ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 168 ලිපිය
  • විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • යුවළක් විවාහ වෙනවාද නැද්ද කියන එක දෙවියන්ට වැදගත් වෙන්නේ ඇයි?
  • දෙන්නා ගැළපෙනවාද කියලා බලන්න විවාහ වෙන්න කලින් එකට ජීවත් වෙන්න බැරිද?
  • ශක්තිමත් විවාහ ජීවිතයකට රහස මොකක්ද?
  • බඳින්න කලින් එකට ජීවත් වෙන එක හරිද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • විවාහ වීමට පෙර එකට ජීවත් වීම සුදුසුද?
    2009 පිබිදෙව්!
  • සාර්ථක විවාහයකට සූදානම් වීම
    පවුලේ සන්තෝෂයට රහස
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 168 ලිපිය
කාන්තාවක් ඇගේ නිවසේ යතුර පිරිමි කෙනෙකුට දෙනවා.

විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවියන් කැමති මිනිසුන් “වේශ්‍යාකමින් වැළකී සිටිනවාටයි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 තෙසලෝනික 4:3) “වේශ්‍යාකම” කියලා බයිබලයේ පාවිච්චි කරන වචනයට අනාචාරය, සමලිංගික ක්‍රියා, විවාහ නොවූ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඇතුළත් වෙනවා.

  • යුවළක් විවාහ වෙනවාද නැද්ද කියන එක දෙවියන්ට වැදගත් වෙන්නේ ඇයි?

  • දෙන්නා ගැළපෙනවාද කියලා බලන්න විවාහ වෙන්න කලින් එකට ජීවත් වෙන්න බැරිද?

  • ශක්තිමත් විවාහ ජීවිතයකට රහස මොකක්ද?

යුවළක් විවාහ වෙනවාද නැද්ද කියන එක දෙවියන්ට වැදගත් වෙන්නේ ඇයි?

  • විවාහය කියන සැලැස්ම ආරම්භ කළේ දෙවියන්. මුල් මිනිසාව සහ ස්ත්‍රියව යුවළක් විදිහට එකතු කිරීමෙනුයි දෙවියන් ඒ දේ කළේ. (උත්පත්ති 2:22-24) විවාහය කියන්නේ බාරදූර වගකීමක්. ඒ වගකීම භාරගන්නේ නැතුව ස්ත්‍රියක් සහ පුරුෂයෙක් එකට ජීවත් වෙන එක දෙවියන්ගේ අරමුණට එකඟ නැහැ.

  • මිනිසුන්ට ඕනෙ හොඳම දේ මොකක්ද කියලා දෙවියන් දන්නවා. ඔහු විවාහ සැලැස්ම ඇති කළේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර තාවකාලික බැඳීමක් නෙමෙයි, ස්ථිර බැඳීමක් ඇති කරන්නයි. ඒ වගේ බැඳීමකින් පවුලේ හැමෝටම ප්‍රයෝජන ලැබෙනවා. මේ උදාහරණය ගැන ටිකක් හිතලා බලන්න. සමහර ගෘහ භාණ්ඩ තියෙනවා ඒකෙ කොටස් ගෙදර ගෙනල්ලා එකට සම්බන්ධ කරන්න ඕනේ. ඒක හරියටම කරන්න නම් නිෂ්පාදකයාගේ උපදෙස් පත්‍රිකාවේ පෙන්නලා තියෙන විදිහටම කරන්න ඕනේ. පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහ ගැනත් දෙවියන් අපිට උපදෙස් දීලා තියෙනවා. ඔහු කියන විදිහටම අපි දේවල් කළොත් අනිවාර්යයෙන්ම අපිට සාර්ථක වෙන්න පුළුවන්.—යෙසායා 48:17, 18.

    පුරුෂයෙක් ගෘහ භාණ්ඩයක් සවි කරන විදිහ ගැන තියෙන උපදෙස් පත්‍රිකාවක් කියවනවා.

    ගෘහ භාණ්ඩයක කොටස් හරියට සම්බන්ධ කරගන්න විදිහ ගැන නිෂ්පාදකයාගේ උපදෙස් පත්‍රිකාවේ කියලා තියෙනවා. ඒ වගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහ ගැනත් දෙවියන් අපිට උපදෙස් දීලා තියෙනවා

  • විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් දරුණු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගිකව බෝ වෙන රෝග, පසුතැවෙන්න වෙන එක ඉන් කිහිපයක් විතරයි.

  • ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් දරුවන් බිහි කිරීමේ හැකියාව දෙවියන් කාන්තාවන්ට සහ පුරුෂයන්ට දීලා තියෙනවා. දෙවියන් ජීවිතය සලකන්නේ පරිශුද්ධ දෙයක් විදිහට. ඒ නිසා දරුවන් බිහි කිරීමේ හැකියාව දෙවියන් මිනිසුන්ට දීලා තියෙන මිල කළ නොහැකි තරම් වටින තෑග්ගක්. අපි ඒ තෑග්ග අගේ කරනවාට ඔහු කැමතියි. විවාහය සම්බන්ධයෙන් දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මට ගරු කිරීමෙන් අපිට ඒක පෙන්වන්න පුළුවන්.—හෙබ්‍රෙව් 13:4.

දෙන්නා ගැළපෙනවාද කියලා බලන්න විවාහ වෙන්න කලින් එකට ජීවත් වෙන්න බැරිද?

ඒ විදිහට ජීවත් වන අයට ඕනෑම වෙලාවක වෙන් වෙන්න නිදහස තියෙන නිසා එකිනෙකා අතර තියෙන බැඳීම ගැන කිසිම වගකීමේ හැඟීමක් එයාලට දැනෙන්නේ නැහැ. විවාහ ජීවිතය සාර්ථක වෙයිද නැද්ද කියලා දැනගන්න “අත්හදා බැලීමක්” විදිහට විවාහ නොවී යම් කාලයක් එකට ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට යුවළක් එකිනෙකාට විශ්වාසවන්ත නම්, එයාලා ගැටලු විසඳන්න එකට වැඩ කරනවා නම් විවාහය සාර්ථක කරගන්න එයාලට පුළුවන්.a—මතෙව් 19:6.

ශක්තිමත් විවාහ ජීවිතයකට රහස මොකක්ද?

කිසිම අඩුවක් නැති පරිපූර්ණ විවාහ ජීවිතයක් ගත කරන කවුරුත් නැහැ. ඒ වුණත් බයිබලයේ තියෙන උපදෙස් පිළිපැදලා විවාහ ජීවිතය සාර්ථක කරගන්න යුවළකට පුළුවන්. බයිබලයේ තියෙන උපදෙස් කිහිපයක් බලමු.

  • ඔයා ගැන හිතනවාට වඩා ඔයාගේ බිරිඳ/සැමියා ගැන හිතන්න.—1 කොරින්ති 7:3-5; ෆිලිප්පි 2:3, 4.

  • එකිනෙකාට ආදරෙන් සහ ගෞරවයෙන් සලකන එක පුරුද්දක් කරගන්න.—එෆීස 5:25, 33.

  • ඔයා කතා කරන විදිහ ගැන සැලකිලිමත් වෙන්න.—හිතෝපදේශ 12:18.

  • ඉවසිලිවන්ත වෙන්න. කල් දාන්නේ නැතුව ඉක්මනින් සමාව දෙන්න.—කොලොස්සි 3:13, 14.

a “පවුලේ සතුටට - බැඳීම රැකගන්න” ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න