ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 183 ලිපිය
  • හොඳ යාළුවෙක් කියන්නේ කාටද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ යාළුවෙක් කියන්නේ කාටද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • හොඳ යාළුවෙක් කොයි වගේද?
  • හොඳ යාළුවන් වෙලා හිටපු අය ගැන බයිබලේ තියෙනවාද?
  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්ද?
  • ඔබ හොඳ මිතුරෙක්ද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මට මිත්‍රත්වයන් දිගටම පවත්වාගත නොහැක්කේ මන්ද?
    1996 පිබිදෙව්!
  • හිතෝපදේශ 17:17 - “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • කල්පවතින මිත්‍රත්වයන් භුක්තිවිඳීමට ඔබට හැක
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 183 ලිපිය
එක එක වයස් මට්ටම්වල ඉන්න යාළුවෝ කට්ටියක් ගිනි ගොඩක් වටේ ඉඳන් ඉන්නවා. එක් කෙනෙක් ගිටාර් එක ගහනවා.

හොඳ යාළුවෙක් කියන්නේ කාටද?

බයිබලයේ ඒ ගැන කියන දේ

සතුටින් ඉන්නත් ජීවිතේ සාර්ථක කරගන්නත් හොඳ යාළුවෝ ඉන්න එක අපිට උදව් වෙනවා. ඒ වගේම හොඳ යාළුවන්ට පුළුවන් හොඳ පුද්ගලයෙක් වෙන්න අපිට උදව් කරන්න.—හිතෝපදේශ 27:17.

ඒත් යාළුවෝ තෝරගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෙ කියලා බයිබලේ කියනවා. වැරදි අයව යාළුවෝ කරගත්තොත් ඒකෙන් ලැබෙන නරක ප්‍රතිඵල ගැනත් බයිබලේ කියනවා. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) ඒ වගේ යාළුවෝ නිසා අපේ හොඳ ගතිගුණ නැති වෙන්න පුළුවන්. අපි මෝඩ තීරණ ගන්නත් පෙලඹෙන්න පුළුවන්.

මේ ලිපියෙන්

  • හොඳ යාළුවෙක් කොයි වගේද?

  • හොඳ යාළුවන් වෙලා හිටපු අය ගැන බයිබලේ තියෙනවාද?

  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්ද?

  • මිතුදම් ශක්තිමත් කරගන්න එක ගැන සඳහන් බයිබල් පද

හොඳ යාළුවෙක් කොයි වගේද?

අපි කෙනෙක්ව යාළුවෙක් කරගන්න ඕනෙ ඒ කෙනා අපි කැමති දේවල්වලට කැමති නිසාම නෙවෙයි. උදාහරණෙකට බයිබලේ ගීතාවලිය 119:63 මෙහෙම කියනවා. “ඔබa කෙරෙහි ගරුබියක් ඇති අයද ඔබේ අණපනත් පිළිපදින අයද මාගේ මිතුරෝය.” ඒ බයිබල් ලේඛකයා යාළුවෝ කරගෙන තියෙන්නේ දෙවියන්ගේ හිතට දුකක් දෙන්න කැමති නැති, දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න කැමති අයව.

හොඳ යාළුවෙක්ට තියෙන්න ඕන ගතිගුණ ගැන බයිබලේ කියලා තියෙනවා. උදාහරණ දෙකක් බලන්න.

  • “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

  • “ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති. නමුත් සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.”—හිතෝපදේශ 18:24.

ඒ බයිබල් පදවල කියන විදිහට හොඳ යාළුවෙක් විශ්වාසවන්තයි. අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකනවා. ඒ වගේම එයා ළඟ තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. හොඳ යාළුවෙක් සැපේදී වගේම දුකේදීත් අපි ළඟින්ම ඉන්නවා. අපි වැරදි දෙයක් කරන්න යනවා කියලා දැක්කොත් නැත්නම් වැරදි තීරණයක් ගන්න යනවා කියලා දැක්කොත් එයා ඉක්මනින්ම ඒ ගැන අපිට කියනවා.—හිතෝපදේශ 27:6, 9.

හොඳ යාළුවන් වෙලා හිටපු අය ගැන බයිබලේ තියෙනවාද?

හොඳ මිතුදම් ඇති කරගන්න වයස, පසුබිම, සංස්කෘතිය, අධිකාරිය බාධාවක් කරගත්තේ නැති අය ගැන බයිබලේ තියෙනවා. උදාහරණ කීපයක් බලන්න.

  • රූත් සහ නායොමි. රූත් කියන්නේ නායොමිගේ ලේලි. ඒ දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි එයාලගේ සංස්කෘතියත් හාත්පසින්ම වෙනස්. හැබැයි හොඳ යාළුවෝ වෙන්න එයාලා ඒ දේවල් බාධාවක් කරගත්තේ නැහැ.—රූත් 1:16.

  • දාවිත් සහ යොනාතාන්. යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30ක් විතර වැඩිමල්. හැබැයි බයිබලේ කියන්නේ “යොනාතාන්ගේ සිත දාවිත් වෙත ඇදී ගියා” කියලා.—1 සාමුවෙල් 18:1.

  • යේසුස් සහ ඔහුගේ නියෝජිතයන්. නියෝජිතයන්ගේ ගුරුතුමා සහ ස්වාමීන් විදිහට යේසුස්ට යම් අධිකාරියක් තිබුණා. (යොහන් 13:13) හැබැයි තමන්ගේ යාළුවන් කරගන්න නියෝජිතයන් වටින්නේ නැහැ කියලා යේසුස් කවදාවත් හිතුවේ නැහැ. ඒ වෙනුවට යේසුස් ඔහු උගන්වපු දේවල් පිළිපැද්ද අයව කිට්ටුවෙන් ආශ්‍රය කළා. එක අවස්ථාවක ඔහු කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි. මගේ පියාණන් මට කියා දුන් සෑම දෙයක්ම මම ඔබට කියා දුන්නේ ඒ නිසයි.”—යොහන් 15:14, 15.

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්ද?

ඔව්. බයිබලේ කියනවා “අවංක අයට ඔහු ළංව සිටින්නේය” කියලා. (හිතෝපදේශ 3:32) දෙවියන් ඔහුගේ යාළුවන් විදිහට තෝරගන්නේ අවංක, ගෞරවනීයව හැසිරෙන, හරි වැරැද්ද ගැන ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන, යහපත් අයව. බයිබලේ සඳහන් වෙන ආබ්‍රහම් ඒ වගේ කෙනෙක්. දෙවියන් එයාව හැඳින්නුවේ ඔහුගේ මිතුරෙක් විදිහට.—2 ලේකම් 20:7; යෙසායා 41:8; යාකොබ් 2:23.

a අවට පද බලද්දී පැහැදිලි වෙනවා මේ බයිබල් පදේ “ඔබ” විදිහට හඳුන්වලා තියෙන්නේ දෙවියන්ව කියලා.

මිතුදම් ශක්තිමත් කරගන්න එක ගැන සඳහන් බයිබල් පද

ගීතාවලිය 119:63: “ඔබ කෙරෙහි ගරුබියක් ඇති අයද ඔබේ අණපනත් පිළිපදින අයද මාගේ මිතුරෝය.”

තේරුම: අපි යාළුවෝ කරගන්න ඕනෙ දෙවියන්ව විශ්වාස කරන, දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ආසාවක් තියෙන අයව.

හිතෝපදේශ 3:32: “වංක තැනැත්තා යෙහෝවාb දෙවිට පිළිකුලක්ය. නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.”

තේරුම: දෙවියන්ගේ යාළුවෙක් වෙන්න කැමති කෙනෙක් දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති පිළිපදින, අවංක කෙනෙක් වෙන්න ඕනේ.

හිතෝපදේශ 13:20: “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”

තේරුම: යාළුවෝ අපේ හොඳට හරි නරකට හරි බලපානවා.

හිතෝපදේශ 17:17: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”

තේරුම: හොඳ යාළුවෙක් සැපේදී වගේම දුකේදීත් ළඟින් ඉන්නවා.

හිතෝපදේශ 18:24: “ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති. නමුත් සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.”

තේරුම: හොඳ යාළුවෙක් කවදාවත් විශ්වාසය කඩ කරන්නේ නැහැ. අවංකව වැඩ කරනවා. ඒ වගේම ආදරෙන් සලකනවා.

හිතෝපදේශ 27:6: “ඔබට ප්‍රේම කරන කෙනෙකු ඔබේ සිත රිදෙව්වත් ඔහු එසේ කරන්නේ විශ්වාසවන්තකමින්ය.”

තේරුම: හොඳ යාළුවෙක් වරදක් පෙන්නලා දෙන්න අදිමදි කරන්නේ නැහැ.

හිතෝපදේශ 27:17: “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.”

තේරුම: හොඳ යාළුවෙක් හැම වෙලාවෙම අනිත් කෙනාට සාර්ථක වෙන්න උදව් කරනවා.

b සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න