ඉන්දුනීසියාව
අමතක නොවන සමුළුවක්!
ජාත්‍යාන්තර සමුළුවක් මුලින්ම ඉන්දුනීසියාවේ පැවැත්වුවේ 1963 අගෝස්තු 15-18 දක්වා දවස්වල. රටපුරා සිටින සහෝදර සහෝදරියන් සහ වෙනත් රටවල්වලින් ආව සහෝදර සහෝදරියන් 122දෙනෙක් මේ සමුළුවට සහභාගි වෙන්න බටහිර ජාවාවල බැංඩුං නගරයට රැස් වුණේ හරිම සතුටින්.
මේ සමුළුව සැලසුම් කරද්දී සහෝදරයන්ට අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. උදාහරණයකට ඒ කාලයේදී රටේ නිදහස සමරන උත්සව පවත්වපු නිසා සමුළුව තියෙන තැන තුන් වතාවක්ම වෙනස් කරන්න වුණා. ඒ විතරක් නෙමෙයි රටේ උද්දමනය ඉහළ ගිය නිසා ගමනාගමන වියදම් 400%කින් වැඩි වුණා. ඒත් අපේ සහෝදරයෝ සමුළුවට නෑවිත් හිටියේ නැහැ. එක සහෝදරයෙක් දවස් 6ක් තිස්සේ පයින්ම ආවා. සුලවෙසිවල හිටිය තවත් සාක්ෂිකරුවන් 70දෙනෙක් වහලයක්වත් නැති සෙනඟ පිරුණු බෝට්ටුවක දවස් 5ක් තිස්සේ ඇවිත් තිබුණා.
සමුළුවේදී සහෝදර සහෝදරියන් වෙනත් රටවලින් ආපු අයව ඇසුරු කළේ හරිම සතුටින්. ඒ අය අතර පාලක මණ්ඩලයේ සහෝදරයන් වුණු ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස් හා ග්‍රාන්ට් සූටර්ද හිටියා. “හැමෝම හිටියේ හරිම සතුටින්. මුහුණු හිනාවෙන් පිරිලා” කියලා පිටරටකින් ආපු සහෝදරයෙක් කිව්වා.
ඒ සමුළුවට 750දෙනෙක් විතර ආවා. 34දෙනෙක් බව්තීස්ම වුණා. සමුළුව ගැන සහෝදර රොනල්ඩ් ජැකා කිව්වේ මෙහෙමයි. “හුඟක් අලුත් අයට එයාලගේ ජීවිත වෙනස් කරගෙන දෙවිට ළං වෙන්න ඒ සමුළුව උදව් වුණා. සහෝදරයන්ට උද්‍යෝගයෙන් සේවය කරන්නත් ලොකු පෙලඹීමක් ලැබුණා.”
ජාත්‍යාන්තර සමුළුවේ දේශනයක් ඉදිරිපත් කරන සහෝදර රොනල්ඩ් ජැකා (දකුණේ) සහ ඔහුගේ පරිවර්තකයා