව අපිට අනුකරණය කළ හැක්කේ කෙසේද? (1 රාජා. 10:1-9) [සතියේ බයිබල් කියවීම; w99 7/1 31 පි. 1-2 ඡේ. බලන්න.]
17. පළමුවන රාජාවලිය 17:3, 4, 7-9, 17-24 යන වගන්තිවල සඳහන් දේවලට අනුව, එලියා යෙහෝවා කෙරෙහි ඇදහිල්ල විදහාපෙන්වූ මාර්ග තුනක් සඳහන් කරන්න. [සතියේ බයිබල් කියවීම; wSN92 9/1 19 පි. 4 ඡේ. බලන්න.]
18. නාබොත් ඔහුගේ මිදිවත්ත ආහබ්ට විකිණීම ප්‍රතික්ෂේප කළ පමණින් ඔහු මුරණ්ඩු ලෙස කටයුතු කළ බව පැවසිය නොහැක්කේ මන්ද? (1 රාජා. 21:2, 3) [සතියේ බයිබල් කියවීම; w97 8/1 13 පි. 18 ඡේ. බලන්න.]
19. අදදින සිටින යෙහෝවාගේ සේවකයන්ට 2 රාජාවලිය 6:16හි සඳහන් වදන් දිරිගැන්වීමක් වන්නේ කෙසේද? [සතියේ බයිබල් කියවීම; w98 6/15 18 පි. 5 ඡේ. බලන්න.]
20. අදදින ක්‍රිස්තියානීන් සිමෝනියාවෙන් පරෙස්සම් විය යුත්තේ කිනම් ආකාරවලින්ද? [w98 11/15 28 පි. 5 ඡේ.]
පහත සඳහන් ප්‍රකාශ සම්පූර්ණ කිරීමට අවශ්‍ය වචන(ය) හෝ වාක්‍ය ඛණ්ඩය සපයන්න:
21. සැබෑ ක්‍රිස්තියානියෙක් _________________________ යට වී _________________________ අසතුටට පත් කරවන චාරිත්‍ර නොපැවැත්විය යුතුයි. (හිතෝ. 29:25; මතෙ. 10:28) [w98 7/15 20 පි. 5 ඡේ.]
22. පාවුල් අග්‍රිපා රජු ඉදිරියෙහි සාක්ෂි දුන් අවස්ථාවේදී, තමාට සහ අග්‍රිපාට _________________________ කරුණු අවධාරණය කිරීමෙන් _________________________ පෙන්නුම් කළා. (ක්‍රියා 26:2, 3, 26, 27) [w98 9/1 31 පි. 3 ඡේ.]
23. දෙවි _________________________ නිසා ඔහු පෞද්ගලිකත්වයක් නැති කෙනෙකු ලෙස සමහරෙකුට හැඟෙන්න පුළුවන්. නමුත් ‘අදෘශ්‍යමාන තැනැත්තාව දැකීම’ සඳහා, _________________________ වඩාත් ගැඹුරින් සහ නිතර නිතර කිරීමට කාලය යෙදවීම කෙනෙකුට උපකාරවත් වෙයි. (හෙබ්‍රෙ. 11:27) [w98 9/15 21 පි. 3-4 ඡේ.]
24. සිරියේ සෙන්පති _________________________ හා සම්බන්ධ සිද්ධියෙන් පැහැදිලි වන්නාක් මෙන්, සමහර අවස්ථාවලදී සුළු වශයෙන් _________________________ පෙන්වීමෙන් පවා මහත් ප්‍රයෝජන අත් වෙනවා. [සතියේ බයිබල් කියවීම; w99 2/1 3 පි. 6 ඡේ. සිට 4 පි. 1 ඡේ. දක්වා බලන්න.]
25 යෙහෝනාදාබ්ගේ සිත යේහුගේ සිත සමඟ එකඟව තිබුණාක් මෙන්, අදදින _________________________ උතුම් යේහු වන _________________________ මුළු හදින්ම පිළිගනිමින් ඔහුට සහයෝගය දක්වයි. _________________________ පොළොව මත සිටින කාලයේදී යේසුස්ව නියෝජනය කරයි. (2 රාජා. 10:15, 16) [සතියේ බයිබල් කියවීම; w98 1/1 13 පි. 5-6 ඡේ. බලන්න.]
