ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 138 ලිපිය
  • ‘යුද්ධ ගැන ඔයාලට ආරංචි වෙයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යුද්ධ ගැන ඔයාලට ආරංචි වෙයි’
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් උගන්නපු දේ
  • යේසුස් කරන්න යන දේ
  • මේ ගහමරාගැනිලි කවදා කෙළවර වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • යුද්ධයෙන් තොර ලොවක් නුදුරෙහි
    1996 පිබිදෙව්!
  • දෙවිගේ යුද්ධය ළඟදීම පටන්ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අද දින
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 138 ලිපිය
පින්තූර:අද අපි ජීවත් වෙන කාලේ ගැන යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කතා කරනවා. අද සිද්ධ වෙන යුද්ධ රවුම් පින්තූරවලින් පෙන්නනවා. ගිනිබත් වුණ නගරයක්, න්‍යෂ්ටික බෝම්බයක් නිසා ඇති වුණ ලොකු දුමක්, යුධ ටැංකි සහ යුධ භටයන්.

යේසුස්ගෙන් ඉගෙනගන්න

‘යුද්ධ ගැන ඔයාලට ආරංචි වෙයි’

“1960වල ඉඳන් මං මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරනවා. ඒ කාලේ පුරාම යුද්ධ 40කට වඩා වැඩි ප්‍රමාණයක් ගැන මං වාර්තා කරලා තියෙනවා. සීතල යුද්දේ දරුණුම වුණ කාලෙත් මං දැක්කා. ඒක එක සැරේම නතර වුණ විදිහත් මං දැක්කා. හැබැයි 2025 අවුරුද්දේ වුණ දේවල් නම් මීට කලින් කවදාවත් වෙනවා මං දැකලා නැහැ. මං එහෙම කියන්නේ ලෝකේ පුරාම ලොකු ලොකු යුද්ධ ඇති වුණ නිසාම නෙමෙයි. ඒ එක යුද්ධයක් නිසා මුළු ලෝකෙටම වගේ ලොකු බලපෑමක් වෙන්න පුළුවන් නිසයි.”—ජෝන් සිම්ප්සන්, BBC ලෝක පුවත් සංස්කාරක.

ලෝකේ පුරාම සිද්ධ වෙන යුද්ධ නිසා මිනිස්සු ඉන්නේ ගොඩක් බයෙන්. කවදා මේවා ඉවර වෙයිද කියලා හුඟදෙනෙක් කල්පනා කරනවා. යේසුස් මොනවාද ඒ ගැන කිව්වේ?

යේසුස් උගන්නපු දේ

අද සිද්ධ වෙන දේවල් ගැන යේසුස් කලින්ම ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි.”—මතෙව් 24:6.

ඇත්ත, අද සිද්ධ වෙන යුද්ධ සහ සැහැසික දේවල් දැකලා හැමෝගෙම හිත්වල ලොකු තිගැස්මක් ඇති වෙලා තියෙනවා. ඒත් ඒ හැම දරුණු දේකටම අවසානයක් තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? යේසුස් කිව්වා මහා පරිමාණයේ යුද්ධ ඇතුළු තවත් හුඟක් ප්‍රශ්න ඇති වෙනවා කියලා. මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ පිරිහෙනවා කියලත් ඔහු කිව්වා. ඒ වගේම ඔහු කිව්වා ඒ දේවල් ‘පවතින සමාජයේ අවසාන කාලය පටන් අරන් කියලා දැනගන්න’ උදව් වෙන ‘ලකුණට’ අයිතියි කියලා. (මතෙව් 24:3; ලූක් 21:7) ඒ කියන්නේ යේසුස් ඉස්සරහට මේ පොළොවේ සිද්ධ වෙන හැම යුද්ධයක්ම නවත්තන්න යනවා. ඒත් ඒ කොහොමද?

යේසුස් කරන්න යන දේ

ළඟදීම දේවරාජ්‍යයේ රජ වන යේසුස් ‘පොළොව පුරාම සිද්ධ වෙන යුද්ධ නවත්තලා දානවා.’—ගීතාවලිය 46:9.

ඉස්සරහට අපිට ලැබෙන්න යන සාමයෙන් පිරුණු ඒ ලස්සන අනාගතේ ගැනත් එදාට අපි ගත කරන්න යන ජීවිතේ ගැනත් දැනගන්න කැමති නම් “යුද ගිනි නිවලාම දාන දවස” කියන ලිපිය කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න