සේවා රැස්වීම් වැඩසටහන
දෙසැම්බර් 11න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන හා අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ උතුම් ගුරුවරයා (ඉංග්‍රීසියෙන්) නමැති පොත් සභාවේ තිබෙනවා නම්, නිවාඩු කාලයේදී ඒවා දේවසේවයේ බෙදාහැරිය හැකි ආකාරය පෙන්වා දෙන්න. දෙසැම්බර් 25න් පටන්ගන්නා සතියේ පවත්වන සේවා රැස්වීමේදී කරනු ලබන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට බයිබලය—නිවැරදි ඉතිහාසය හා විශ්වාස කළ හැකි අනාවැකි අඩංගු පොතකි නමැති වීඩියෝ පටය නැරඹීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. මෙම වීඩියෝ පටය තිබෙන අයට පුළුවන් නැති අයට ඒක දෙන්න. එහෙම නැත්නම් එකට එකතු වෙලා නරඹන්න.
විනා. 15: “දවස පුරාම යෙහෝවා කෙරෙහි බියෙන් සිටින්න.”a දේවභය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා 1998 ජනවාරි 8 පිබිදෙව්! සඟරාවේ 28වන පිටුවේ පැහැදිලි කර තිබෙනවා. එම පැහැදිලි කිරීම මෙම කොටසට ඇතුළත් කරගන්න. යෙහෝවා කෙරෙහි බියක් ඇතුව සිටීමෙන් අත් වන ප්‍රයෝජන අවධාරණය කරන්න.
විනා. 20: “තුල්‍ය පීඩනය සහ ඔබ සතු දේශනා කිරීමේ වරප්‍රසාදය.” කතාවක් සහ සම්මුඛ සාකච්ඡා. තුල්‍යයන්ගේ පීඩනවලට ලක්වීමට සිදු වුවත්, සාක්ෂි දැරීම අත් නෑර කරගෙන යෑමට ඔවුන්ට හැකි වී තිබෙන ආකාරය ගැන පැවසීමට අද්දැකීම් තිබෙන අයට ආරාධනා කරන්න.
ගීතිකාව 78 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 18න් පටන්ගන්නා සතිය
විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව. දෙසැම්බර් 25වනදා හා ජනවාරි 1වනදා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා යොදා තිබෙන විශේෂ සැලසුම් ගැන සඳහන් කරන්න. මෙම ප්‍රශ්නයට උත්තර සපයන්න. ආගමික හේතු මුල් කරගෙන පවත්වනු නොලබන, ක්‍රිස්තියානි විරෝධී මූලාරම්භයක් තිබෙන උත්සවවලට සහභාගි වීම සුදුසුද?—තර්ක කිරීම (ඉංග්‍රීසියෙන්, rs) පොතේ 178-80 දක්වා පිටු බලන්න.
විනා. 12: “දිව්‍යාණ්ඩු සේවා පාසැල 2001.” පාසැල් අවේක්ෂක ඉදිරිපත් කරන කතාවක්. සතිපතා බයිබල් කියවීම දිගටම කරගෙන යන්නත් පාසැලේ තමන්ට ලැබෙන පැවරුම් හොඳින් ඉටු කිරීමට උත්සාහ කරන්නත් සියලුදෙනාවම දිරිමත් කරන්න.
විනා. 18: “ඔබ නිර්භීතව සාක්ෂි දරනවාද?”* මෙම ලිපියේ සඳහන් ශුද්ධ ලියවිලි පාඨ පදනම් කරගනිමින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. අපගේ දේව සේවය පොතේ 86වන පිටුවේ සඳහන් තොරතුරු යොදාගනිමින්, අපට නිර්භීතකම තව තවත් වඩවාගත හැකි ආකාරය හා ක්ෂේත්‍ර සේවයේදී දැනට වඩා බලපෑමෙන් යුක්ත විය හැකි ආකාරය පෙන්වා දෙන්න.
ගීතිකාව 124 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 25න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. මෑතකදී තමන් දේශනා සේවයේ හවුල් වූ අවස්ථාවලදී ලැබූ අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන පොත් පත් ගැන සඳහන් කරන්න. “තවත් රාජ්‍ය ශාලාවක් කැප කළා” නමැති කොටසද සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 25: “බයිබලය—නිවැරදි ඉතිහාසය හා විශ්වාස කළ හැකි අනාවැකි අඩංගු පොතකි නමැති වීඩියෝ පටියෙන් ඉගෙනගැනීම” සබය සමඟ සාකච්ඡාවක්. අන් අය තුළ පෙලඹවීමක් ඇති කිරීම සඳහා මෙම වීඩියෝ පටය යොදාගත හැකි ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කරන්න. (1999 වාර්ෂික පොත [ඉංග්‍රීසියෙන්], පිටු 51-2) අපි නරඹා සාකච්ඡා කරන්න යන වීඩියෝ පට මාලාවේ තුන්වැන්න අපි පෙබරවාරි මාසයේදී සලකා බලන්න යනවා. එහි මාතෘකාව මිනිසා සතු පැරණිතම මෙන්ම නවීනතම පොත වන බයිබලය යන්නයි.
