ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 131 ලිපිය
  • අන්ධ අයට උදව්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අන්ධ අයට උදව්
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්ට අන්ධ අය ගැන හැඟෙන්නේ කොහොමද?
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලට උදව් කරන විදිහ
  • බයිබලේ ගැන ඉගෙනගන්න උදව් වෙන සැපයුම්
  • අන්ධ අයට උදව් කරමු
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • හිත්වලට කතා කරන තිත්
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඇස් නොපෙනුණත් සතුටින්
    2015 පිබිදෙව්!
තව තොරතුරු
තවත් ලිපි
mrt 131 ලිපිය
අන්ධ කෙනෙක් එළිමහනේ තියෙන බංකුවක වාඩි වෙලා ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙන ඕඩියෝ එකකට ඇහුම්කන් දෙනවා.

අන්ධ අයට උදව්

ගණන් බලලා තියෙන විදිහට අද ලෝකේ පුරා අන්ධ අය මිලියන 43ක් විතර ඉන්නවා. ඇස් පෙනීමේ දුර්වලතා තියෙන අය මිලියන 295ක් විතර ඉන්නවා.a කනගාටුදායක දේ තමයි හුඟක් අය ඒ වගේ අයට සලකන්නේ හරිම අකාරුණික විදිහට. ඒ වගේම එයාලව සමාජයෙන් කොන් කරනවා.

ඒත් දෙවියන්ට අන්ධ අය ගැන හැඟෙන්නේ කොහොමද? බයිබලේ එයාලා ගැන කියන්නේ මොනවාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලා වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද?

දෙවියන්ට අන්ධ අය ගැන හැඟෙන්නේ කොහොමද?

බයිබලේ කියනවා යෙහෝවාb දෙවියන් අන්ධ අය ගැන ගොඩක් හිතනවා කියලා. ඇස් පේන අයට සලකන විදිහටම හැමෝම අන්ධ අයටත් සලකනවාටයි දෙවියන් කැමති. ඒ වගේම අන්ධ අය ඔහු ගැන ඉගෙනගන්නවාටත් දෙවියන් කැමතියි. දෙවියන් ඉස්සරහට ඒ අයට ලස්සන ජීවිතයක් දෙනවා කියලත් පොරොන්දු වෙලා තියෙනවා.

බයිබල් පදය: “අන්ධ කෙනෙක්ව නොමඟ යවන කෙනාට ශාප වේවා!”—ද්විතීය කතාව 27:18.

තේරුම: කවුරුත් අන්ධ අයට නපුරු විදිහට සලකනවාට දෙවියන් කැමති වුණේ නැහැ. ඒ නිසා අතීතයේදී දෙවියන් එයාලට ආරක්ෂාවක් වෙන විදිහේ නීති දීලා තිබුණා.

බයිබල් පදය: “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහට.”—ක්‍රියා 10:34.

තේරුම: ඇස් පේන අයට ආදරේ කරන තරමටම දෙවියන් අන්ධ අයටත් ආදරෙයි.

බයිබල් පදය: යේසුස් “අන්ධ අය හුඟදෙනෙක්ට පෙනීම ලබා දුන්නා.”—ලූක් 7:21.

තේරුම: පොළොවේ හිටපු කාලේදී යේසුස් අන්ධ අයට පෙනීම දුන්නා. දෙවියන්ගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී අන්ධ අයට පෙනීම ලැබෙනවා කියන දේ තමයි ඔහු ඒකෙන් පෙන්නුවේ.

බයිබල් පදය: “අන්ධ අයගේ ඇස් පෑදෙයි.”—යෙසායා 35:5.

තේරුම: ඉස්සරහට දෙවියන්ගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී අන්ධ අයට පෙනීම දෙනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. ඒ දවස වැඩි ඈතක නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලට උදව් කරන විදිහ

ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ තියෙන පණිවිඩය අන්ධ අය එක්කත් බෙදාගන්නවා. ඒත් කොහොමද අපි ඒක කරන්නේ?

