ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 158 පි.-167 පි. 2 ¶
  • වෙනස් විදිහේ ශාඛා කාර්යාලයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙනස් විදිහේ ශාඛා කාර්යාලයක්
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • “මෙහේ සේවේ නම් නියමයි!”
  • අස්වැන්න විශාලයි
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 158 පි.-167 පි. 2 ¶

ඉන්දුනීසියාව

වෙනස් විදිහේ ශාඛා කාර්යාලයක්

ඉන්දුනීසියාවේ ජකාර්තා නගරයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය. ඒක තියෙන්නේ තට්ටු 42ක නවීන ගොඩනැඟිල්ලක 31වෙනි තට්ටුවේ

කාර්යාල තියෙන 31වෙනි තට්ටුව

2008දී ඉන්දුනීසියාවේ ප්‍රචාරකයන් 21,699ක උපරිමයක් වාර්තා වුණා. වැඩත් එන්න එන්නම වැඩි වුණ නිසා ශාඛා කාර්යාලයේ ඉඩ පහසුකමුත් මදි වුණා. තහනම තිබුණු කාලයේ හදපු නිසා ඒක තිබුණෙත් නගරයට හුඟක් ඈතින්. ඒ නිසා ජකාර්තාවලට කිට්ටුවෙන් අලුත් ශාඛා කාර්යාලයක් හදන්න ඕන වුණා.

අවුරුදු 2කට විතර පස්සේ සහෝදරයෝ ශාඛා කාර්යාලය අලුත් තැනකට අරගෙන ගියා. ජකාර්තා නගරයේ තියෙන තට්ටු 42ක නවීන ගොඩනැඟිල්ලක 31වෙනි තට්ටුව ඔවුන් ඒ වෙනුවෙන් මිල දී ගත්තා. වැඩ කරන අයට නවාතැන් දෙන්න ඔවුන් ඒ ළඟම තියෙන තවත් ගොඩනැඟිල්ලක තට්ටු 12ක් මිල දී ගත්තා. ඒකෙ 80දෙනෙක්ට විතර නවතින්න පුළුවන්. ඔවුන් තවත් තට්ටු 5ක ගොඩනැඟිල්ලකුත් මිල දී ගත්තා. රෙදි හෝදන එක, උයන එක වගේ ශාඛා කාර්යාලයේ වැඩ කරන අයට ඕන වෙනත් දේවල් කෙරුණේ ඒ ගොඩනැඟිල්ලේ.

බෙතෙල් සාමාජිකයන් නැවතිලා ඉන්න ගොඩනැඟිල්ල

තට්ටු 12ක් පුරා තියෙන බෙතෙල් එකේ අයගේ නවාතැන

වෙන රටවල්වලින් ආව ඉදිකිරීම් සේවකයෝ හා කොන්ත්‍රාත්කරුවෝ එකතු වෙලා ඒ ගොඩනැඟිලි අපේ වැඩවලට ගැළපෙන විදිහට හැදුවා. ව්‍යාපෘතිය භාරව හිටිය සහෝදර ඩැරන් බර්ග් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “විසඳෙන්නේ නැති වෙයි කියලා හිතපු ප්‍රශ්න දෙවි විසඳලා දුන්නේ පුදුම විදිහට. උදාහරණෙකට අපිට ඕන වුණා අපතේ යන ජලය පිරිසිදු කරන පද්ධතියක් ඒ ගොඩනැඟිල්ලට හයි කරන්න. ඒත් නිලධාරීන්ට ඒ ගැන එච්චර දැනුමක් තිබුණේ නැති නිසා එයාලා වැඩේට අනුමැතිය දුන්නේ නැහැ. ඉන්ජිනේරුවෙක් විදිහට වැඩ කරන සහෝදරයෙක් ගිහිල්ලා උසස් නිලධාරියෙකුට මේක තේරුම් කරලා දුන්නම, එයා කියපු දේ පිළිගත්ත නිලධාරියා ඉක්මනින්ම ඒක අනුමත කරලා දුන්නා.”

“දැන් අපිට හැංගිලා වැඩ කරන්න ඕනේ නැහැ. හැමෝම අපිව දන්නවා”

අලුත් ශාඛා කාර්යාලය 2015 පෙබරවාරි 14වෙනිදා යෙහෝවා දෙවිට කැප කළා. කැප කිරීමේ දේශනය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ඇන්තනි මොරිස්. ශාඛා කමිටු සාමාජිකයෙක් වන වින්සන්ට් වීටාන්ටෝ ඉපිකූසූමා මෙහෙම කිව්වා. “දැන් අපේ ශාඛා කාර්යාලය තියෙන්නේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක්ම තියෙන ප්‍රසිද්ධ නගරයක. දැන් අපිට හැංගිලා වැඩ කරන්න ඕනේ නැහැ. හැමෝම අපිව දන්නවා.”

