ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 167 ලිපිය
  • මුල්ම පාපය මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුල්ම පාපය මොකක්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • “මුල්ම පාපය” ආදම් සහ ඒවට බලපෑවේ කොහොමද?
  • “මුල්ම පාපය” අපිට බලපාන්නේ කොහොමද?
  • “මුල්ම පාපයේ” නරක ප්‍රතිඵලවලින් අපිට නිදහස් වෙන්න පුළුවන්ද?
  • “මුල්ම පාපය” ගැන තියෙන වැරදි මත
  • මුලින්ම සිදු වූ වරද කුමක්ද?
    2006 පිබිදෙව්!
  • “යේසුස් ගළවයි!”—ඒ කෙසේද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්තිම සතුරා වන මරණය නැති කරයි
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 167 ලිපිය
ආදම් සහ ඒව උයනේදී එකිනෙකා දෙස බලාගෙන ඉන්නවා. ආදම්ගේ අතේ තියෙන්නේ කන්න එපා කියපු ගහේ ගෙඩියක්.

මුල්ම පාපය මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ආදම් සහ ඒව තමයි මුලින්ම පව් කරපු මනුෂ්‍යයන්. එයාලා දෙවියන්ට අකීකරු වෙලා “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන්” ගෙඩි කෑවා. හුඟක් අය ඒකට තමයි මුල්ම පාපයa කියලා කියන්නේ. (උත්පත්ති 2:16, 17; 3:6; රෝම 5:19) ඒ ගසෙන් නියෝජනය වුණේ මිනිසුන් වෙනුවෙන් හරි වැරැද්ද තීරණය කිරීමට දෙවියන්ට තියෙන අයිතිය. ඒ නිසා ඒකෙන් කන්න ආදම් සහ ඒවට අවසර තිබුණේ නැහැ. ඒ ගසෙන් ගෙඩි කාපු වෙලාවේ ආදම් සහ ඒව පෙන්නුවේ ඒ අයිතිය එයාලා තමන් අතට ගන්නවා කියලයි. එයාලා දෙවියන්ගේ අධිකාරිය ප්‍රතික්ෂේප කළා.

  • “මුල්ම පාපය” ආදම් සහ ඒවට බලපෑවේ කොහොමද?

  • “මුල්ම පාපය” අපිට බලපාන්නේ කොහොමද?

  • “මුල්ම පාපයේ” නරක ප්‍රතිඵලවලින් අපිට නිදහස් වෙන්න පුළුවන්ද?

  • “මුල්ම පාපය” ගැන තියෙන වැරදි මත

“මුල්ම පාපය” ආදම් සහ ඒවට බලපෑවේ කොහොමද?

ආදම් සහ ඒව පව් කරපු නිසා එයාලා ටිකෙන් ටික වයසට ගිහින් මිය ගියා. දෙවියන් එක්ක එයාලට තිබුණ බැඳීම බිඳුණා. නිරෝගීව, සදහටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාව එයාලා නැති කරගත්තා.—උත්පත්ති 3:19.

“මුල්ම පාපය” අපිට බලපාන්නේ කොහොමද?

ආදම් සහ ඒවගෙන් පැවත ආපු හැමෝටම එයාලගේ පාපය උරුම වුණා. ඒක හරියට පරම්පරාගත රෝගයක් දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම වෙනවා වගේ. (රෝම 5:12) ඒ නිසා හැම මනුෂ්‍යයෙක්ම ඉපදෙන්නේ “පාපය”b ඇතුව. ඒ කියන්නේ වැරදි දේවල් කරන්න උපතින්ම අපිට නැඹුරුවාවක් තියෙනවා.—ගීතාවලිය 51:5; එෆීස 2:3.

අපිට උරුම වෙලා තියෙන පාපය නිසා අපි අසනීප වෙනවා. වයසට යනවා. අන්තිමේදී මිය යනවා. (රෝම 6:23) ඒ වගේම අපි අතින් වෙන වැරදි නිසාත් අනිත් අය අතින් වෙන වැරදි නිසාත් අපි දුක් විඳිනවා.—දේශනාකාරයා 8:9; යාකොබ් 3:2.

“මුල්ම පාපයේ” නරක ප්‍රතිඵලවලින් අපිට නිදහස් වෙන්න පුළුවන්ද?

ඔව්. ‘අපගේ පව්වලට සමාව ලබාගෙන දෙවියන් සමඟ සමාදාන වීමට මඟ පාදන පූජාවක්’ යේසුස් ඔප්පු කළා කියලා බයිබලයේ කියනවා. (1 යොහන් 4:10) යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට උරුම වෙලා තියෙන පාපයෙන් නිදහස් වෙලා ආදම් සහ ඒව නැති කරගත්ත ජීවිතේ ආයෙත් ලබාගන්න අපිට අවස්ථාව තියෙනවා.—යොහන් 3:16.c

“මුල්ම පාපය” ගැන තියෙන වැරදි මත

වැරදි මතය: මුල්ම පාපය නිසා අපිට කවදාවත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බැහැ.