  • අපි අන්ධ අයට සහ ඇස් පෙනීමේ දුර්වලතා තියෙන අයට බයිබල්, බයිබලය මත පදනම් ප්‍රකාශන සහ වීඩියෝ නිෂ්පාදනය කරනවා. ඒකට බ්‍රේල් ප්‍රකාශන, ලොකු අකුරෙන් තියෙන ප්‍රකාශන සහ ඕඩියෝත් ඇතුළත්.

  • හැම සතියකම අපේ රැස්වීම් තියෙනවා. ඒවාට අන්ධ අයටත් එන්න පුළුවන්.

  • අපි අන්ධ අයවත් තනි තනියෙන් හම්බ වෙලා බයිබල් සාකච්ඡාවන් පවත්වනවා.c

ඒ කිසිම දේකට අපි සල්ලි ගන්නේ නැහැ. මොකද යේසුස් කිව්වා “ඔයාලට නොමිලේ ලැබුණ දේ නොමිලේම දෙන්න” කියලා.—මතෙව් 10:8.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අන්ධ අය ගැන හුඟක් හිතනවා. අන්ධ කෙනෙක් දෙවියන් ගැන දැනගෙන ඔහුට නමස්කාර කරන්න කැමති නම් අපි ඒ වගේ අයට උදව් කරන්න හරි ආසයි. මේ අද්දැකීම් බලද්දී ඒ දේ හොඳට තේරෙනවා.

ටලීටා අල්නාෂි, ඉන්නේ ස්වීඩනයේ. උපතින්ම එයාගේ ඇස් පෙනීම ගොඩක් දුර්වලයි. එයාගේ අම්මායි, තාත්තායි බයිබලේ ගැන එයාට උගන්නපු විදිහ ගැනත් එයාලාගේ යාළුවෝ ටලීටාටයි, එයාගේ පවුලේ අයටයි උදව් කරපු විදිහ ගැනත් දැනගන්න.

ජේම්ස් රයන්, ඉන්නේ ඇමරිකාවේ. එයා ඉපදෙද්දී බිහිරියි. පස්සේ කාලෙක එයා අන්ධ වුණා. එච්චර දෙයක් වෙලත් එයා ජීවිතේ සතුටින් ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න.

සින්තියා පබ්ලෝ.

සින්තියා පබ්ලෝ, ඉන්නේ පිලිපීනයේ. එයා අන්ධ වගේම බිහිරි කෙනෙක්. එයා හිටපු සභාවේ අය කෝවිඩ් වසංගතය කාලේදී එයාට උදව් කළේ කොහොමද? “වසංගතේ මැද අන්ධ සහ බිහිරි සහෝදරියකට සභාවෙන් උදව්” කියන ලිපියෙන් ඒ ගැන දැනගන්න.

බයිබලේ ගැන ඉගෙනගන්න උදව් වෙන සැපයුම්

අන්ධ කෙනෙක් නෝට්ටේකර් උපකරණයක් පාවිච්චි කරනවා.

බ්‍රේල් ප්‍රකාශන. අපි බ්‍රේල් බයිබල් සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි භාෂා කීපයකින්ම නිෂ්පාදනය කරලා තියෙනවා. (ඒ භාෂා මොනවාද කියලා දැනගන්න “‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ බ්‍රේල්වලින්” කියන කොටුව බලන්න.) බයිබලය මත පදනම් හුඟක් ප්‍රකාශනත් බ්‍රේල්වලින් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බ්‍රේල් ඉගෙනගන්න කැමති අය වෙනුවෙන් ‘බ්‍රේල් කියවන්න ඉගෙනගන්න’ කියලා වැඩ පොතකුත් තියෙනවා. ඒක පාවිච්චි කරලා ඇස් පෙනීම තියෙන කෙනෙක්ගේ උදව්වෙන් අන්ධ කෙනෙක්ට බ්‍රේල් ඉගෙනගන්න පුළුවන්.

  • ඔයාටත් බ්‍රේල් ප්‍රකාශන ඕනෙ නම් ඔයා අඳුරන සාක්ෂිකරුවෙක්ට ඒ ගැන කියන්න. නැත්නම් ඔයාව ඇවිත් හම්බ වෙන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න.

