ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 166 ලිපිය
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • මුදල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද?
  • මුදල්වලට තියෙන දැඩි ආශාව ගැන බයිබලයේ අනතුරු අඟවන්නේ ඇයි?
  • මුදල් ගැන බයිබලයේ දීලා තියෙන උපදෙස් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
  • මුදල්
    2014 පිබිදෙව්!
  • ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
    2015 පිබිදෙව්!
  • මුදලට වඩා වටිනා දෙයක් ඇද්ද?
    2007 පිබිදෙව්!
  • මුදල් පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගත හැකි අයුරු
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 166 ලිපිය
මුදල් තොගයක් තමන් සතු කරගන්න උත්සාහ කරන මිනිසෙක්.

හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

නැහැ. මුදල් හානිදායක දෙයක් කියලවත් හැම නපුරකටම හේතුව මුදල් කියලවත් බයිබලයේ කියන්නේ නැහැ. “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්” කියලා සමහරු කිව්වත් බයිබලේ ඒක සඳහන් වෙන්නේ ඒ විදිහට නෙමෙයි. බයිබලයේ කියන්නේ “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය” කියලා.—1 තිමෝති 6:10.

  • මුදල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද?

  • මුදල්වලට තියෙන දැඩි ආශාව ගැන බයිබලයේ අනතුරු අඟවන්නේ ඇයි?

  • මුදල් ගැන බයිබලයේ දීලා තියෙන උපදෙස් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

  • මුදල් ගැන සඳහන් බයිබල් පද

මුදල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද?

අපි ඥානවන්ත විදිහට මුදල් පාවිච්චි කරනවා නම් ඒකෙන් අපිට ප්‍රයෝජන තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. මුදල අපිට “ආරක්ෂාවක්” වෙන්න පුළුවන්. (දේශනාකාරයා 7:12) ඒ වගේම ත්‍යාගශීලී අයව බයිබලයේ අගය කරලා තියෙනවා. අනිත් අයට මුදල්හදල් දීලා උදව් කරන එක ත්‍යාගශීලී වෙන්න පුළුවන් එක විදිහක්.—හිතෝපදේශ 11:25.

ඒත් එක්කම බයිබලයේ අනතුරු අඟවලා තියෙනවා මුදල් හම්බ කරන එකට ජීවිතයේ මුල් තැන දෙන්න එපා කියලා. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 13:5) ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි මුදල් පස්සෙම යන එකයි වැරදි. කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් වගේ අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නම් අපි සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න ඕනේ.—1 තිමෝති 6:8.

මුදල්වලට තියෙන දැඩි ආශාව ගැන බයිබලයේ අනතුරු අඟවන්නේ ඇයි?

කෑදර අයට සදාකාල ජීවිතය ලැබෙන්නේ නැහැ. (එෆීස 5:5) ඒකට එක හේතුවක් කෑදරකම රූප නමස්කාරයට, ඒ කියන්නේ බොරු දෙවිවරුන්ට කරන නමස්කාරයට සමාන වෙන එක. (කොලොස්සි 3:5) තවත් හේතුවක් තමයි කෑදර මිනිස්සු තමන් ආස කරන දේ කොහොමහරි ලබාගන්න හදන නිසා එයාලා හොඳ ප්‍රතිපත්ති රකින්නේ නැති එක. හිතෝපදේශ 28:20 මෙහෙම කියනවා. “පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.” ඒ වගේ අය කප්පම් ගන්න, වංචා කරන්න, අනිත් අයව පැහැර ගන්න, මිනී මරන්න පවා පෙලඹෙන්න පුළුවන්.

මුදල්වලට දැඩි ආශාවක් තියෙන හැම කෙනෙක්ම ඒ වගේ නරක දේවල් නොකරන්න පුළුවන්. ඒත් එයාලට නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත. ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නවා” කියලා බයිබලයේ කියනවා.—1 තිමෝති 6:9.

මුදල් ගැන බයිබලයේ දීලා තියෙන උපදෙස් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

මුදල් හම්බ කරන්න අපි වැරදි දේවල් කළොත් අපිට තියෙන ආත්ම ගෞරවය නැති වෙයි. දෙවියන්ගේ අනුමැතිය සහ උපකාරයත් අපිට ලැබෙන්නේ නැහැ. දෙවියන්ව සතුටු කරන්න අවංක උත්සාහයක් දරන අයට ඔහු මෙහෙම කියනවා. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.” (හෙබ්‍රෙව් 13:5, 6) “විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ” කියලත් දෙවියන් පොරොන්දු වෙනවා.—හිතෝපදේශ 28:20.

මුදල් ගැන සඳහන් බයිබල් පද

දේශනාකාරයා 7:12: “මුදල ආරක්ෂාවක්.”

තේරුම: අපි ඥානවන්ත විදිහට මුදල් පාවිච්චි කළොත් ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒකෙන් අපිට යම් ආරක්ෂාවක් ලැබෙනවා.

ලූක් 12:15: “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”

තේරුම: ජීවිතයේ වැදගත්ම දේ මුදල් නෙමෙයි. ඒකෙන් අපිට ගැලවීම ලැබෙන්නේ නැහැ.

1 තිමෝති 6:10: “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා ඔවුන් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇති අතර තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු වී ඇත.”

තේරුම: මුදල් තියන එක වරදක් නෙමෙයි. ඒත් මුදලට තියෙන දැඩි ආශාව නිසා මුදල් පස්සේ යන අය පවුල් ජීවිතේ ප්‍රශ්නවලට, සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා.

හෙබ්‍රෙව් 13:5: “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න.”

තේරුම: හැම දේම පරදුවට තියලා මුදල් පස්සේ යන්නේ නැතුව අපිට අත්‍යවශ්‍ය දේවලින් සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න එක ඥානවන්ත දෙයක්.

මතෙව් 19:24: “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුයි.”

තේරුම: ඒ වචන කියන්න කලින් යේසුස් ධනවත් තරුණයෙකුට ඔහුගේ අනුගාමියෙක් වෙන්න කියලා ආරාධනා කළා. ඒ තරුණයා එයාගේ ධන සම්පත්වලට ගොඩක් ඇලුම් කරපු නිසා ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළා. යේසුස් ඒ උදාහරණයෙන් අනතුරු ඇඟෙව්වේ දෙවියන්ට දෙන්න ඕනෙ තැන ධන සම්පත්වලට දුන්නොත් කෙනෙක්ට සදාකාල ජීවිතය අහිමි වෙන්න පුළුවන් කියලයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න