“දරුවෝ යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්”
“උරුමයක්” කියද්දී ඔයාට සල්ලි, දේපළ, පරම්පරාවෙන් ලැබෙන වටිනා දෙයක් මතක් වෙයි. ඒකෙන් පැහැදිලියි උරුමයක් කියන්නේ හුඟක් වටිනා දෙයක් කියලා. ඒ නිසා ඔයාට ඕනෙ ඒක පරෙස්සමින් රැකගන්න.
බයිබලේ කියනවා “දරුවෝ යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්” කියලා. (ගීතා. 127:3) ක්‍රිස්තියානි දෙමාපියන් එයාලාගේ දරුවන්ව දකින්නේ ස්වර්ගයේ ඉන්න තාත්තාගෙන් ලැබුණ වටිනා තෑගි විදිහට. දරුවන්ව හොඳින් ඇතිදැඩි කරන්න දෙමාපියන් එයාලට පුළුවන් හැම දේම කරනවා. ඒකට යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන එකත් ඇතුළත්.
හැබැයි අද ඉන්න හුඟක් දෙමාපියන් දරුවන්ව දෙවියන්ගෙන් ලැබුණ තෑගි විදිහට සලකන්නේ නැහැ. (යෙසා. 49:15; 2 තිමෝ. 3:1-3) තවත් අයට දරුවන්ව ආදරෙන් බලාගන්න වුවමනාව තිබුණත් සමහර අභියෝග නිසා එයාලට ඒක කරගන්න බැහැ. දරුවන්ව රැකබලා ගන්න දෙමාපියන්ට අමාරු වෙන්නේ මොන වගේ අභියෝග නිසාද? යෙහෝවා දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? දරුවන්ව හොඳින් ඇතිදැඩි කරන්න ක්‍රිස්තියානි දෙමාපියන්ට පුළුවන් කොහොමද?
අභියෝග
පවුලෙන් සහ අනිත් අයගෙන් එන පීඩනය. සමහර රටවල පවුලක ගොඩක් ළමයි හිටියොත් තමයි අනිත් අයගේ ගෞරවය ලැබෙන්නේ. ඒ රටවල ඉන්න යුවළකට ළමයි ගොඩක් හදන්න කියලා පවුලේ අයගෙන්, අසල්වැසියන්ගෙන් ලොකු බලපෑමක් එන්න පුළුවන්. ඒක කරන්න අමාරු වුණත් සමහරු ඒ බලපෑමට අහු වෙනවා.
අනාගතය ගැන තියෙන බය. සමහර රටවල ඇති තරම් කෑම නැහැ, වෛද්‍යවරු නැහැ. ගොඩක් ලෙඩ රෝගත් තියෙනවා. ඒ රටවල ඉන්න යුවළයන් ‘දරුවන්ගෙන් එක් කෙනෙක්, දෙන්නෙක් හරි වැඩිහිටියෝ වෙන කල් ජීවත් වෙයිනේ’ කියලා හිතලා දරුවෝ ගොඩක් හදනවා. තවත් අය ළමයි ගොඩක් හදන්නේ සැඳෑ සමයේදී ඒ දරුවන් එයාලව බලාගනියි කියලා හිතලා. විශේෂයෙන්ම එහෙම වෙන්නේ මහලු අයව ආණ්ඩුවෙන් බලාගන්නේ නැති රටවල්වල.
පවුල් සැලසුම්. සමහර පැතිවල උපත් පාලන ක්‍රම ලේසියෙන් ලබාගන්න බැහැ. තවත් පැතිවල උපත් පාලනයට පාවිච්චි කරන දේවල ප්‍රමිතිය ගොඩක් අඩුයි. ඒ හින්දා අතුරු ආබාධ ඇති වෙයි කියන බය නිසාත් සමහරු ඒවා පාවිච්චි කරන්නේ නැහැ. උපත් පාලන ක්‍රම මිල අධික නිසාත් ඒවා පාවිච්චි නොකරන අය ඉන්නවා.a
යෙහෝවා දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
එක් එක් දරුවා එක්ක කාලේ ගත කරන්න
දරුවන්ට අවශ්‍ය දේවල් දෙන එක. 18ට අඩු දරුවන්ට අවශ්‍ය දේවල් දෙන වගකීම යෙහෝවා දීලා තියෙන්නේ දෙමාපියන්ට. එක් එක් දරුවාට ඕන කෑම බීම, ඇඳුම් පැලඳුම්, ඉන්න තැනක් වගේම මූලික අධ්‍යාපනය දෙන්න දෙමාපියන් මහන්සි වෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තියානි දෙමාපියන් දරුවන්ව ඈත තියෙන ඉස්කෝලෙකට දාලා බෝඩිමක නවත්තනවා වෙනුවට දරුවන් ලොකු වෙන කල් එයාලාගේ රැකවරණයේ තියාගෙන එයාලාට ඕන කරන අධ්‍යාපනය, පෞද්ගලික සැලකිල්ල දෙනවා. ඒ නිසා දරුවන් ආරක්ෂාවක්, ආදරයක් දැනෙනවා. ඒත් යෙහෝවා සාධාරණ කෙනෙක්. දරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න දෙමාපියන් පෝසත් වෙන්න ඕන කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. යෙහෝවාගේ ආදරණීය පුතාවත් හදා වඩා ගන්න ඔහු භාර දුන්නේ මහන්සි වෙලා වැඩ කරපු, දුප්පත් යුවළකට.—මතෙ. 13:55, 56; ලූක් 2:24.
බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් එයාගෙම පවුලේ අයට, විශේෂයෙන්ම එයාගේ ගෙදර ඉන්න අයට අවශ්‍ය දේවල් දෙන්නේ නැත්නම් එයා සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරපු කෙනෙක් වගේ. දෙවියන් ගැන විශ්වාසයක් නැති කෙනෙක්ටත් වඩා එයා අන්තයි.”—1 තිමෝ. 5:8.
යෙහෝවා තේරුම්ගන්නවා දෙමාපියන්ටත් වයසට යද්දී උදව් ඕනෙ කියලා. මහලු දෙමාපියන්ව බලාගන්න සැලසුම් යොදලා දරුවන්ට පුළුවන් දෙමාපියන්ට ගෞරව කරනවා කියලා පෙන්නන්න. (නික්. 20:12; 1 තිමෝ. 5:4) ඒත් දරුවෝ තමන්ව කොහොම බලාගනියිද කියලා හිතනවාට වඩා දරුවන්ව බලාගන්න එකට දෙමාපියෝ වැඩි අවධානයක් දෙද්දී යෙහෝවා ගොඩක් සතුටු වෙනවා.—2 කොරි. 12:14.
යෙහෝවා ගැන කියලා දෙන එක. යෙහෝවාට ආදරේ කරන්න සහ ඔහුට නමස්කාර කරන්න දරුවන්ව පුහුණු කරන්නත් ක්‍රිස්තියානි දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. යෙහෝවා ඒක සලකන්නේ දෙමාපියන් කරන්න ඕනෙ වැදගත්ම දෙයක් විදිහට.—ද්වි. 6:6, 7.
බයිබල් ප්‍රතිපත්තිය: ‘යෙහෝවා දෙන හික්මවීම් සහ අවවාදවලට එකඟව දිගටම දරුවන්ව ඇතිදැඩි කරන්න.’—එෆී. 6:4.
යෙහෝවාට ඕනෙ ඔයාට උදව් කරන්න
දරුවෝ කීදෙනෙක්ව හදනවාද කියලා කලින්ම කතා කරගන්න
කලින්ම සැලසුම් කරන්න. ඔයාලා දරුවෝ හදන්න තීරණේ කරනවා නම් ඒ වගකීම හරියට කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ගොඩක් දරුවෝ හැදුවොත් එයාලට කෑම බීම, ඇඳුම් පැලඳුම්, අධ්‍යාපනය දෙන්න ඔයාලට පුළුවන්ද? ඒක කරන්න අමාරුයි නම් ළමයි කීදෙනෙක්ව හදනවාද කියලා දෙන්නා කතා වෙලා තීරණේකට එන්න. එහෙම කරද්දී මතක තියාගන්න ඒ දරුවන්ව යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට ඇතිදැඩි කරන්න ඕනෙ කියලා. සමහර වෙලාවට ඔයාලා සැලසුම් කරපු විදිහටම දේවල් වෙන්නේ නැහැ කියලා යෙහෝවා දන්නවා. (දේශ. 9:11) ඒත් දරුවන්ව හදාගන්න ඔයා ගන්න මහන්සියට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.
බයිබල් ප්‍රතිපත්ති: “කඩිසර කෙනාගේ සැලසුම් සාර්ථක වෙයි. ඒත් හිතන්නේ බලන්නේ නැතුව හදිස්සියෙන් වැඩ කරන කෙනා දුප්පතෙක් වෙයි.”—හිතෝ. 21:5.
“හිතන්න ඔයාලාගෙන් කෙනෙක්ට ගොඩනැඟිල්ලක් හදන්න ඕනෙ වෙනවා කියලා. ඒක හදලා ඉවර කරන්න ඕනෙ කරන සල්ලි එයා ළඟ තියෙනවාද කියලා එයා මුලින්ම ගණන් බලන්නේ නැද්ද?”—ලූක් 14:28.