  • නෝට්ටේකර්d කියන උපකරණයට ඕනෙ කරන දේවල් jw.org වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

ලොකු අකුරු තියෙන ප්‍රකාශන සහ ඩිජිටල් මාධ්‍යවල අකුරු ලොකු කරලා බලන්න පුළුවන් පහසුකම. ඇස් පෙනීමේ දුර්වලතා තියෙන අයට අපේ හුඟක් ප්‍රකාශන ලොකු අකුරෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම jw.org කියන අපේ වෙබ් අඩවියේ තියෙන තොරතුරුත් ගොඩක් සූම් කරන්න පුළුවන්. එහෙම කළා කියලා ඒකේ තියෙන තොරතුරු අපැහැදිලි වෙන්නේ නැහැ. ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙත් අකුරුවල ප්‍රමාණය ලොකු කරලා බලන්න පුළුවන්.

  • ඔයාටත් ලොකු අකුරෙන් තියෙන ප්‍රකාශන ඕනෙ නම් ඔයා අඳුරන සාක්ෂිකරුවෙක්ට ඒ ගැන කියන්න. නැත්නම් ඔයාව ඇවිත් හම්බ වෙන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න.

  • මුද්‍රණය කරලා තියෙන ප්‍රකාශනවල ලොකු අකුරෙන් තියෙන ඩිජිටල් ප්‍රකාශන jw.org එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

ඕඩියෝ ප්‍රකාශන. ‘නව ලොව පරිවර්තනයේ’ ඕඩියෝ එක භාෂා 200කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්. ඒ වගේම අපේ තව හුඟක් ප්‍රකාශනවලත් ඕඩියෝ තියෙනවා. හුඟක් වෙලාවට ඒ ප්‍රකාශනවල තියෙන පින්තූරවල කෙටි විස්තරයකුත් ඒ ඕඩියෝවලට ඇතුළත් කරලා තියෙනවා.

  • jw.org එකෙන් සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් ඕඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න හරි ඒවාට ඔන්ලයින් ඇහුම්කන් දෙන්න හරි පුළුවන්.

  • ස්ක්‍රීන් රීඩර්වලට සහ ඕඩියෝවලට ඇහුම්කන් දෙන්න පාවිච්චි කරන ඩිජිටල් උපකරණවලට ඕනෙ කරන දේවල් jw.org එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.e

කෙනෙක් කතා කරන විදිහ පෙන්නන රූප සටහනක්.

පසුබිම් කථනය ඇතුළත් වීඩියෝ.f යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පසුබිම් කථනය ඇතුළත් වීඩියෝ භාෂා 100කට වඩා වැඩි ගාණකින් නිෂ්පාදනය කරලා තියෙනවා. බයිබලේ තියෙන වටිනා උපදෙස් හොඳට තේරුම් අරන් ඒවා ජීවිතේට අදාළ කරගන්න ඒ වීඩියෝ උදව් වෙනවා.

පසුබිම් කථනය ඇතුළත් වීඩියෝ මොන වගේද කියලා දැනගන්න මේ වීඩියෝ බලන්න. (සිංහලෙන් නැහැ.)

  • විවාහයේ සතුට රැකගන්න

  • ජීවිත වෙනස් කළ පොතක්

  • කාටූන් චිත්‍රවලින් උගනිමු පාඩම්

රැස්වීම් සහ වැඩසටහන්. ලෝකේ පුරා ඉන්න සාක්ෂිකරුවන් හැම සතියකම දෙවියන්ට නමස්කාර කරන්න සහ බයිබලේ ගැන ඉගෙනගන්න එකතු වෙනවා. හැම අවුරුද්දකම හුඟක් අය එකතු වෙන ලොකු රැස්වීමුත් අපි පවත්වනවා. ඒ වගේ රැස්වීම්වලට අන්ධ සහ පෙනීමේ ආබාධ තියෙන අය ඇවිත් හිටියොත් එයාලට පසුබිම් කථනයත් එක්කම වීඩියෝවලට ඇහුම්කන් දෙන පහසුකම ලබා දෙන්න අපි උත්සාහ කරනවා. සමහර රැස්වීම්වලදී පෙනීමේ හැකියාවයි, ඇසීමේ හැකියාවයි දෙකම නැති අයට අතින් අල්ලලා කරන සංඥා භාෂාවෙන් තොරතුරු ඉගෙනගන්නත් පුළුවන්. රැස්වීම්වලට එන හැම කෙනෙක්වම අපි ආදරෙන් පිළිගන්නවා. කිසිම කෙනෙක්ව පහත් කරන්නේ නැහැ.