මතු දැක්වෙන එක් එක් ප්රකාශයන්හි නිවැරදි පිළිතුර තෝරන්න:
26. ‘ඉශ්රායෙල්වරුන්ව ගණන් කිරීමෙන්’ පාපයක් කිරීමට දාවිත්ව පොලඹවනු ලැබුවේ (සාතන්ය; යෙහෝවාය; යෝවාබ්ය) (2 සාමු. 24:1) [සතියේ බයිබල් කියවීම; w92 7/15 5 පි. 2 ඡේ. බලන්න.]
27. පළමුවන රාජාවලිය 8:1 සහ දේශනාකාරයා 1:1 යන වගන්තිවල සඳහන් දේවලට අනුව, සාලමොන් සෙනඟව එක්රැස් කළේ (දේවමාළිගාව ගොඩනැඟීමටයි; ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ව ලුහුබැඳීමටයි; යෙහෝවාට නමස්කාර කිරීමටයි). [සතියේ බයිබල් කියවීම; siSN දේශනාකාරයා 3 ඡේ. බලන්න.]
28. සාලමොන් යෙරුසලමෙහි දේවමාළිගාව සහ ඔහුගේ රජ මාළිගාව ගොඩනැඟූ විසි වසරක කාලපරිච්ඡේදය සමාන වන්නේ, (1919; 1923; 1931) ආරම්භ වී (1938; 1942; 1950) අවසන් වූ ඉගැන්වීම්වල හා සංවිධානාත්මක කටයුතුවල යළි සකස් කිරීම් සිදු වූ කාලපරිච්ඡේදයටය. (1 රාජා. 9:10) [සතියේ බයිබල් කියවීම; w92 3/1 20 පි. කොටුව බලන්න.]
29. දෙවන රාජාවලිය 2:11හි සඳහන් “ස්වර්ගය” යන වචනයෙන් යොමු දැක්වෙන්නේ (දෙවි වාසය කරන ස්ථානයටයි; භෞතික විශ්වයටයි; කුරුල්ලන් පියාසර කරන හා සුළං හමන පොළොවට ආසන්නම වායුගෝලයටයි). [සතියේ බයිබල් කියවීම; w97 9/15 15 පි. කොටුව බලන්න.]
30. යේසුස් නාසරෙත්හි නොව, බෙත්ලෙහෙමෙහි ඉපදීමට සැලැස්වූ ජනලේඛනය ගැනීමට නියෝග කළේ (මහා හෙරොද්ය; කායිසර් අගොස්තුස්ය; තිබේරියස් කායිසර්ය). [w98 12/15 7 පි. කොටුව]
මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පද හා පහත ලැයිස්තුගත කර ඇති ප්‍රකාශ ගළපන්න:
ගීතා. 15:4; 2 සාමු. 12:28; 2 සාමු. 15:18-22; 2 රාජා. 3:11; කොලො. 3:13
31. යෙහෝවාගේ දිව්‍යාණ්ඩු විධිවිධානය තුළ මූලිකත්වයට ගරු කළ යුතුයි. [bsi99 2 සාමුවෙල් 30 ඡේ.]
32. යෙහෝවාගේ සංවිධානයට හා එහි නියෝජිතයන්ට තිබෙන පක්ෂපාතකම දිගටම පවත්වාගත යුතුයි. [bsi99 2 සාමුවෙල් 30 ඡේ.]
33. යෙහෝවාගේ දයාව අගය කිරීම, තම ආවේගයන් පාලනය කරගැනීමටත් අන් අයගේ අඩුපාඩුකම් ගණනකට නොගෙන සිටීමටත් කෙනෙකුව පොලඹවයි. [w98 11/1 6 පි. 3 ඡේ.]
34. විශේෂ සේවයක් කරන යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන්ට ආගන්තුක සත්කාරය පිරිනමන්න ලැබීම හා ඔවුන් වෙනුවෙන් නිහතමානීව යම් දේවල් කරන්න ලැබීම වරප්රසාදයකි. [සතියේ බයිබල් කියවීම; w97 11/1 30 පි. 8 ඡේ. බලන්න.]
35. බලාපොරොත්තු නොවූ ආකාරයේ දුෂ්කර තත්වයන්ට මුහුණ දීමට සිදු වුවත්, මුදල් ණයට ගත් දේවබියැති පුද්ගලයෙක් තමාගේ වචනය එයාකාරයෙන්ම ඉෂ්ට කරමින් ණය ගෙවා දැමීම සඳහා තමාට හැකි උපරිමය කරයි. [w98 11/15 27 පි. 1 ඡේ.]