යහපත් ක්‍රිස්තියානීන් වෙමු
නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය පෙන්වීම හිත් දිනාගන්න උදව් වෙනවා
සත්‍යයට එන භාර්යාවන් යහපත් හැසිරීමක් පවත්වගැනීමෙන් හුඟක් වෙලාවට එයාලගේ පුරුෂයන්ව දිනාගන්නවා. හැබැයි ඒ දේ කරන්න සමහර අයට අවුරුදු ගාණක් හුඟක් දේවල් විඳදරාගන්න සිද්ධ වෙනවා. (1පේතෘ 2:21-23; 3:1, 2) ඔයාත් ඒ වගේ දෙයක් අද්දකිනවා නම් දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න වෑයම් කරන්න. (රෝම 12:21) ඔයාගේ පුරුෂයා ඔයා කියන දේවල් පිළිගන්නේ නැති වුණත් ඔයාගේ යහපත් හැසිරීම දැකලා වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
ඔයාගේ පුරුෂයා හිතන විදිහ, එයාට දැනෙන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න. (ෆිලි 2:3, 4) භාර්යාවක් හැටියට ඔයාගේ වැඩ කොටස හොඳින් ඉටු කරන්න. පුරුෂයාට ගෞරවයෙන් සලකන්න. එයාට හොඳින් ඇහුම්කන් දෙන්න. (යාකො 1:19) ඉවසන්න. එයාට ඔයා ආදරෙයි කියලා දැනෙන්න සලස්වන්න. ඔයාගේ පුරුෂයා ඔයාට ආදරෙන්, ගෞරවෙන් සලකන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා විශ්වාසවන්තව හරි දේ කරද්දී යෙහෝවා දෙවියන් හුඟක් සතුටු වෙනවා කියලා අමතක කරන්න එපා.—1පේතෘ 2:19, 20.
‘ඕනම දුෂ්කරතාවයක් විඳදරාගන්න යෙහෝවා දෙවියන් ශක්තිය දෙනවා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
විවාහ වුණ මුලදී ග්‍රේස් ලීට අද්දකින්න වුණේ මොන වගේ දේවල්ද?
බයිබලය ගැන ඉගෙනගන්න එයා පෙලඹුණේ ඇයි?
බව්තීස්ම වුණාට පස්සේ ආපු අභියෝගවලට සහෝදරි ලී සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද?
සහෝදරි ලී එයාගේ ස්වාමිපුරුෂයා ගැන යාච්ඤා කළේ මොනවාද?
නිර්මල හැසිරීමක් පවත්වගනිමින් පුරුෂයාට ගැඹුරු ගෞරවයකින් සලකපු නිසා සහෝදරි ලී අද්දැක්කේ මොන වගේ ආශීර්වාදද?
නිර්මල හැසිරීමෙන්, ගැඹුරු ගෞරවය පෙන්වීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා