ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 136 ලිපිය
  • දෙවියන්ව අඳුරගන්න වෙලාව ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ව අඳුරගන්න වෙලාව ගන්න
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කිව්වේ මොනවාද?
  • “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
    “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
  • සන්තෝෂය අත් කරගත හැකි අයුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කෙසේද?
    2009 පිබිදෙව්!
  • සැබෑ සතුට සිහිනයක් නෙවෙයි!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
තවත් ලිපි
mrt 136 ලිපිය
ලෝකේ පුරා ඉන්න යෞවන අය බයිබලය කියවන විදිහ, අධ්‍යයනය කරන්න වෙලාව වෙන් කරන විදිහ සහ යාච්ඤා කරන විදිහ පෙන්නන පින්තූර පෙළක්.

යේසුස්ගෙන් ඉගෙනගන්න

දෙවියන්ව අඳුරගන්න වෙලාව ගන්න

ඔයා දෙවියන්ව අඳුරගන්න වෙලාවක් වෙන් කළොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා. එහෙම කරන එකෙන් ඔයා පෙන්නන්නේ ඔයාගේ ජීවිතේට දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙ කියන එකයි. බලන්න යේසුස් ඒ ගැන කියපු දේ.

යේසුස් කිව්වේ මොනවාද?

“දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.

  • මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න අපි හැමෝම ආසයි. ඇත්තටම, අපි ජීවත් වෙන එකේ අරමුණ මොකක්ද? ඇයි මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ? කෙනෙක් මැරුණාම ඇත්තටම එයාට මොනවාද වෙන්නේ? ජීවිතේට සතුට ළං කරගන්න නම් අපි මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්නම ඕනේ.

“මිනිස්සු එයාලාගේ ජීවිත පවත්වගෙන යන්න ඕනෙ කෑමවලින් විතරක් නෙමෙයි, යෙහෝවාa කියන හැම දෙයක්මත් ඒකට අත්‍යවශ්‍යයි.”—මතෙව් 4:4.

  • සතුටින් ඉන්න අපිට දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙමයි. ඒක හරියට, අපිට ජීවත් වෙන්න කෑම ඕනෙ වගේ. ඒකයි යේසුත් කිව්වේ නිතරම දෙවියන් කියන දේවල් හොයලා බලන එක වැදගත් කියලා.

“ඔයා කියන දේවල් සත්‍යයයි.”—යොහන් 17:17.

  • දෙවියන් කියන දේවල් දැනගන්න පුළුවන් ප්‍රධානම විදිහ මොකක්ද කියලා යේසුස් කිව්වා. ඒ, දෙවියන්ගේ වචනයෙන්. ඒ කියන්නේ බයිබලෙන්.

දෙවියන්ව අඳුරගන්න ඔයා වෙලාවක් වෙන් කරගත්තොත් ජීවිතේට නියම සතුට එකතු කරගන්න ඔයාට පුළුවන්. ඒකට මේ දේවල් උදව් වෙයි.

  • නොමිලේ බයිබලය කියවන්න.

  • බයිබලය ගැන උගන්නන කෙනෙක් එක්ක බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න