ඇත්ත මේකයි: ආදම් සහ ඒව කරපු වරදට දෙවියන් අපිට දොස් කියන්නේ නැහැ. අපි පව්කාරයන් කියලා දෙවියන් දන්නවා. ඒ නිසා අපිට කරන්න බැරි දේවල් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතාවලිය 103:14) අපිට උරුම වෙලා තියෙන පාපය නිසා අපි දුක් වින්දත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට අවස්ථාව තියෙනවා.—හිතෝපදේශ 3:32.

වැරදි මතය: කෙනෙක් බව්තීස්ම වෙද්දී මුල්ම පාපයෙන් එයා නිදහස් වෙනවා. ඒ නිසා ළදරුවන්ව බව්තීස්ම කරන්න ඕනේ.

ඇත්ත මේකයි: ගැලවීම ලබාගන්න බව්තීස්මය අත්‍යවශ්‍ය පියවරක්. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තිබ්බොත් විතරයි කෙනෙක්ට පාපයෙන් පවිත්‍ර වෙන්න පුළුවන් වෙන්නේ. (1 පේතෘස් 3:21; 1 යොහන් 1:7) විශ්වාසයක් ඇති වෙන්නේ දැනුම මත. ඒ නිසා ළදරුවෙක්ට බැහැ දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න. ළදරු බව්තීස්මය බයිබලයේ අනුමත කරන්නේ නැහැ. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීනුත් ළදරුවන්ව බව්තීස්ම කළේ නැහැ. ඒ වෙනුවට එයාලා බව්තීස්ම කළේ ශුභාරංචිය විශ්වාස කරපු ‘පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව.’—ක්‍රියා 2:41; 8:12.

වැරදි මතය: කන්න එපා කියපු ගහෙන් මුලින්ම කෑවේ ඒව නිසා දෙවියන් කාන්තාවන්ට ශාප කළා.

ඇත්ත මේකයි: දෙවියන් ශාප කළේ කාන්තාවන්ට නෙමෙයි ඒවව පව් කරන්න පොලඹවපු ‘යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුල් සර්පයාටයි.’ (එළිදරව් 12:9; උත්පත්ති 3:14) ඒ විතරක් නෙවෙයි මුල් පාපයට මූලිකව වග කියන්න ඕනෙ ආදම් කියලයි දෙවියන් කිව්වේ.—රෝම 5:12.

ආදම් ඔහුගේ බිරිඳව පාලනය කරයි කියලා දෙවියන් කිව්වේ ඇයි? (උත්පත්ති 3:16) එහෙම කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා දෙවියන් ඒකෙන් ඇඟෙව්වේ නැහැ. ඒ වෙනුවට දෙවියන් කිව්වේ පව්කාර ස්වභාවය ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර තියෙන බැඳීමට බලපාන්න යන විදිහයි. සැමියා තම බිරිඳට ආදරෙන් සහ ගෞරවයෙන් සලකයි කියලත් අනිත් කාන්තාවන්ට ගෞරවයෙන් සලකයි කියලත් දෙවියන් බලාපොරොත්තු වෙනවා.—එෆීස 5:25; 1 පේතෘස් 3:7.

වැරදි මතය: මුල්ම පාපය වුණේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමයි.

ඇත්ත මේකයි: මේ හේතු නිසා මුල්ම පාපය ලිංගික සම්බන්ධකම් පැවැත්වීම නෙමෙයි කියලා කියන්න පුළුවන්:

  • හොඳ හා නරක හඳුනාගැනීම යන නමින් හැඳින්වෙන ගසෙන් කන්න එපා කියලා දෙවියන් ආදම්ට අණ කළේ ඒවව නිර්මාණය කරන්න කලින්. ඒ කියන්නේ ආදම් තනියම හිටපු කාලේ.—උත්පත්ති 2:17, 18.

  • “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න” කියලා දෙවියන් ආදම්ටයි, ඒවටයි කිව්වා. (උත්පත්ති 1:28) දෙවියන් එයාලට කරන්න කියලා කිව්ව දේ කරපු නිසා එයාලට දඬුවම් කළා නම් ඒක අසාධාරණයි.

  • ආදම් සහ ඒව පව් කළේ එකම වෙලාවේ නෙමෙයි. මුලින් ඒව. ඊටපස්සේ ආදම්.—උත්පත්ති 3:6.

  • ස්වාමිපුරුෂයෙක් තම බිරිඳ සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම බයිබලයේ තහනම් කරලා නැහැ.—හිතෝපදේශ 5:18, 19; 1 කොරින්ති 7:3.

a “මුල්ම පාපය” කියන යෙදුම බයිබලයේ කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. සාතන් ඒවව රවට්ටන්න කියපු බොරු තමයි බයිබලයේ වාර්තා වෙන මුල්ම පාපය.—උත්පත්ති 3:4, 5; යොහන් 8:44.

b බයිබලයේ “පාපය” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ අපි කරන වැරදි ක්‍රියාවලට යොමු දක්වන්න විතරක් නෙමෙයි. අපිට උරුම වෙලා තියෙන පව්කාර ස්වභාවය විස්තර කරන්නත් ඒ වචනය පාවිච්චි කරනවා.

c යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් අපිට ඒකෙන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන් විදිහ ගැනත් වැඩි විස්තර දැනගන්න “යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න