සෝදිසියෙන් ඉන්න!
වෛරයෙන් තොර සමාජයක් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ජාතිය, ආගම, හමේ පාට, ස්ත්රී පුරුෂභාවය වගේ දේවල් මුල් කරගෙන වෙන අපරාධ අද වෙද්දී කනගාටුදායක විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද හුඟදෙනෙක් ජීවත් වෙන්නේ බයෙන්. මේ වගේ අපරාධවලට මැදි වුණ හුඟදෙනෙක් ශාරීරිකව, මානසිකව වධ විඳිනවා. සමහරු ජීවිතෙන් පවා වන්දි ගෙවලා තියෙනවා.
බයිබලයේ කලින්ම කියලා තිබුණා අපේ කාලේ ඉන්න යන්නේ ‘තමන්ගෙම අය ගැනවත් කිසිම සෙනෙහසක් නැති, දරුණු, යහපත් දේ පිළිකුල් කරන’ මිනිස්සු කියලා. (2 තිමෝති 3:1-5) ඉතින් වෛරයෙන් තොර සමාජයක් කවදා හරි බිහි වෙයිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
වෛරයෙන් තොර සමාජයක් බිහි වෙන්නේ කොහොමද?
දෙවියන්ට ඒක කරන්න පුළුවන් කියලත් ඔහු ඒක කරන්න පොරොන්දු වෙලා තියෙනවා කියලත් බයිබලයේ කියනවා.
‘දුෂ්ට අය නැත්තටම නැති වෙලා යනවා. ඒත් නිහතමානී අය පොළොව උරුම කරගන්නවා. හැම තැනම පැතිරිලා තියෙන සාමය නිසා ඔවුන් සතුටින් ඉපිල යනවා.’ (ගීතාවලිය 37:9-11) අනිත් අයට දිගින් දිගටම හානියක් කරන්න දෙවියන් දුෂ්ට මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ.
“දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. මරණය නැත්තටම නැති වෙනවා. ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.” (එළිදරව් 21:4) මේ හිරිහැර නිසා ඇති වුණ හැම ශාරීරික, මානසික තුවාලයක්ම දෙවියන් සුව කරනවා.
‘දෙවියන් මැරුණ අයව නැවත නැඟිට්ටවනවා.’ (ක්රියා 24:15) මේ වගේ අපරාධවලට ගොදුරු වුණ අය ඇතුළුව මිලියන ගාණක් නැවත නැඟිට්ටවනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා.
වෛරය පිරුණු සමාජයක සහනයක්
වෛරයෙන් තොර සමාජයක් ගැන බලාපොරොත්තුවක් දෙනවාට අමතරව මේ කාලෙදීත් ඒකට හොඳින් මුහුණ දෙන්න බයිබලයේ තියෙන ඔවදන් අපිට උදව් වෙනවා. මේ ප්රශ්නවලට බයිබලේ දෙන උත්තර හොයලා බලන්න ඔයා කැමතිද?
හිරිහැර, අපරාධවලට මුල් වෙන වෛරය පරද්දන්න අපිට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැන දැනගන්න “වෛරයේ ගිනිදලු නිවලා දාමු!” කියන ‘මුරටැඹ’ සඟරාව බලන්න.
දෙවියන් අද කාලේ මෙච්චර දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි? ඒ ගැන දැනගන්න ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.