ඉන්දුනීසියාව
හිතුවටත් වඩා දෙවි අපිට ආශීර්වාද කළා!
ආංගෙරාගෝ හයිය
ඉපදුණේ 1957
බව්තීස්ම වුණේ 1997
තොරතුරු නියාස්වල තමන්ගේ ගමට ගිහින් සභාවක් පිහිටුවන්න මුල් වෙලා වැඩ කළ කෙනෙක්.
2013දී ටූගාලා ඕයෝවල තිබුණ අපේ පුංචි සභාවේ අයට අලුතෙන් නමස්කාර මධ්‍යස්ථානයක් ලැබෙනවා කියලා ආරංචි වුණාම එයාලා ගොඩක් සතුටු වුණා. ඒ පැත්තේ හිටිය බලධාරීනුත් ඒකට අකමැති වුණේ නැහැ. ගමේ අයගෙත් අකමැත්තක් නැහැ කියලා 60දෙනෙක් අපිට ලියවිල්ලක අත්සන් කරලා දුන්නා. අපේ අසල්වැසියෙක් මෙහෙමත් කිව්වා. “ඔයාලට අත්සන් 200ක් ඕන වුණා නම් ඒකත් හම්බ වෙයි.”
නමස්කාර මධ්‍යස්ථාන ඉදිකිරීම් ගැන අද්දැකීම් තියෙන සහෝදරයන් දෙන්නෙක් වැඩ බලාගන්න ආවා. ඒක හදලා ඉවර කළේ 2014 නොවැම්බර්වලයි. අපිට මෙච්චර ලස්සන තැනක් ලැබෙයි කියලා නම් අපි කවදාවත් හිතුවේ නැහැ. ඇත්තටම හිතුවටත් වඩා දෙවි අපිට ආශීර්වාද කළා!