ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp25 අංක 1 10-13 පි.
  • යුද ගිනි නිවලාම දාන දවස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුද ගිනි නිවලාම දාන දවස
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන් ලෝකේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරනවා
  • දෙවියන් පව්කාරකම නැති කරනවා
  • දෙවියන් සාතන්වයි, භූතයන්වයි විනාශ කරලා දානවා
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අද දින
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද ගිනි දිගින් දිගටම ඇවිළෙන්නේ ඇයි?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp25 අංක 1 10-13 පි.
යුද්ධයක් නිසා විනාශ වුණ නගරයක සුන්බුන් අතරේ ඉඳගෙන ඉන්න සෙබළෙක් කල්පනා කරකර ඉන්නවා.

මිනිස්සුන්ට යුද්ධ නවත්තන්න බැහැ

යුද ගිනි නිවලාම දාන දවස

‘පොළොව පුරාම සිද්ධ වෙන යුද්ධ නවත්තලා දාන්නේ’ මිනිස්සු නෙමෙයි දෙවියන් කියලා බයිබලේ කියනවා.—ගීතාවලිය 46:9.

දෙවියන් ලෝකේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරනවා

දෙවියන් මේ ලෝකේ තියෙන හැම ආණ්ඩුවක්ම අයින් කරන්නේ අර්මගෙදොන්a කියන යුද්ධයේදී කියලා බයිබලේ කියනවා. (එළිදරව් 16:16) එදාට “සියලු බලැති දෙවියන්ගේ මහත් දවසේදී සිද්ධ වෙන යුද්ධයට” “පොළොව පුරාම ඉන්න රජවරුන්ව” රැස් කරනවා. (එළිදරව් 16:14) අර්මගෙදොන් යුද්ධයේදී තමයි දෙවියන් හැම යුද්ධයකටම තිත තියන්නේ.

දෙවියන් මේ ලෝකේ තියෙන හැම ආණ්ඩුවක්ම අයින් කළාට පස්සේ පොළොව පාලනය කරන්නේ ඔහුගේ ආණ්ඩුවෙන්. ස්වර්ගයේ ඉඳන් පාලනය කරන ඒ ආණ්ඩුව කවදාවත් විනාශ කරන්න බැහැ. (දානියෙල් 2:44) ඒ ආණ්ඩුවේ රජ විදිහට දෙවියන් තෝරගෙන තියෙන්නේ ඔහුගේ පුතා යේසුස් ක්‍රිස්තුස්වයි. (යෙසායා 9:6, 7; මතෙව් 28:18) “ඔබේ රාජ්‍යයb පැමිණේවා” කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට යාච්ඤා කරන්න කියද්දී ඔහු අදහස් කළේ දෙවියන්ගේ ඒ ආණ්ඩුව ගැනයි. (මතෙව් 6:9, 10) එදාට පොළොවේ ඉන්න හැමෝම ඒ ආණ්ඩුව යටතේ එකමුතුව ජීවත් වෙන්න යනවා.

මිනිස් පාලකයන් වගේ නෙමෙයි යේසුස් කවදාවත් ඔහුගේ වාසියට ඔහුට තියෙන අධිකාරිය පාවිච්චි කරන්නේ නැහැ. යේසුස් කියන්නේ සාධාරණ, හැමෝටම එක වගේ සලකන කෙනෙක්. ඒ නිසා ඔහුගේ පාලනය යටතේ අපේ රට, ජාතිය, කුලය නිසා අපිට අසාධාරණකම් වෙයි කියලා බය වෙන්න ඕනෙ නැහැ. (යෙසායා 11:3, 4) ඒ කාලේ අපිට අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ඕනෙ වෙන්නෙත් නැහැ. මොකද යේසුස් හැම කෙනෙක්ගෙම සතුට ගැන හිතලා වැඩ කරනවා. ‘ඔහු උදව් ඉල්ලලා හඬ නඟන දුප්පතාව ගලවගන්නවා. පීඩාවට පත් වුණ අයවත් අන්ත අසරණ වෙලා ඉන්න අයවත් බේරගන්නවා. පීඩා කරන, කුරිරු දේවල් කරන අයගෙන් ඔහු ඔවුන්ව මුදවගන්නවා.’—ගීතාවලිය 72:12-14.

දෙවියන්ගේ රාජ්‍යයෙන් අද තියෙන මාරාන්තික අවි හැම එකක්ම අයින් කරලා දානවා. (මීකා 4:3) ගහමරාගෙන අනිත් අයගෙත් සාමය නැති කරන මිනිස්සුන්වත් ඒකෙන් අයින් කරලා දානවා. (ගීතාවලිය 37:9, 10) එදාට ගැහැනු අයට, පිරිමි අයට, දරුවන්ට වුණත් කිසිම බයක් නැතුව ඕනෙම තැනකට යන්න පුළුවන්.—එසකියෙල් 34:28.

