ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 88 පි.-96 පි. 3 ¶
  • මෙතනින් තමයි මං වැඩ පටන්ගන්නේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෙතනින් තමයි මං වැඩ පටන්ගන්නේ
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • ජාවා දූපතේදී කළ සේවය
  • සුමාත්‍රා දූපතටත් ශුභාරංචිය
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 88 පි.-96 පි. 3 ¶
සෙමරාංග්වල හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් (1937දී විතර)

ජාවාවල සෙමරාංග් නගරයේ සාක්ෂිකරුවන් පිරිසක් (1937දී විතර)

ඉන්දුනීසියාව

“මෙතනින් තමයි මං වැඩ පටන්ගන්නේ”

ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයේ වැඩ භාරව හිටියේ සහෝදර ඇලෙක්සැන්ඩර් මැක්ග්ලිව්රේ. දවසක් ඔහු කාර්යාලයේ එහෙට මෙහෙට ඇවිදිමින් හිටියා. දවස් ගාණක් තිස්සේ කල්පනා කරපු දෙයක් ගැන සහෝදර ෆ්‍රෑන්ක් රයිස්ට කියන කල් ඔහු හිටියේ නොඉවසිල්ලෙන්.

ඉන්දුනීසියාවේ 1931 සිට 1950 දක්වා පුරෝගාමීන් සහ ප්‍රචාරකයන්ගේ ගණන පෙන්වන ප්‍රස්තාරයක්

ෆ්‍රෑන්ක් රයිස් කියන්නේ අවුරුදු 28ක් වයස, මහන්සි වෙලා වැඩ කරන සහෝදරයෙක්. යෞවන කාලෙදිම සත්‍යය ඉගෙනගත්ත ඔහු වැඩි කල් යන්න කලින් කෝල්පෝටර් කෙනක් (පුරෝගාමියෙක්) විදිහට සේවය කරන්න පටන්ගත්තා. මේ වෙනකොට ඔහු අවුරුදු 10ක්ම ඕස්ට්‍රේලියාවේ සේවය කරලා තිබුණා. අශ්වයා පිටේ, බයිසිකලයෙන්, මෝටර් සයිකලයෙන් එහෙමත් නැත්නම් කැරවෑන් එකෙන් (ගෙයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක්) තමයි ඔහු සේවේ ගියේ. මේ වෙද්දී ඔහු ඊළඟ පැවරුම ලැබෙන කල් ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයේ නතර වෙලයි හිටියේ.

සහෝදර මැක්ග්ලිව්රේ සහෝදර රයිස්ට එන්න කියලා ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි දූපත්වල සිතියමක් පෙන්නුවා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා. “ෆ්‍රෑන්ක්, ඔයා ආසද මෙහෙට ගිහිල්ලා සේවෙ කරන්න? හැබැයි එහේ එක සහෝදරයෙක්වත් නැහැ.”

සහෝදර රයිස් ඒ දූපත් ටික දැක්කේ පේළියට තියෙන මුතු ඇට වගේ. අද අපි ඒ දූපත් හඳුන්වන්නේ ඉන්දුනීසියාව කියලයි.a ඒ දූපත්වල ශුභාරංචිය අහලා නැති මිනිස්සු මිලියන ගණනක් හිටියා. ජකාර්තා අගනුවර පෙන්නලා සහෝදර රයිස් එදා මෙහෙම කිව්වා. “මෙතනින් තමයි මං වැඩ පටන්ගන්නේ.”

ජාවා දූපතේදී කළ සේවය

සහෝදර ෆ්‍රෑන්ක් රයිස් 1931දී, ජාවා දූපතේ ජනාකීර්ණ නගරයක් වුණ ජකාර්තාවලට ආවා. ඔහු ඒ නගරයේ කාමරයක් කුලියට අරගෙන ඒක පොත් පත් දාලා තිබුණු පෙට්ටිවලින් පිරෙව්වා.

ෆ්‍රෑන්ක් රයිස් සහ ක්ලෙම් ඩේෂාන් ජකාර්තාවලදී

ෆ්‍රෑන්ක් රයිස් සහ ක්ලෙම් ඩේෂාන් ජකාර්තාවලදී

සහෝදර රයිස් මෙහෙම කියනවා. “මුල් දවස්වල එහෙට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. එහේ අය ඇඳපු විදිහයි මම ඇඳපු විදිහයි හරිම වෙනස්. මගේ ඕස්ට්‍රේලියානු ඇඳුම් නම් එහේ දේශගුණයට කොහෙත්ම ගැළපුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි මම ලන්දේසි භාෂාවවත් ඉන්දුනීසියානු භාෂාවවත් පොඩ්ඩක්වත් දැනං හිටියේ නැහැ. මං යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කළා. ඊටපස්සේ නගරේ ඉන්න ඉංග්‍රීසි දන්න අය හොයාගෙන ගියා. හිතුවටත් වඩා හොඳ ප්‍රතිඵල මට ලැබුණා.”

