ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 පෙබරවාරි 30 පි.-31 පි. 6 ¶
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • සාමය සහ සුරක්ෂිතභාවය පිළිබඳ බයිබලයේ මතය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මිනිසා සකස් කරන ලද “සාමය සහ සුරක්ෂිතභාවය” ඉක්මවා බැලීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගම්වලට මොකක් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 පෙබරවාරි 30 පි.-31 පි. 6 ¶
ලෝක නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානය ඉස්සරහා හිටගෙන “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය ලොකු සෙනඟක් ඉස්සරහා දැනුම් දෙනවා. සෙනඟ ඉන්නේ හරිම සතුටින්.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙන්නේ මොන අවස්ථාවේදීද?

2025 නොවැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” ලිපියේ පෙන්නපු විදිහට යෙහෝවා ළඟදීම “අං දහයේ” (ලෝකේ පුරාම තියෙන ආණ්ඩුවල) හිත්වලට “යම් අදහසක්” දානවා. ඒ තමයි ඒ ආණ්ඩුවලට තියෙන බලය, අධිකාරිය “තද රතු පාට මෘගයාට” එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන්න කියන එක. ඒ මෘගයාව “මෘගයාගේ රූපයක්” කියලත් හඳුන්වනවා. (එළි. 13:14, 15; 17:3, 16, 17) ඊටපස්සේ “අං දහය” සහ අලුතෙන් බලය ලැබුණ මෘගයා ලෝකේ පුරාම තියෙන බොරු ආගම් විනාශ කරනවා. එතකොට ලෝකේ පුරාම තියෙන ආණ්ඩු ඒ කියන්නේ ජාතීන් “සාමය සහ සුරක්ෂිතභාවය”a ගැන නිවේදනය දෙන්නේ බොරු ආගම් විනාශ කරන්න කලින්ද නැත්නම් විනාශ කළාට පස්සේද?—1 තෙස. 5:3.

“සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙන්නේ මොන අවස්ථාවේදීද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒ හැම තොරතුරක්ම දන්නවා නම් අපි අවදිව, සෝදිසියෙන් ඉන්න අවශ්‍ය නැහැ. ඒත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ආයේ ආයේ කිව්වේ “සෝදිසියෙන් ඉන්න” කියලා. (මතෙ. 24:42; 25:13; 26:41) දැන් අපි පාවුල් තෙසලෝනිකයේ හිටපු අයට ලියපු ලියුමේ තියෙන අනාවැකිය ගැන ටිකක් බලමු.

පාවුල් මෙහෙම කිව්වා. “‘මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා’ කියලා කියද්දීම එයාලා පිටට හදිස්සියෙන් විනාශයක් එනවා” (1 තෙස. 5:2, 3) පාවුල් කියපු දේ අපේ ප්‍රකාශනවල හුඟක් වෙලාවට පැහැදිලි කරලා තියෙන විදිහ බලන්න. “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙන්නේ මහත් පීඩාව පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී. මහත් පීඩාව පටන්ගන්නේ මහ බැබිලෝනියේ ඒ කියන්නේ බොරු ආගම්වල විනාශයත් එක්කම. ඒ වගේම අපේ ප්‍රකාශනවල කිව්වා “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දුන්න ගමන් අපිට දැනගන්න පුළුවන් දැන් මහත් පීඩාව පටන්ගන්නයි යන්නේ කියලා.

මේ ගැන අපි තවත් හොඳට අධ්‍යයනය කළාම ඒ අනාවැකිය තේරුම්ගන්න පුළුවන් තව විදිහක් තියෙන්න පුළුවන් කියලා අපිට තේරුණා. සමහරවිට “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙන්නේ බොරු ආගම් විනාශ කළාට පස්සේ වෙන්න පුළුවන්. එහෙම කියන්න හේතු කීපයක් බලමු.

මේ පොළොවේ සිද්ධ වෙන යුද්ධවලට බොරු ආගම් සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? බයිබලේ මෙහෙම කියනවා. ‘පොළොවේ මරලා දාපු හැම කෙනෙක්ගෙම ලේවලට එයා (මහ බැබිලෝනිය නැත්නම් මහා ගණිකාව) වග කියන්න ඕනේ.’ (එළි. 17:1, 5; 18:24) ඉතිහාසය පුරාම පොළොවේ සිද්ධ වුණ යුද්ධවලට, ත්‍රස්තවාදයට උඩගෙඩි දීලා තියෙන්නේ බොරු ආගම්. සාමය, සුරක්ෂිතභාවය කොහොමවුණත් යුද්ධ, ප්‍රචණ්ඩ දේවල මුල නම් එයා තමයි. එතකොට මේ ප්‍රශ්නේ අපිට එනවා. “ජාතීන් ‘සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා’ කියන නිවේදනය දෙන්නේ එයාලා මහ බැබිලෝනිය විනාශ කළාට පස්සේද?” ඔව්, වෙන්න පුළුවන්. හැබැයි ඒක හරියටම කියන්න බැහැ.

“සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙනවාත් එක්කම මොකද වෙන්නේ? ඒ නිවේදනය දෙන්නේ බොරු ආගම් විනාශ කරන්න කලින් නම් ජාතීන් පිටට විනාශය එන්න ටික කාලයක් තියෙනවා. හැබැයි පාවුල් කියන්නේ ඒ නිවේදනය දෙද්දීම “එයාලා පිටට හදිස්සියෙන් විනාශයක් එනවා” කියලා. ඒ කියන්නේ ඒ නිවේදනය දෙන අවස්ථාවයි, ඒක දෙන අය පිටට විනාශය එන අවස්ථාවයි අතර තියෙන්නේ හරිම පොඩි කාලයක් නැත්නම් කාලයක් නැති තරම්. ඒක හදිස්සියෙන් එන, කාටවත් ගැලවෙන්න බැරි විනාශයක්. එහෙම බලද්දී ඒ නිවේදනය දෙන්නේ බොරු ආගම් විනාශ කළාට පස්සේ වෙන්න පුළුවන්.

මේ සිද්ධීන් වෙද්දී දෙවියන්ගේ සෙනඟ වැඩ කරන්නේ කොහොමද? පාවුල් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, ඔයාලා ඉන්නේ අන්ධකාරයේ නෙමෙයි. ඉතින් එළිය වැටෙනවා දැක්කාම අන්ධකාරයේ ඉන්න හොරෙක් කලබල වෙනවා වගේ ඒ දවස ආවාම ඔයාලා කලබල වෙන්න ඕනෙ නැහැ.” (1 තෙස. 5:4) මේ ගැන ටිකක් හිතන්න. “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙන්නේ බොරු ආගම් විනාශ කළාට පස්සේ නම් දෙවියන්ගේ සෙනඟ දැනගන්නවා ජාතීන්ගේ විනාශයත් අත ළඟටම ඇවිත් කියලා. ඒ ජාතීන්ට නම් ඒ විනාශය එන්නේ කිසිම දැනුම් දීමක් නොකර එන හොරෙක් වගේ, හදිස්සියේම.

එහෙමනම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකක්ද? ළඟදීම “අං දහය” සහ ලොකු බලයක් හම්බ වුණ මෘගයා බොරු ආගම් විනාශ කරනවා. ඒත් එක්කම මහත් පීඩාව පටන්ගන්නවා. ඒ වගේම අපි දන්නවා යම් අවස්ථාවක ජාතීන් “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය කරනවා කියලා. ඒක වෙන්නේ මොන අවස්ථාවේදීද? ඒක වෙන්න පුළුවන් අවස්ථා දෙකක් ගැන අපි කතා කළා. (1) ඒ නිවේදනය කරන්නේ බොරු ආගම් විනාශ කරන්න කලින්. (2) ඒ නිවේදනය කරන්නේ ජාතීන් බොරු ආගම් සම්පූර්ණයෙන්ම විනාශ කළාට පස්සේ. ඒත් මේ දේ කොයි වෙලේ වෙයිද කියලා දැනගන්න නම් අපිට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. හුඟක් වෙලාවට බයිබලේ තියෙන අනාවැකි සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ඒවා ඉටු වෙන අතරතුරේදී නැත්නම් ඒවා ඉටු වුණාට පස්සේ.—යොහ. 12:16.

වැදගත්ම දේ වෙන්නේ ජාතීන් “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙන්නේ කොයි අවස්ථාවේදීද කියන එක නෙවෙයි, අපි දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවාද නැද්ද කියන එකයි. අපි “දිගටම අවදිව ඉඳලා හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරමු.” එතකොට ඒ දේවල් මොන අවස්ථාවේ ඉටු වුණත් අපිට පුළුවන් හොඳ සූදානමකින් ඒ දේවලට මූණ දෙන්න.—1 තෙස. 5:6.

a පාවුල් මේ දේ කියලා තියෙන විදිහෙන් පැහැදිලි වෙනවා ඒක එක නිවේදනයක් හරි නිවේදන මාලාවක් හරි වෙන්න පුළුවන් කියලා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න