ඉන්දුනීසියාව
බිබෙල්ක්‍රිං
1930 ගණන්වලදී ටෝබා විල අවට ප්‍රදේශයේ බිබෙල්ක්‍රිං කියලා ආගමික කණ්ඩායමක් බිහි වුණා. පේන විදිහට මේ කණ්ඩායම පටන් අරන් තියෙන්නේ 1936දී ඒ ප්‍රදේශයේ දේශනා කරපු සහෝදර එරික් උවින්ස්ගෙන් පොත් පත් ලබාගත්ත ගුරුවරු පිරිසක්. පොත්වල තිබුණු දේවල් කියවපු ඔවුන් රෙපරමාදු පල්ලියට යන එක නවත්තලා කණ්ඩායම් විදිහට රැස් වෙලා බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කළා. කාලයක් යද්දී මේ කණ්ඩායම්වල හිටපු අයගේ ගාණ සිය ගණනක් දක්වා වැඩි වුණා.a
සහෝදරි ඩාමෙ සිම්බොලන්
අපේ පොත්වලින් බිබෙල්ක්‍රිං කණ්ඩායමේ අයට බයිබල් ප්‍රතිපත්ති ගැන අවබෝධයක් ලැබුණා. ඒ නිසා “ඔවුන් කොඩියට ආචාර කරන එක, නත්තල සහ උපන්දින සමරන එක වගේ දේවල් කළේ නැහැ. සමහර අය ගෙයින් ගෙට ගිහින් දේශනාත් කළා” කියලා බිබෙල්ක්‍රිං සාමාජිකාවක් වෙලා හිටපු සහෝදරි ඩාමෙ සිම්බොලන් කියනවා. ඇය සත්‍යයට ආවේ 1972දියි. ලිමාරියා නේඩප්ඩප් කියන්නෙත් බිබෙල්ක්‍රිං සාමාජිකාවක් වෙලා හිටපු කෙනෙක්. ඇය මෙහෙම කිව්වා. “ඒකෙ ගැහැනු අයට මේකප් කරන්න, ආභරණ පළඳින්න, නවීන විලාසිතාවලට අනුව ඇඳුම් අඳින්න දුන්නේ නැහැ. සපත්තු දාන්න දුන්නෙත් නැහැ. කණ්ඩායමේ හැමෝම ජාතික හැඳුනුම්පත් ගත්තේ නැති නිසා රජයේ නිලධාරීන් හිටියේ තරහින්.”
කාලයක් යද්දී මේ කණ්ඩායමේ සාමාජිකයන් පොඩි කණ්ඩායම්වලට කැඩුණු නිසා ඒ අයගේ ගණන අඩු වුණා. ආයෙත් සැරයක් පුරෝගාමීන් ටෝබා විල අවට ප්‍රදේශයේ සේවය කරන්න ආවාම බිබෙල්ක්‍රිං කණ්ඩායමේ හිටපු හුඟක් අය සත්‍යය පිළිගත්තා.
a සාමාජිකයන් ගණන දහස් ගණනක් දක්වා වැඩි වුණා කියලා සමහරු කියනවා.