ජකාර්තාවල හිටපු හුඟක් අය කතා කළේ ලන්දේසි භාෂාව නිසා සහෝදර රයිස් මහන්සි වෙලා ඒ භාෂාව ඉගෙනගත්තා. ඔහු ඉක්මනින්ම ගෙයින් ගෙට ගිහින් සේවේ කරන්නත් පටන්ගත්තා. ටිකෙන් ටික ඔහු ඉන්දුනීසියානු භාෂාවත් ඉගෙනගත්තා. ඔහු කිව්වේ මෙහෙමයි. “අඩුවකට තිබුණේ මං ළඟ ඉන්දුනීසියානු භාෂාවෙන් පොත් පත් තිබුණේ නැති එකයි. හැබැයි ඒ ප්‍රශ්නේ යෙහෝවා දෙවි විසඳලා දුන්නා. අපේ පණිවිඩේට උනන්දුව දක්වන ඉන්දුනීසියානු ගුරුවරයෙක්ව මට හම්බ වුණා. එයා කැමති වුණා මැරුණු අයට වෙන දේ ගැන විස්තර කරන අපේ පුංචි පොතක් ඉන්දුනීසියානු භාෂාවට පරිවර්තනය කරන්න. පස්සේ තවත් පුංචි පොත් කීපයකුත් එයා අපිට පරිවර්තනය කරලා දුන්නා. ඒ නිසා ඉන්දුනීසියානු භාෂාව කතා කරන හුඟදෙනෙක් බයිබලය ඉගෙනගන්න ආස වුණා.”

1931 නොවැම්බර් මාසේ ක්ලෙම් ඩේෂාන් සහ බිල් හන්ටර් කියන පුරෝගාමීන් දෙන්නාත් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ජකාර්තාවලට ආවා. එතකොට ක්ලෙම්ට අවුරුදු 25යි, බිල්ට අවුරුදු 19යි. ඔවුන් එනකොට කැරවෑන් එකකුත් අරගෙනයි ආවේ. ඒක ඉන්දුනීසියාවට මුලින්ම ගෙනාපු කැරවෑන්වලින් එකක්. ඒ දෙන්නා ලන්දේසි ටිකක් ඉගෙනගත්තට පස්සේ ජාවාවල තිබුණු ප්‍රධාන නගර හැම එකකටම වගේ ගිහින් ශුභාරංචිය දේශනා කළා.

චාල්ස් හැරිස් බයිසිකලයක් සහ නිවසක් විදිහට පාවිච්චි කරපු වාහනයක් ළඟ

චාල්ස් හැරිස් බයිසිකලයක් සහ නිවසක් විදිහට පාවිච්චි කරපු වාහනයක් ළඟ

1935දී චාල්ස් හැරිස් කියන පුරෝගාමි සහෝදරයාත් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඉන්දුනීසියාවට ආවා. ක්ලෙම් සහ බිල් වගේ ඔහුත් ජාවා දූපතේ ගොඩක් ප්‍රදේශවල සේවය කළා. බයිසිකලයෙන් හරි කැරවෑන් එකෙන් හරි සේවේ ගිය ඔහු උනන්දුවක් දක්වපු අයට අරාබි, චීන, ලන්දේසි, ඉංග්‍රීසි සහ ඉන්දුනීසියානු කියන භාෂාවලින් පොත් පත් ලබා දුන්නා. සමහර අවුරුදුවල ඔහු පොත් පත් 17,000ක් විතර දීලා තියෙනවා.

සහෝදර චාල්ස් කොච්චර පොත් පත් දුන්නාද කියනවා නම් ඒක හුඟක් අයගේ අවධානයට ලක් වුණා. ඒ නිසා එක නිලධාරියෙක් සහෝදර ක්ලෙම්ගෙන් මෙහෙම ඇහුවා. “නැගෙනහිර ජාවාවල ඔයාලාගේ අය කීදෙනෙක් විතර ඉන්නවාද?”

“එක් කෙනයි” කියලා සහෝදර ක්ලෙම් කිව්වා.

ඒක පිළිගන්න අකමැති වුණු නිලධාරියා “ඔයා හිතනවාද මං ඒක විශ්වාස කරයි කියලා. ඔයාලා දීලා තියෙන පොත් ප්‍රමාණේ දිහා බැලුවාම එහේ ලොකු සෙනඟක් ඉන්න ඕනේ” කියලා සහෝදර ක්ලෙම්ට කිව්වා.

ඒ කාලේ සේවය කරපු පුරෝගාමීන් ඔවුන්ගේ උපරිමය කළා. සහෝදර හන්ටර් ඒ ගැන කිව්වේ “අපි දූපතේ අස්සක් මුල්ලක් නෑර දේශනා කළා” කියලයි. ඔවුන් වෙහෙස මහන්සි නොබලා කළ ඒ සේවය නිසා කාලයක් යද්දී හොඳ ප්‍රතිඵල නෙළාගන්න පුළුවන් වුණා.—දේශ. 11:6; 1 කොරි. 3:6.