ඉන්දුනීසියාවේ ශාඛා කමිටුවේ සාමාජිකයන්

ශාඛා කමිටුවේ සහෝදරයන්, වමේ සිට දකුණට: බූඩි සන්ටෝසා ලිම්, වින්සන්ට් වීටාන්ටෝ ඉපිකූසූමා, ලෝටා මීහාංක්, හීඩෙයූකී මෝටෝඊ

“මෙහේ සේවේ නම් නියමයි!”

පහුගිය අවුරුදු කිහිපය පුරාම වෙනත් රටවල්වල සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඉන්දුනීසියාවේ සේවය කරන්න ආවා. ඒ ගැන සහෝදර ලෝටා මීහාංක් කිව්වේ මෙහෙමයි. “ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට යන අය කරන්නේ ලොකු සේවයක්. එයාලගේ අද්දැකීම්වලින් සභාවේ අය ගොඩක් දේවල් ඉගෙනගන්නවා. එයාලගේ උද්‍යෝගය නිසා සභාවේ අයත් වැඩ කරන්නේ ලොකු උනන්දුවකින්. එයාලා නිසා ලෝකෙ පුරාම ඉන්න සහෝදරයන් ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙලා.” ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට යන්න ඔවුන් පෙලඹුණේ ඇයි? සේවය ගැන ඔවුන්ට දැනෙන්නේ කොහොමද? ඔවුන් කියන දේවල් බලන්න.

ඩෑන් සහ ජනීන් මෝර්; ස්ටුවට් සහ මැන්ඩි විලියම්ස්; ජේසන් සහ කේසි ගිබ්ස්; ටාකාහීරෝ සහ මාරි අකියාමා

සේවය කරන්න ආව අය

1. ජනීන් සහ ඩෑන් මෝර්

2. මැන්ඩි සහ ස්ටුවට් විලියම්ස්

3. කේසි සහ ජේසන් ගිබ්ස්

4. මාරි (ඉස්සරහා දකුණේ) සහ ටාකාහීරෝ අකියාමා (පිටිපස්සේ දකුණේ)

ජේසන් සහ කේසි ගිබ්ස් ආවේ ඇමරිකාවෙන්. ඔවුන් කිව්වේ මෙහෙමයි. “එක ප්‍රචාරකයෙක්ට දේශනා කරන්න තියෙන පුද්ගලයන්ගේ ගාණ වැඩිම රටවල් මොනවද කියලා අපි ‘වාර්ෂික පොතෙන්’ බැලුවා. ඒ අතරේ ඉන්දුනීසියාවත් තිබුණා. ප්‍රචාරකයෝ අඩු පැත්තක සේවය කරන්න ගිය අපේ යාලුවොත් කිව්වා ඉන්දුනීසියාවේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා කියලා. ඉතින් අපි ඉන්දුනීසියාවේ බෙතෙල් එකට කෝල් කළාම එයාලා අපිට කිව්වා බාලි දූපතේ සේවේ කරන්න කියලා. අපි ආපු දවස්වල සත්‍යයට උනන්දු, ඉංග්‍රීසි දන්න හුඟදෙනෙක් හිටියා. ඒ නිසා මෙහෙට ආව ගමන්ම අපි සේවේ පටන්ගත්තා. අපි හිතාගෙන හිටියේ අවුරුද්දක් මෙහෙ ඉන්න. ඒත් දැන් අපි ඇවිල්ලා අවුරුදු 3ක්. මෙහෙ හුඟක් අය යෙහෝවා දෙවි ගැන අහලා නැහැ. මේ රටේ සේවය කරන්න ලැබුණු එක ලොකු ආශීර්වාදයක්!”

ස්ටුවට් සහ මැන්ඩි විලියම්ස් ආවේ ඕස්ට්‍රේලියාවෙන්. මැදි වියේ ඉන්න ඔවුන් කිව්වේ මෙහෙමයි. “සත්‍යය දැනගන්න ආසාවෙන් ඉන්න අයට දේශනා කරන්නයි අපිට ඕන වුණේ. ඒ නිසා අපි මෙහෙට ආවා. මාලාංග්වල ඉංග්‍රීසි කතා කරන විශ්වවිද්‍යාල ළමයි ගොඩක් ඉන්නවා. එයාලා ආසාවෙන් අපේ පණිවිඩේ අහනවා. අපේ jw.org වෙබ් සයිට් එකටත් එයාලා හරිම ආසයි. මෙහේ සේවේ නම් කියලා වැඩක් නැහැ!”

