ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 126 පි.-127 පි. 3 ¶
  • සාරා වගේ වැඩ කරපු සහෝදරියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාරා වගේ වැඩ කරපු සහෝදරියක්
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
    අද්දැකීම්
  • දෙවියන් ඇයව හැඳින්නුවේ “කුමාරිකාව” කියලයි
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබ ඉතා ලස්සන කාන්තාවක්”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 126 පි.-127 පි. 3 ¶

ඉන්දුනීසියාව

සාරා වගේ වැඩ කරපු සහෝදරියක්

ටිටී කූටින්

  • ඉපදුණේ 1928

  • බව්තීස්ම වුණේ 1957

  • තොරතුරු සත්‍යයට විරුද්ධ සැමියාට සත්‍යය ඉගෙනගන්න උදව් කරපු ඥානවන්ත සහෝදරියක්.—පැවසුවේ ඇගේ පුතා මාරියෝ කූටින්.

ටිටී කූටින්

මගේ අම්මා බයිබලයට ගරු කරපු කරුණාවන්ත කෙනෙක්. උතුරු සුලවෙසිවල මනැඩෝ නගරයේදී සහෝදරි ගර්ට්රූට් ඔට් මුණගැහුණු වෙලාවේ අම්මා ආසාවෙන් බයිබලය ඉගෙනගෙන සත්‍යයට ආවා. මගේ තාත්තා අර්වින් ප්‍රසිද්ධ බැංකුකරුවෙක්. පස්සේ කාලෙකදී එයා ජකාර්තාවල කොටස් වෙළඳපොළේ සභාපතිත් වුණා. එයා නම් අම්මා බයිබලය ඉගෙනගත්ත එකට කොහෙත්ම කැමති වුණේ නැහැ.

දවසක් තාත්තා අම්මට සැරෙන් මෙහෙම කිව්වා.

“ඔයා දෙකෙන් එකක් තෝරගන්න. එක්කෝ මං, එක්කෝ ඔයාගේ ආගම.”

අම්මා ටිකක් වෙලා කල්පනා කරලා තාත්තට ආදරෙන් මෙහෙම කිව්වා. “මට ඔයාවයි යෙහෝවා දෙවිවයි දෙන්නවම ඕනේ.”

තාත්තාට කියාගන්න දෙයක් නැති වුණා. තරහත් නිවිලා ගියා.

තාත්තා අම්මට ගොඩක් ආදරෙයි. අම්මා හිතලා බලලා වැඩ කරන එක ගැන එයා අම්මව නිතරම අගය කළා. ටික කාලයක් යද්දී එයා අම්මාට විරුද්ධ වෙන එකත් එන්න එන්නම අඩු වුණා.

අම්මා ආස වුණා තාත්තත් සත්‍යයට එනවට. ඒ ගැන අම්මා යාච්ඤාත් කළා. තාත්තා භාෂා ඉගෙනගන්න ආසයි කියලා අම්මා දැනගෙන හිටිය නිසා තාත්තාගේ හිතේ බයිබලේ ගැන උනන්දුවක් ඇති කරන්න හිතාගෙන, ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු බයිබල් පද ගෙදර තැනින් තැන පේන්න තිබ්බා. “මං ආසයි මගේ ඉංග්‍රීසි දියුණු කරගන්න” කියලා අම්මා තාත්තාට කිව්වා. තාත්තා සාමාන්‍යයෙන් දේශනවලට ආස කෙනෙක් කියලා අම්මා දන්න නිසා සේවා පාසැලෙන් අම්මට ලැබෙන කතා පෙරහුරු කරන්න තාත්තාගෙත් උදව් ගත්තා. තාත්තා ආගන්තුක සත්කාරයට කැමති කෙනෙක් නිසා චාරිකා සේවකට අපේ ගෙදර නවාතැන් දෙන්නත් අම්මා සැලසුම් කළා. තාත්තා අපි හැමෝටම ගොඩක් ආදරේ නිසා අපි සමුළුවට යද්දී තාත්තාත් එනවා නම් කැමතියි කියලා අම්මා කිව්වා. ඊටපස්සේ තාත්තා සමුළුවලටත් ආවා.

මගේ අම්මා ඥානවන්තව, ඉවසීමෙන් වැඩ කරපු නිසා තාත්තා හිතන විදිහ ටික ටික වෙනස් වුණා. අපි එංගලන්තයේ පදිංචියට ගියාම තාත්තා එහේ රැස්වීම්වලට ගියා. ඒ වගේම එහෙදී සහෝදර ජෝන් බාර්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්නත් තාත්තාට අවස්ථාව ලැබුණා. රැස්වීම් යන්න පටන් අරගෙන අවුරුද්දක් යනකොට තාත්තා බව්තීස්ම වුණා. එදා අම්මට දැනුණේ කියලා නිම කරන්න බැරි තරම් සතුටක්. ඊටපස්සේ ඒ දෙන්නා අතරේ තිබුණ ආදරේ තවත් වැඩි වුණා.

මගේ අම්මා ගොඩක් හොඳ කෙනෙක්. එයාට දෙවි එක්කත් හොඳ බැඳීමක් තිබුණා

අම්මා ආගන්තුක සත්කාරයට ළැදි නිසා සමහර යාළුවෝ කියනවා අම්මා මුල් සියවසේ හිටිය ලිදියා වගේ කියලා. (ක්‍රියා 16:14, 15) ඒත් මට නම් හිතෙන්නේ අම්මා සාරා වගේ කියලා. මොකද සාරා ආබ්‍රහම්ට කීකරුව ජීවත් වුණා වගේ අම්මාත් තාත්තාට හරිම කීකරුයි. (1 පේතෘ. 3:4-6) මගේ අම්මා ගොඩක් හොඳ කෙනෙක්. එයාට දෙවි එක්කත් හොඳ බැඳීමක් තිබුණා. මගේ තාත්තත් සත්‍යයට ආවේ අම්මාගේ හොඳ ආදර්ශය නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න