සුමාත්‍රා දූපතටත් ශුභාරංචිය

1936දී විතර ජාවාවල හිටිය පුරෝගාමීන් සුමාත්‍රා දූපතේ සේවය කරන්න පුළුවන් විදිහ ගැන සාකච්ඡා කළා. සුමාත්‍රා දූපත ලෝකයේ ලොකුම දූපත් අතරින් 6වෙනි තැන ගන්න දූපතයි. සමකය හරහා වැටී තිබෙන මේ දූපතේ විශාල නගර, වගාබිම්, වැසි වනාන්තර සහ විශාල වගුරුබිම් දකින්න පුළුවන්.

ඒ සාකච්ඡාවෙන් පස්සේ සහෝදර ෆ්‍රෑන්ක් රයිස්ව සුමාත්‍රාවට යවන්න පුරෝගාමීන් එකඟ වුණා. ඉතින් ඒගොල්ලෝ අතේ තිබුණු කීය කීය හරි එකතු කරලා රයිස්ට වියදමට දුන්නා. වැඩි කල් යන්න කලින් බෑග් 2කුයි පොත් පෙට්ටි 40කුයි අරගෙන සහෝදර රයිස් සුමාත්‍රාවේ මෙඩන් නගරයට ගියා. අතේ සල්ලි තිබුණේ නැතත් පැවරුම කරන්න යෙහෝවා දෙවි උදව් කරයි කියලා සහෝදර රයිස් විශ්වාස කළා. (මතෙ. 6:33) ඒ නිසා ගිය ගමන්ම ඔහු සේවය පටන්ගත්තා.

මෙඩන් නගරයේ සේවය කරපු අන්තිම සතියේදී සහෝදර රයිස්ට උනන්දුව දක්වන ලන්දේසි ජාතිකයෙක්ව මුණගැහුණා. ඔහු සහෝදර රයිස්ට කෝපි එකක් බොන්න ගෙදරට එන්න කිව්වා. දූපත පුරාම ශුභාරංචිය දේශනා කරන්න කාර් එකක් තිබුණා නම් හොඳයි කියලා සහෝදර රයිස් ඒ වෙලාවේ ඔහුට කිව්වා. වත්තේ අත්හැරලා දාලා තිබුණු කාර් එකක් පෙන්නපු ලන්දේසි ජාතිකයා මෙහෙම කිව්වා. “ඔයාට මේක හදාගන්න පුළුවන් නම් මං මේක ගිල්ඩර් 100කට දෙන්නම්.”b

“ගිල්ඩර් 100ක් මං ළඟ නැහැ” කියලා සහෝදර රයිස් කිව්වා.

රයිස් දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ලන්දේසි ජාතිකයා, “මේ දූපතේ දේශනා කරන්න ඔච්චරටම ආසද” කියලා ඇහුවා.

“ඔව් මම ආසයි” කියලා සහෝදර රයිස් කිව්වා.

“මේක හදාගන්න පුළුවන් නම් අරං යන්න. සල්ලි හම්බ වුණොත් මට දෙන්නකෝ” කියලා ලන්දේසි ජාතිකයා කිව්වා.

ඉක්මනින්ම කාර් එක හදාගත්ත සහෝදර රයිස් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි උදව් කරයි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ හින්දා කාර් එකට පොත් පත් පුරවගෙන, දූපත පුරාම ඉන්න මිනිස්සුන්ට දේශනා කරන්න මං පිටත් වුණා.”

සාන් සහ ක්ලෙම් ඩේෂාන් සමඟ හෙන්රි කොක්මන්, සුමාත්‍රාවල (1940දී)

සාන් සහ ක්ලෙම් ඩේෂාන් සමඟ හෙන්රි කොක්මන්, සුමාත්‍රාවල 1940දී

අවුරුද්දක් ඇතුළත මුළු දූපතේම ශුභාරංචිය කියන්න ඔහුට පුළුවන් වුණා. පස්සේ ජකාර්තාවලට ගිය ඔහු කාර් එක ගිල්ඩර් 100කට විකුණලා සල්ලි ලන්දේසි ජාතිකයාට තැපැල් කළා.

සති කිහිපයකට පස්සේ සහෝදර රයිස්ට ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයෙන් අලුත් පැවරුමක් ලැබුණා. මේ පාර කාම්බෝජයට, ලාඕසයට සහ වියට්නාමයට ගිය ඔහු ඒ රටවල්වල වෙහෙස මහන්සි නොබලා සේවය කළා.

a කුළු බඩු වෙළඳාමෙන් ලාභ ලබන්න පුළුවන් නිසා මීට අවුරුදු 300කට විතර කලින් ලන්දේසීන් මේ දූපත් යටත් කරගෙන තිබුණා.

b රුපියල් 1,48,500ක් විතර.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න