ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 97 පි.-99 පි. 2 ¶
  • සේවය කරන්න භාවිත කළ ක්‍රම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවය කරන්න භාවිත කළ ක්‍රම
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • ගුවන්විදුලියෙන්
  • රුවල් නැවෙන්
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 97 පි.-99 පි. 2 ¶
අඩි 52ක් දිග ලයිට්බෙයාර නැව

ඉන්දුනීසියාව

සේවය කරන්න භාවිත කළ ක්‍රම

ගුවන්විදුලියෙන්

ගුවන්විදුලි සංඥා කුලුනක්

1933දී ගුවන්විදුලි සේවාවක් හරහා සහෝදර රදෆර්ඩ්ගේ දේශන විකාශනය කළා. ඊට අමතරව තවත් දේශන කිහිපයක් උනන්දුව දක්වපු කෙනෙකුට ලන්දේසි භාෂාවෙන් කියවන්න කියලා ඒවාත් විකාශනය කළා. මේ දේශන හුඟක් මිනිසුන්ගේ අවධානය දිනාගත්ත නිසා පොත් පත් වැඩි වැඩියෙන් බෙදාහරින්න පුළුවන් වුණා.

සහෝදර රදෆර්ඩ් පල්ලියේ බොරු ඉගැන්වීම් සහ දේශපාලන සම්බන්ධතා හෙළි කරමින් දුන්න දේශනයක් ගුවන්විදුලිය හරහා විකාශනය කළාම කතෝලික පූජකයන්ට හුඟක් තරහා ගියා. ඔවුන් කපටි විදිහට මිනිසුන්ව පාවිච්චි කරලා ගුවන්විදුලි සේවයට හඬ පටි සැපයූ සහෝදර ඩි ශූමාකර්ට විරුද්ධව නඩු දැම්මා. ඔවුන් කිව්වේ සහෝදර ශූමාකර් ඔවුන්ට නින්දා අපහාස කළා කියලයි. ඔහු එහෙම නොකළ බව ඔප්පු කරන්න උත්සාහ කළත් අන්තිමේදී ඔහුට ගිල්ඩර් 25කa දඩයක් සහ උසාවි ගාස්තු ගෙවන්න සිද්ධ වුණා. මේ නඩුව ගැන රටේ ප්‍රධාන පුවත්පත් 3කම පල වුණා. ඒකෙන් වුණේ නොදන්න අය පවා යෙහෝවා දෙවි ගැන දැනගත්ත එකයි.

රුවල් නැවෙන්

1935 ජූලි 15වෙනිදා වොච් ටවර් සමිතියට අයිති “ලයිට්බෙයාර” නමින් හඳුන්වන අඩි 52ක් දිග රුවල් නැව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා ජකාර්තාවලට ආවා. මේ නැවෙන් ආවේ උද්‍යෝගයෙන් සේවය කරන පුරෝගාමීන් හත්දෙනෙක්. ඔවුන්ගේ ඉලක්කය වුණේ ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ මලයාසියාව කියන රටවල් තුනේම ශුභාරංචිය දේශනා කිරීමයි.

අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ ඉන්දුනීසියාවේ ලොකු කුඩා හැම වරායකටම වගේ රුවල් නැවෙන් ගිය මේ පුරෝගාමීන් පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා හැරියා. “අපි වරායකට ගිය ගමන්ම ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරලා සහෝදර රදෆර්ඩ්ගේ දේශන මුළු ගමටම ඇහෙන්න සැලැස්සුවා. එහේ හිටපු අය පුදුම වෙලා බලාගෙන හිටියා. මොකද එයාලා ඒ වගේ රුවල් නැවක් දැකලා තිබුණේවත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් දේශනයක් අහලා තිබුණේවත් නැහැ” කියලා සහෝදරි සාන් ඩේෂාන් කිව්වා.

සහෝදරයෝ නිර්භීතව ශුභාරංචිය දේශනා කළ නිසා පූජකයන්ට තරහා ගියා. ඒ නිසා ඔවුන් උසස් නිලධාරීන්ව පොලඹවලා මේ නැව හුඟක් වරායන්වලට යන එක වැළැක්වුවා. 1937 දෙසැම්බර් මාසයේ “ලයිට්බෙයාර” නැව ආයෙත් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කළේ මිෂනාරි සේවයේ සදා නොමැකෙන සටහනක් තියලයි.

ලයිට්බෙයාර නැවෙන් ආව පුරෝගාමීන්

“ලයිට්බෙයාර” නැවේ ආව පුරෝගාමීන්

a රුපියල් 3,400ක් විතර

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න