ගීතිකාව 151 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 1න් පටන්ගන්නා සතිය
සටහනක්: ජනවාරි 1න් පටන්ගන්නා සතියේ පැවැත්විය යුතු සේවා රැස්වීම, චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හැර වෙනත් හේතු නිසා කලින් දවසක නොපැවැත්විය යුතුයි.
ගීතිකාව 171
විනා. 8: සභා නිවේදන. ඔබේ සභාවේ රැස්වීම් පවත්වන වේලාව මෙම අලුත් අවුරුද්දේ සිට වෙනස් වෙනවා නම්, රැස්වීම් පැවැත්වෙන අලුත් වේලාවන්ට අනුව නිතිපතා පැමිණෙන්න කියා සෑම කෙනෙකුවම කාරුණිකව දිරිමත් කරන්න. බයිබල් පාඩම්වලට හා උනන්දුව දක්වන අයට රැස්වීම් පවත්වන අලුත් වේලාවන් ගැන දන්වන්න. රැස්වීම් පවත්වන අලුත් වේලාවන් ගැන දැනුම් දීමට අත්පත්‍රිකා යොදාගන්න. ශ්‍රී ලංකාවේ මෙන්ම සභාවේ සැප්තැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ගැන අදහස් දක්වන්න. දෙසැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 17: නැවත බැලීම් කිරීම සඳහා සූදානම් වන ආකාරය. හොඳ ප්‍රතිඵල අත් කරගත හැකි ආකාරයෙන් දේවසේවයේ හවුල් විය හැකි ආකාරය ගැන පියෙක් තම පවුලේ අය සමඟ සාකච්ඡා කරයි. උනන්දුව දක්වන සෑම කෙනෙකුවම නැවත හමුවීම සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය හේතු ඔහු අවධාරණය කරයි. 1999 ජූලි 1 මුරටැඹ සඟරාවේ 22වන පිටුවේ තිබෙන 18වන ඡේදයේ සඳහන් මඟ පෙන්වීම් සැලකිල්ලට ගනිමින් ඔවුන් නැවත බැලීම් කිරීම සඳහා සූදානම් වෙයි. නැවත ගොස් හමු විය යුතු අයව තමන් හමු වී තිබෙන බව ඔවුන් සෑම කෙනෙක්ම පවසයි. මුල්ම හමුවීමේදී තමන්ට ලැබුණු ප්‍රතිචාරය සෑම කෙනෙක්ම විස්තර කරයි. නැවත බැලීමේදී යොදාගත හැකි යම් අදහසක් හෝ ශුද්ධ ලියවිලි පාඨයක් පවුලේ තවත් අය යෝජනා කරයි. නැවත බැලීම්වලදී බලපෑමෙන් යුක්තව භාවිත කළ හැකි ඕනෑ කරන්නේ විවරණිකාවේ සඳහන් කරුණු ඔවුන් ගෙනහැර දක්වයි. තමන් නැවත බැලීමේදී පවසන්න යන දේවල් තමන් ඉදිරියෙහි කර පෙන්වන්න කියා දෙමාපියන් දරුවෙකුට පවසයි. ඔහු එය නිරූපණය කරයි. ඊළඟ සතියේදී නැවත බැලීම් කිරීම සඳහා කාලය වෙන් කරගැනීමට ඔවුන් සැලසුම් කරයි.
විනා. 20: 1998 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ “අත්පත්‍රිකාවලින් ප්‍රයෝජන ගන්න” නමැති ලිපියේ හා 1999 මාර්තු කලාපයේ පළ වූ “එන්න කියා ඔවුන්ට ආරාධනා කරන්න” නමැති ලිපියේ සඳහන් කරුණු නැවත සලකා බලන්න. නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. සාකච්ඡා ආරම්භ කිරීම සඳහා අත්පත්‍රිකා ප්‍රායෝගිකව යොදාගත හැකි ආකාරය එක් නිරූපණයකින් පෙන්වන්න. අනෙක් නිරූපණයෙන්, උනන්දුව දක්වන අලුත් කෙනෙකුට හෝ බයිබල් ශිෂ්‍යයෙකුට රාජ්‍ය ශාලාවට පැමිණීම සඳහා ආරාධනා කිරීමේදී අත්පත්‍රිකා යොදාගත හැකි ආකාරය පෙන්වන්න.
ගීතිකාව 212 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන]
a හැඳින්වීම මිනිත්තුවකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.