ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 2 ලිපිය
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • ආදරණීය ලෙස ප්‍රේමය ලබන භාර්යාවක්
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාදයක ව්‍යූහය
    1994 පිබිදෙව්!
අද්දැකීම්
ijwex 2 ලිපිය
මහත්තයා ගෙදරට ඇතුල් වෙන්න ළං වෙද්දී ස්ලට්කා යාච්ඤා කරනවා

ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න

ඕංලී බල්ගේරියාවේ ජීවත් වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. එයා ස්ලට්කා කියලා කාන්තාවක් එක්ක බයිබලයේ තියෙන තොරතුරු සාකච්ඡා කරනවා. එයාගේ මහත්තයා නම් සාකච්ඡාවට හවුල් වෙන්නේ නැහැ. ඕංලී මෙහෙම කියනවා. “දවසක් පවුල් ජීවිතය ගැන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ගැන කතා කරද්දී මං ස්ලට්කාට කිව්වා අපි අපේ සැමියාටයි, දරුවන්ටයි ආදරෙයි කියලා කියන එක හරිම වැදගත් කියලා. එතකොට ස්ලට්කා මං දිහා දුකෙන් බලලා කිව්වා එයා එයාගේ මහත්තයාටවත් එයාලගේ අවුරුදු නමයක් වයස දුවටවත් ආදරෙයි කියලා කවදාවත් කියලා නැහැ කියලා.”

ඒකට හේතුව විදිහට ස්ලට්කා දුන්න උත්තරේ මේකයි. “මගේ අම්මා කවදාවත් මට ආදරෙයි කියලා නැහැ. මගේ ආච්චි කවදාවත් අම්මාට අදරෙයි කියලත් නැහැ.” ඕංලී ඒ වෙලාවේ ස්ලට්කාට පෙන්නුවා යෙහෝවා දෙවියන් හඬ නඟලාම යේසුස්ට ආදරෙයි කියලා කියපු විදිහ. (මතෙව් 3:17) ඊටපස්සේ එයා ස්ලට්කාට කිව්වා ඒ ගැන යාච්ඤා කරලා මහත්තයාටත් දුවටත් ආදරෙයි කියලා වචනෙන් කියන එක පුරුද්දක් කරගන්න කියලා.

ඕංලී මෙහෙම කියනවා. “දවස් දෙකකට පස්සේ ස්ලට්කා හරිම සතුටින් මට කිව්වා එයාට උදව් කරන්න කියලා එයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කෙරුවා කියලා. මහත්තයා වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් එයා මහත්තයාට කියලා තියෙනවා බිරිඳක් සැමියාට ආදරයයි, ගෞරවයයි දක්වන්න ඕනෙ කියලා බයිබලයේ කියලා තියෙනවා කියලා. ඊටපස්සේ පොඩ්ඩක් නැවතිලා එයා මහත්තයාට කිව්වලු ‘මං ඔයාට ආදරෙයි’ කියලා. දුව ගෙදර ආපුවාම එයාව බදාගෙන එයාටත් එහෙම කිව්වාලු. ස්ලට්කා මට මෙහෙමත් කිව්වා. ‘මෙච්චර කාලෙකට මං හිටියේ මගේ හැඟීම් තද කරගෙන. ඒත් යෙහෝවා දෙවියන්ගේ පිහිටෙන් මට පුළුවන් වුණා මහත්තයාටයි දූටයි මගේ හිතේ තියෙන ආදරේ වචනෙනුත් කියන්න. දැන් මට දැනෙන්නේ පුදුම සහනයක්.’”

කාන්තාවක් එක්ක බයිබල් සාකච්ඡාවක් කරන්න ඕංලී යෝජනා කරනවා

ඕංලී එයාගේ අසල්වැසියන් එක්ක දිගටම බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ගැන සාකච්ඡා කරනවා

ඕංලී අන්තිමට මෙහෙම කිව්වා. “සතියකට විතර පස්සේ මට ස්ලට්කාගේ මහත්තයාව මුණගැහුණා. එයා මට මෙහෙම කිව්වා. ‘හුඟදෙනෙක් මට කිව්වා ඔයාත් එක්ක ස්ලට්කා බයිබලය පාඩම් කරන එකෙන් පවුල් ජීවිතයට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒත් ඇත්තටම ඒකෙන් පවුලට වෙලා තියෙන්නේ හොඳක්. දැන් අපි ඉන්නේ ඉස්සරට වඩා හුඟක් ආදරෙන්, සතුටෙන්, සමාදානයෙන්.’”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න