දෙවියන්ගේ ආණ්ඩුව යටතේ අපිට කිසිම අඩුවක් නැති ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. දුප්පත්කම, බඩගින්න, ඉන්න හිටින්න හරි හමං තැනක් නැති එක වගේ යුද ගැටුම්වලට හේතු වෙන හැම ප්‍රශ්නයක්ම ඒකෙන් නැති කරන්න යනවා. ඒ කාලේ හැමෝටම ඇති තරම් ගුණදායක කෑම වගේම නිදහසේ ඉන්න පුළුවන් ගෙවලුත් තියෙන්න යනවා.—ගීතාවලිය 72:16; යෙසායා 65:21-23.

යුද්ධ නිසා ඇති වෙලා තියෙන හානියත් දෙවියන්ගේ ආණ්ඩුවෙන් නැති කරනවා. ඒ කියන්නේ ඒවා නිසා මිනිස්සුන්ට ඇති වුණ ආබාධ විතරක් නෙමෙයි හිත්වල ඇති වුණ තුවාලත් දෙවියන් සුව කරනවා. යුද්ධ නිසා මැරුණ අයටත් ඔහු ආයෙත් ජීවිතේ දෙන්න යනවා. (යෙසායා 25:8; 26:19; 35:5, 6) මරණයෙන් වෙන් වුණ පවුලේ අය එක්ක ආයෙත් මේ පොළොවේ සතුටින් ඉන්න එදාට අපිට පුළුවන් වෙනවා. ‘කලින් විඳින්න වුණ හැම දුකක්ම නැති වෙලා යන’ නිසා යුද්ධවල අමිහිරි මතකයන් ආයෙත් කවදාවත් හිතට එන්නේ නැහැ.—එළිදරව් 21:4.

දෙවියන් පව්කාරකම නැති කරනවා

දෙවියන්ගේ ආණ්ඩුව පාලනය කරද්දී පොළොවේ ඉන්න හැමෝම නමස්කාර කරන්නේ “ආදරෙන් පිරුණු, සමාදානය ලබා දෙන” එකම සැබෑ දෙවි යෙහෝවාටc විතරයි. (2 කොරින්ති 13:11) ඒ කාලේ සමාදානයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙනගන්න යනවා. (යෙසායා 2:3, 4; 11:9) දෙවියන් ඔහුට කීකරු වෙන හැමෝවම පව්කාරකමෙන් නිදහස් කරනවා.—රෝම 8:20, 21.

දෙවියන් සාතන්වයි, භූතයන්වයි විනාශ කරලා දානවා

යුද්ධ කරන්න මිනිස්සුන්ව පොලඹවන අයව, ඒ කියන්නේ සාතන්වයි, එයාගේ භූතයන්වයි දෙවියන් විනාශ කරලා දානවා. (එළිදරව් 20:1-3, 10) එයාලා නැති නිසා “සමාදානය දසත පැතිරෙයි.”—ගීතාවලිය 72:7.

යුද්ධ, දරුණු ගැටුම් නැති කරනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. මොකද ඔහුට ඒ දේ කරන්න හැකියාව විතරක් නෙමෙයි ආසාවත් තියෙනවා.

  • යුද ගැටුම් නැති කරන්න ඕනෙ කරන ප්‍රඥාවත් බලයත් දෙවියන්ට තියෙනවා. (යෝබ් 9:4) ඔහුට කරන්න බැරි කිසිම දෙයක් නැහැ.—යෝබ් 42:2.

  • මිනිස්සු දුක් විඳිනවා බලන් ඉන්න දෙවියන්ට බැහැ. (යෙසායා 63:9) “ප්‍රචණ්ඩ දේවලට කැමැත්තක් දක්වන අයව ඔහු පිළිකුල් කරනවා.”—ගීතාවලිය 11:5.

  • දෙවියන් කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඔහුට බොරු කියන්න බැහැ.—යෙසායා 55:10, 11; තීතස් 1:2.

ඔහු කවදාවත් නැති වෙලා යන්නේ නැති සාමයක් මේ පොළොවට ගේනවා

පාරාදීසයේ තැනිතලාවක සතුටින් කාලේ ගත කරන පවුලක්. ළඟපාත අශ්වයන් ඉන්නවා.

දෙවියන් යුද්ධ නැති කරලාම දානවා

දෙවියන් යුද්ධවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි?

අද වෙන කල් දෙවියන් යුද්ධ නවත්තලා නැත්තේ ඇයි කියලා ඔයා හිතනවා ඇති. ඒකට උත්තරේ දැනගන්න jw.org වෙබ් අඩවියෙන් ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

a jw.org වෙබ් අඩවියෙන් “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

b ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක jw.org වෙබ් අඩවියෙන් බලන්න.

c යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න