ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 135 ලිපිය
  • ලෝකෙට සාමය උදා වෙනවාමයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකෙට සාමය උදා වෙනවාමයි!
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරන්න යන දේ
  • යේසුස් උගන්නපු දේ
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොහන් 14:27 - “නුඹලා වෙත සමාදානය තබා යමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
තවත් ලිපි
mrt 135 ලිපිය
යේසුස් ස්ත්‍රීන් සහ පුරුෂයන් කීපදෙනෙක්ට උගන්නනවා.

යේසුස්ගෙන් ඉගෙනගන්න

ලෝකෙට සාමය උදා වෙනවාමයි!

හැමෝම හීන මවන්නේ සාමය පිරුණු ලෝකෙක ජීවත් වෙන්න. ඉස්සර ඉඳන්ම මේ ලෝකේ පාලනය කරපු අය ලෝකෙට සාමය ගේන්න එක එක දේවල් කරලා තියෙනවා. ඒකට හොඳ ප්‍රතිඵල තිබිලා නැතුවමත් නෙමෙයි. හැබැයි වැඩි දවසක් යන්න කලින් ඒ ප්‍රශ්න ආයෙත් මතු වෙනවා. ඉතින් කවදාමහරි මේ මුළු ලෝකෙටම සාමය උදා වෙයිද? ඔව්, අනිවාර්යයෙන්ම! ඒ ගැන දැනගන්න යේසුස් ළඟදීම කරන්න යන දේවල් ගැනත් ඔහු උගන්නපු දේවල් ගැනත් අපි බලමු.

යේසුස් කරන්න යන දේ

ලෝකෙට සාමය ගේන්න යේසුස් ළඟදීම කරන්නේ මොනවාද කියලා බයිබලේ කියනවා.

  • ‘යේසුස්ව සමාදානයේ කුමාරයා කියලා හඳුන්වයි. ඔහුගේ පාලන බලයට සීමාවක්, මායිමක් නැහැ. ඒක හැම තැනටම විහිදෙනවා. ඒ සමාදානයට කෙළවරක් නැහැ.’ (යෙසායා 9:6, 7) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් තමයි කවදාවත් නැති වෙන්නේ නැති සාමයක් මේ ලෝකෙට ගේන්න යන්නේ.

  • ‘උදව් ඉල්ලලා හඬ නඟන දුප්පතාව ඔහු ගලවගනියි. අන්ත අසරණ වෙලා ඉන්න අයවත් ඔහු බේරගනියි.’ (ගීතාවලිය 72:12-14) යේසුස් ඔහුට ලැබිලා තියෙන බලය පාවිච්චි කරලා හැමෝටම සාධාරණය ඉටු කරනවා. යුද්ධ සහ අපරාධ නවත්තනවා. එදාට කිසිම කෙනෙක් දුක් විඳින්නේ නැහැ.

  • “ජාතියක් තව ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේ නැහැ. ඔවුන් ආයේ කවදාවත් යුද්ධ කරන්න ඉගෙනගන්නේ නැහැ.” (යෙසායා 2:4) යේසුස් පාලනය කරන කාලේදී ජීවත් වෙන අය ඉගෙනගන්නේ යුද්ධ කරන විදිහ නෙමෙයි, අනිත් අයත් එක්ක සමාදානයෙන් ජීවත් වෙන විදිහයි.

ඒ වගේ වෙනසක් යේසුස් කරන්නේ කොහොමද කියලත් එදාට ඔයාට ලැබෙන ජීවිතේ කොයි වගේද කියලත් දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.

යේසුස් උගන්නපු දේ

යේසුස් උගන්නපු දේවල් අනිත් අය එක්ක සාමයෙන් ජීවත් වෙන්න දැනුත් මිලියන ගාණකට උදව් වෙනවා. හැම දවසකම අනිත් අයත් එක්ක සාමයෙන් ඉන්න උදව් වෙන දේවල් කන්ද උඩ දේශනයේදී යේසුස් ඉගැන්නුවා. අපි ඒවායින් කීපයක් බලමු.

  • “සාමය ඇති කරන්න වෙහෙසෙන අය සන්තෝෂවත්.” (මතෙව් 5:9) අනිත් අය එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න විතරක් නෙමෙයි ප්‍රශ්නයක් වුණොත් සාමය ඇති කරන කෙනෙක් වෙන්න කියලත් යේසුස් දිරිගැන්නුවා.

  • “ඉස්සෙල්ලාම ඔයාගේ සහෝදරයා එක්ක සමාදාන වෙන්න. ඊටපස්සේ ඇවිත් ඔයාගේ පූජාව ඔප්පු කරන්න.” (මතෙව් 5:23, 24) කාත් එක්ක හරි අමනාපයක් තියෙනවා නම් කල් යවන්නේ නැතුව ඒක කතා කරලා විසඳගන්න කියලා යේසුස් කිව්වා. මොකද දෙවියන්ගේ හිත සතුටු කරන්න නම් අපි අනිත් අය එක්ක සමාදාන වෙන්නම ඕනේ.

  • “අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න. එතකොට ඔයාවත් විනිශ්චය කරන්නේ නැහැ.” (මතෙව් 7:1) අසාධාරණ විදිහට අනිත් අයව විනිශ්චය කරන එකෙන් නැති ප්‍රශ්නත් ඇති වෙනවා. ඒකයි යේසුස් කිව්වේ අනිත් අයගේ අඩුපාඩු හොයහොය යන්නේ නැතුව “දිගටම අනිත් අයට සමාව දෙන්න” කියලා.—ලූක් 6:37.

ලෝකේ පුරාම ඉන්න හුඟක් අය යේසුස් කියපු දේවල් කරනවා. ඒ නිසා යුද්ධ, අපරාධ වැඩි වැඩියෙන් සිද්ධ වෙන පැතිවල ජීවත් වෙන අයට වුණත් කේන්ති ගන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙලා තියෙනවා. එයාලා අනිත් අයට සමාව දෙනවා. අනිත් අය එයාලට කොච්චර නරක විදිහට සැලකුවත් එයාලා ඒ අයට සලකන්නේ ආදරෙන්.

හිතේ සාමයෙන් ඉන්න බයිබලේ තියෙන දේවල් සමහර අයට උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න “යුද ගිනි මැදත් හිතේ සාමයෙන්” කියන ලිපිය කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න