Courtesy Jamie Christiani/Bulletin of the Atomic Scientists
සෝදිසියෙන් ඉන්න!
ඩූම්ස්ඩේ ඔරලෝසුවේ කටු මධ්‍යම රාත්‍රියට ළං වෙයි
2026 ජනවාරි 27වෙනිදා විද්‍යාඥයන් ඩූම්ස්ඩේ ඔරලෝසුවේ කටු මධ්‍යම රාත්‍රියට තවත් ළං කළා. ඒ කියන්නේ මිනිස්සු ලෝක විනාශය කියලා හඳුන්වන දවස තවත් ළං වෙලා කියන එකයි.
“විද්‍යාඥයන් ඩූම්ස්ඩේ ඔරලෝසුවේ කටු තවත් තත්පර පහක් ඉස්සරහට ගෙන ගියා. දැන් මධ්‍යම රාත්‍රියට තියෙන්නේ තව තත්පර 85ක් විතරයි. මීට කලින් කවදාවත් ඒ ඔරලෝසුවේ කටු මධ්‍යම රාත්‍රියට එච්චර ළං කරලා තිබිලා නැහැ.”—Bulletin of the Atomic Scientists.
“ඒ විද්‍යාඥයන් හරිම වැදගත් පණිවිඩයක් තමයි මිනිසුන්ට කියන්න හදන්නේ. එකට එකතු වෙලා ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. ලෝකේ තත්වය තත්පරෙන් තත්පරේ දරුණු වෙනවා. ඒ නිසා තව වැඩි දවසක් ඉතුරු වෙලා නැහැ. මොකක් හරි වෙනසක් වෙන්නම ඕනේ. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. හැබැයි ඒකට ලෝකේ පුරාම ඉන්න මිනිස්සු පාලකයන්ගෙන් එක හෙළාම ඉල්ලන්න ඕනෙ ඉක්මන් පියවර ගන්න කියලා.”—Alexandra Bell, president and CEO, Bulletin of the Atomic Scientists.
ඇත්තටම මිනිස්සු එක්කම මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යයිද? අනාගතේ ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න බැරිද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?
ඉස්සරහට මොනවා වෙයිද?
“පොළොව සදහටම තියෙනවා” කියලත් මිනිස්සු “ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා” කියලත් බයිබලේ කියනවා. (දේශනාකාරයා 1:4; ගීතාවලිය 37:29) ඒකෙන් තේරෙනවා මේ පොළොව කවදාවත් මිනිසුන්ගේ අතින් විනාශ වෙලා යන්නෙවත් ඒක මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තැනක් වෙන්නෙවත් නැහැ කියලා.
හැබැයි බයිබලෙත් විනාශයක් ගැන කතා කරලා තියෙනවා. උදාහරණෙකට ඒකේ කියනවා ‘මේ ලෝකය නැති වෙලා යනවා’ කියලා.—1 යොහන් 2:17.
ඒ ගැන තව විස්තර දැනගන්න “ළඟදීම ලෝකය විනාශ වෙයිද?” කියන ලිපිය බලන්න.
ලෝක විනාශය සිද්ධ වෙන කාලය ගැන බයිබලේ කියන දේ දැනගන්න “ලෝක විනාශය සිද්ධ වෙන්නේ කවදාද?” කියන ලිපිය බලන්න.
සතුටින් බලාගෙන ඉන්න!
මේ ලෝකේ කොච්චර ප්‍රශ්න තිබ්බත් අනාගතේ ගැන සතුටින් බලාගෙන ඉන්න බයිබලේ අපිට උදව් කරනවා. ඒ කොහොමද?
බයිබලේ ගොඩක් හොඳ මඟ පෙන්වීම් තියෙනවා. (2 තිමෝති 3:16, 17) උදාහරණෙකට, අභියෝග මැද වුණත් සතුටින් ඉන්න පුළුවන් විදිහ ගැන බයිබලේ කියන දේ දැනගන්න “හිතේ බර සැහැල්ලු කරගන්න” කියන ලිපිය බලන්න.
බයිබලේ අපේ අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවකුත් දීලා තියෙනවා. (රෝම 15:4) දැන් වගේම ඉස්සරහටත් වෙන්නේ මොනවාද කියලා බයිබලේ පැහැදිලිවම කියලා තියෙනවා. ඒ නිසා මොන දේ වුණත් බය නැතුව ඒවාට මූණ දෙන්න අපිට පුළුවන්.
බයිබලේ ගැන තවත් තොරතුරු දැනගන්න නොමිලේ පවත්වන බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.