පවුලේ මුල් තැන යෙහෝවාට දෙන්න. යෙහෝවාට කරන නමස්කාරයට පවුලේ වැදගත්ම තැන දෙන්න. ඔයාට දැනටමත් දරුවන් ඉන්නවා නම් ඒ එක් එක් කෙනාට යෙහෝවාට ආදරේ කරන්න උගන්නන්න. රැස්වීම්වලට අවධානය දීලා ඉගෙනගන්න එයාලට උදව් කරන්න. හැම සතියකම පවුලේ නමස්කාරය කරන්න. දේශනා කරන්නත් එයාලව පුහුණු කරන්න. ඔයාලාගේ වගකීම පවුලේ වැඩිමල් දරුවන්ටවත්, නෑදෑයන්ටවත් පවරන්න එපා. යෙහෝවාට ආදරේ කරන දරුවන්ව හදන්න ලොකු කාලයක්, මහන්සියක් ගන්න වෙයි. හැබැයි ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ.
බයිබල් ප්‍රතිපත්තිය: “මගේ දරුවන් දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා අහන්න ලැබෙන එක තරම් සතුටක් තවත් මට නැහැ.”—3 යොහ. 4.b
යෙහෝවාව විශ්වාස කරන්න. ඔයා දරුවෙක්ව හදන්න හිතන් ඉන්නවාද? නැත්නම් දැනටමත් දරුවෝ ඉන්නවාද? එහෙනම් ඔයාගේ සංස්කෘතියට, ඔයාගේ පැත්තේ තියෙන චාරිත්‍රවලට වඩා යෙහෝවාගේ ප්‍රමිති වැදගත් කියලා මතක තියාගන්න.
යෙහෝවාට නමස්කාර කරන විදිහ, ඔහුව සතුටු කරන විදිහ දරුවන්ට කියලා දෙන්න ඔයාට ලොකු කාලයක්, මහන්සියක් ගන්න වෙයි
දරුවෝ ටිකදෙනෙක්ව හදන්න ඔයා තීරණේ කරනවා නම් වයසට ගියාම යෙහෝවා ඔයාව බලාගනියි කියලා දිගටම විශ්වාස කරන්න. “දරුවන් මහලු වයසට ආයෝජනයක්” විදිහට දකින්න අනිත් අයගෙන් එන බලපෑමට යට වෙන්න එපා. ඔයා කවදා හරි තනි වෙයි කියලා බය වෙන්න එපා. යෙහෝවා ඔයාව බලාගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඔහු කවදාවත් දුන්න පොරොන්දුවක් ඉටු නොකර ඉඳලා නැහැ.—යොෂු. 23:14.
බයිබල් ප්‍රතිපත්ති: “ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා. මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරන්න. ඔයා තියන හැම පියවරකදීම දෙවියන්ව සිහි කරන්න. එතකොට ඔයා යන්න ඕනෙ හරි පාර ඔහු පෙන්වලා දෙයි.”—හිතෝ. 3:5, 6.
“දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල් කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත් ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.”—ගීතා. 37:25.
“දිගටම දෙවියන්ගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එතකොට ඔයාලට ඕනෙ කරන අනිත් හැම දේම ඔහු ඔයාලට දෙනවා.”—මතෙ. 6:33.
දරුවන් කියන්නේ යෙහෝවා දෙමාපියන්ව විශ්වාස කරලා ආදරෙන් භාර දීපු වටිනා තෑගි. දෙමාපියන් ඒ විශ්වාසේ රකිද්දී යෙහෝවා කොච්චර සතුටු වෙයිද! ඒ වගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය දේවල් දීලා එයාලව රැකබලා ගන්නවා, එයාලව සතුටින් තියනවා, යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්න එයාලට උදව් කරනවා. දරුවන් කීදෙනෙක්ව හදනවාද කියලා කලින්ම සැලසුම් කරනවා. සංස්කෘතියට, චාරිත්‍රවලට වඩා දෙවියන් එයාලාගෙන් බලාපොරොත්තු වෙන දේට විශ්වාසවන්තව ඉන්නවා. එහෙම කරද්දී ක්‍රිස්තියානි යුවළක් පෙන්නනවා දරුවන් එයාලට “යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්” කියලා.
a ළමයි කීදෙනෙක්ව හදනවාද, හදනවා නම් ඒ කොයි කාලේද, බයිබල් ප්‍රතිපත්ති කඩන්නේ නැතුව පාවිච්චි කරන්නේ මොන වගේ උපත් පාලන ක්‍රමද කියලා තීරණේ කරන්න සැමියාටයි, බිරිඳටයි පුළුවන්. එයාලාගේ ඒ පෞද්ගලික තීරණ විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නැහැ. (රෝම 14:4, 10-13) ඊට අමතරව විවාහ වුණ යුවළක් හැම තිස්සේම 1 කොරින්ති 7:3-5 තියෙන දේත් මනසේ තියාගන්නවා.
b යොහන් මෙතන “දරුවන්” කියලා කියන්නේ එයා සත්‍යය උගන්නපු සමහර ක්‍රිස්තියානීන්ට. හැබැයි සත්‍යයේ ඇතිදැඩි වෙන දරුවන් ගැන දෙමාපියන්ට හැඟෙන්නෙත් ඒ විදිහටමයි.