  • රැස්වීම් තියෙන තැනක් හොයාගන්න.

  • අපේ තුන්දින සමුළු ගැන දැනගන්න.

  • අවුරුද්දේ වැදගත්ම සැමරීම වන යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න.

හොසේ ලුයිස් අයාලා ඉන්නේ මෙක්සිකෝවේ. එයා ඉපදෙද්දීම බිහිරියි. අවුරුදු 29දී එයාගේ ඇස් පෙනීමත් සම්පූර්ණයෙන්ම නැති වුණා. එයා අපේ රැස්වීම් කොච්චර වටින දෙයක් විදිහට සලකනවාද කියලත් දක්ෂ විදිහට බයිබලේ තියෙන දේවල් උගන්නන්න අනිත් අය එයාට උදව් කළේ කොහොමද කියලත් දැනගන්න.

‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ බ්‍රේල්වලින්

2025 මැයි 1වෙනිදා වෙද්දී සරල බ්‍රේල්වලින් තියෙන බයිබල් මේ භාෂාවලින් ලබාගන්න පුළුවන්.

චිචේවා

ඕලන්ද

ඉංග්‍රීසි

ප්‍රංශ

ජෝර්ජියන්

ජර්මානු

ග්‍රීක

හංගේරියානු

ඉතාලි

ජපන්

කොරියානු

පෘතුගීසි (බ්‍රසීලය)

රුසියානු

ස්පාඤ්ඤ

යුක්රේන

a “ඇස් පෙනීමේ දුර්වලතා” තියෙන අය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ වෛද්‍යවරුන්ටත් හරිගස්සන්න බැරි තරමට පෙනීම දුර්වල අයව. මේ ලිපියේ “අන්ධ” කියලා කියද්දී ඒකට සම්පූර්ණයෙන්ම අන්ධ සහ පෙනීමේ දුර්වලතා තියෙන දෙගොල්ලන්ම ඇතුළත් වෙනවා.

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

c බයිබල් සාකච්ඡාවක් සාමාන්‍යයෙන් කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න.

d නෝට්ටේකර් කියන්නේ ඉලෙක්ට්‍රෝනික උපකරණයක්. ඒකට ඇතුළත් කරන ලිපියක තියෙන දේවල් ඇඟිලි තුඩුවලට දැනෙන තිත් විදිහට බ්‍රේල් අකුරුවලින් මතු කරන්න හෝ ඇහෙන්න සලස්වන්න ඒ උපකරණයට පුළුවන්. සමහර උපකරණවල ඒ පහසුකම් දෙකම තියෙනවා. ඒ උපකරණයක් තියෙනවා නම් කෙනෙක්ට බ්‍රේල් පොත් පත් ගොඩගහගන්න ඕනෙ නැහැ.

e ස්ක්‍රීන් රීඩර් සහ ඕඩියෝවලට ඇහුම්කන් දෙන්න පාවිච්චි කරන ඩිජිටල් උපකරණවලට පුළුවන් ලිපියක තියෙන දේ ඇහෙන්න සලස්වන්න. ප්‍රකාශනයක ඕනෙම ලිපියකට ගිහිල්ලා ඒකේ තියෙන තොරතුරුවලට ඇහුම්කන් දෙන්නත් කෙනෙක්ට පුළුවන්.

f පසුබිම් කථනය කියන්නේ වීඩියෝ එකක පෙන්නන දේ කෙනෙක්ට ඇහෙන්න සලස්වන එකටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න