ටාකාහීරෝ සහ මාරි අකියාමා සේවය කරන්නේ යෝගකර්තාවල. ඔවුන් කිව්වේ මෙහෙමයි. “ජපානෙට වඩා මෙහේ සේවේ ලේසියි. මිනිස්සු හරිම කරුණාවන්තයි. අනිත් ආගම් ගැන හොයලා බලන්නත් එයාලා ආසයි. විශේෂයෙන්ම තරුණ අය. දවසක් මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දී අපිට පුළුවන් වුණා පැය 5ක් ඇතුළත සඟරා 2,600ක් විතර දෙන්න.”

ඩෑන් සහ ජනීන් මෝර් අවුරුදු 60කට කිට්ටු යුවළක්. ඔවුන් කිව්වේ මෙහෙමයි. “සේවේ යනකොට මිනිස්සු අපිව වට කරගන්වා. අපි එයාලා එක්ක හිනා වුණාම එයාලත් හිනා වෙනවා. අපි මොනවද කරන්නේ කියලා එයාලට දැනගන්න ඕනේ. දේශනා කරද්දී එයාලා අපෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. බයිබල් පද පෙන්නුවාම එයාලා ඒවා ලියාගන්නද කියලත් අහනවා. බයිබලයේ තියෙන දේවල් දැක්කම එයාලා පුදුම වෙනවා. දැන් අපි මෙහෙට ඇවිල්ලා අවුරුද්දයි. ‘මෙහෙට එන්න තිබ්බේ මීට කලින්’ කියලා අපිට නිතරම හිතෙනවා. අපිට කවදත් ඕන වුණේ මේ වගේ පැත්තක සේවේ කරන්න.”

මීෂා සහ ක්‍රිස්ටිනා බීරෙන්ස් ආවේ 2009දී. චාරිකා සේවය කරන ඔවුන් කිව්වේ මෙහෙමයි. “මදුරාවල ඉන්නේ හුඟක් මුස්ලිම් අය. එයාලා ආගමට ගොඩක් ළැදි වුණත් අපේ පණිවිඩේට හොඳට ඇහුම්කන් දෙනවා. සමහර අය අපිව දැක්කම එයාලගේ කාර් නවත්තලා සඟරා ඉල්ලනවා. ‘මම මුස්ලිම්, ඒත් මං ආසයි මේ සඟරා කියවන්න. මගේ යාළුවන්ට දෙන්න තව සඟරා ටිකක් දෙන්න පුළුවන්ද’ කියලා එයාලා අහනවා. මෙහේ සේවේ නම් නියමයි!”

අස්වැන්න විශාලයි

1931දී සහෝදර ෆ්‍රෑන්ක් රයිස් ජකාර්තාවලට එනකොට ඉන්දුනීසියාවේ ජනගහනය 6,00,00,000යි. ඒත් දැන් ජනගහනය 26,00,00,000කට කිට්ටුයි. ඒ නිසා ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රටවල් අතරින් 4වෙනි තැන ගන්නේ ඉන්දුනීසියාව.

පහුගිය කාලේ ඉන්දුනීසියාවේ සාක්ෂිකරුවන් ලොකු වර්ධනයක් ලබලා තියෙනවා. 1946දී එහෙ හිටියේ ප්‍රචාරකයන් 10දෙනයි. ඒ වුණත් අද ප්‍රචාරකයන් 26,000කට වැඩිය ඉන්නවා. 2015දී යේසුස්ගේ මරණය සිහි කිරීමට 55,864දෙනෙක් ආවා. ඒකෙන් පේන්නේ අනාගතයේදී කොච්චර ලොකු වර්ධනයක් සිද්ධ වෙයිද කියන එකයි. අපේ සේවයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා කියන්න ඒක හොඳ සාක්ෂියක්.

යේසුස් කිව්වේ “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න” කියලයි. (මතෙ. 9:37, 38) ඉන්දුනීසියාව සම්බන්ධයෙනුත් මේක ඇත්තක්. ඒ රටේ හැමෝටම දෙවිගේ නම ගැන දැනුම් දෙන එක ඉන්දුනීසියාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගේ එකම අධිෂ්ඨානයයි.—යෙසා. 24:15.

 ඉන්දුනීසියාවේ ගම්බද පළාතක කෙනෙක්ට දේශනා කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න