ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 1 කොටස 1-3 කොටස්
  • සතුටින් පිරි යුග දිවියකට හොඳම ඔවදන් දෙවියන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සතුටින් පිරි යුග දිවියකට හොඳම ඔවදන් දෙවියන්ගෙන්
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 දෙවියන් ඔයාට දීලා තියෙන වගකීම තේරුම්ගන්න
  • 2 අනිත් කෙනාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න
  • 3 එකමුතුව වැඩ කරන්න
  • එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය බිඳෙන්න දෙන්න එපා
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 1 කොටස 1-3 කොටස්
ස්වාමිපුරුෂයෙක් සහ භාර්යාවක් ඔවුන්ගේ විවාහ දවසේදී

1වෙනි කොටස

සතුටින් පිරි යුග දිවියකට හොඳම ඔවදන් දෙවියන්ගෙන්

“දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.”—මතෙව් 19:4

මිනිස් ඉතිහාසයේ මුල්ම විවාහය සිදු කළේ යෙහෝවාa දෙවියන්. බයිබලයේ කියන්නේ දෙවියන් මුල්ම ස්ත්‍රියව නිර්මාණය කරලා “ඇයව මිනිසා වෙතට ගෙනාවේය” කියලයි. පිරී ඉතිරී ගිය සතුටකින් ආදම් මෙහෙම කිව්වා. “මේ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය.” (උත්පත්ති 2:22, 23) දෙවියන් කැමති අද යුග දිවිය ගත කරන අයත් සතුටින් ඉන්නවා දකින්නයි.

හුඟක් අය යුග දිවිය අරඹන්නේ විවාහය රෝස මල් යහනාවක් කියලා හිතාගෙන. ඒත් දෙන්නට දෙන්නා කොච්චර ආදරෙන් හිටියත් ප්‍රශ්න, අඬදබර ඇති වෙන එක සාමාන්‍යයි. (1 කොරින්ති 7:28) හොඳම විවාහ උපදේශකයා වන යෙහෝවා දෙවියන් බයිබලයේ සඳහන් කරලා තියෙන ප්‍රතිපත්ති ගොඩක් මේ සඟරාවේ තියෙනවා. ඒවා අදාළ කරගත්තොත් හොඳ යුග දිවියක් ගත කරන්න ඔයාටත් පුළුවන්.—ගීතාවලිය 19:8-11.

1 දෙවියන් ඔයාට දීලා තියෙන වගකීම තේරුම්ගන්න

බයිබලයේ මෙහෙම කියනවා: සැමියා පවුලේ මූලිකයා.—එෆීස 5:23.

ඔයා සැමියෙක් නම් බිරිඳට ආදරෙන් සලකයි කියලා යෙහෝවා දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. (1 පේතෘස් 3:7) දෙවියන් ඔයාගේ බිරිඳව නිර්මාණය කරලා තියෙන්නේ ඔයාටම ගැළපෙන සහකාරියක් විදිහටයි. (උත්පත්ති 2:18) ඒ නිසා එයාට ගෞරවෙන්, ආදරෙන් සලකන්න. ඔයාගේ සතුටට වඩා බිරිඳගේ සතුට ගැන හිතන්න. එහෙම කරන්න නම් එයා ගැන ඔයාගේ හිතේ ලොකු ආදරයක් තියෙන්න ඕනේ.—එෆීස 5:25-29.

ඔයා බිරිඳක් නම් සැමියාට ලොකු ගෞරවයක් දක්වයි කියලත් පවුලේ මූලිකත්වය ගන්න එයාට උදව් කරයි කියලත් දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. (1 කොරින්ති 11:3; එෆීස 5:33) සැමියාට ඉහළින් යන්න හදන්නේ නැතුව, කන්කෙඳිරි ගාන්නේ නැතුව එයා ගන්න තීරණවලට කැමැත්තෙන්ම සහයෝගය දෙන්න. (කොලොස්සි 3:18) එහෙම කරනවා නම් ඔයාගේ සැමියා විතරක් නෙමෙයි යෙහෝවා දෙවිත් ඔයා වටින, ලස්සන හදවතක් තියෙන කෙනෙක් විදිහට දකියි.—1 පේතෘස් 3:1-6.

මෙහෙම කරලා බලන්න:

  • ‘මීට වඩා හොඳ සැමියෙක්, බිරිඳක් වෙන්න නම් මම හදාගන්න ඕන අඩුපාඩු මොනවද’ කියලා එයාගෙන් අහන්න. හොඳට ඇහුම්කන් දීලා අවශ්‍ය පැති හදාගන්න

  • අනිත් කෙනාව සතුටින් තියන්නේ කොහොමද කියලා තේරුම්ගන්න කාලයක් යනවා. ඒ නිසා ඉවසන්න පුරුදු වෙන්න

2 අනිත් කෙනාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න

බයිබලයේ මෙහෙම කියනවා: අනිත් කෙනා කැමති මොනවටද කියලා හැම වෙලාවෙම හිතන්න. (ෆිලිප්පි 2:3, 4) යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අය හැමෝටම “මෘදුකමින්” සලකයි කියලයි. ඒ නිසා ‘මට ඔයාව හුඟක් වටිනවා’ කියලා ඔයාගේ සැමියාට, බිරිඳට දැනෙන්න සලස්වන්න. (2 තිමෝති 2:24) “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි” කියලා බයිබලයේ කියනවා. ඒ නිසා මොනවා හරි කියන්න කලින් දෙපාරක් හිතන්න. (හිතෝපදේශ 12:18) ආදරෙන්, කරුණාවෙන් කතා කරන්න ඔයාගේ පැත්තෙන් උත්සාහ කරනවා නම් ඒක කරන්න දෙවියන් ඔයාට උදව් කරයි.—ගලාති 5:22, 23; කොලොස්සි 4:6.

මෙහෙම කරලා බලන්න:

  • බරපතළ දෙයක් ගැන කතාබහ කරන්න කලින් සන්සුන්ව ඉන්නත් එයා දකින පැත්ත තේරුම්ගන්නත් උදව් කරන්න කියලා යාච්ඤා කරන්න

  • මොනවද කියන්නේ, කොහොමද ඒක කියන්නේ කියලා හොඳට හිතලා කතා කරන්න

3 එකමුතුව වැඩ කරන්න

බයිබලයේ මෙහෙම කියනවා: බැන්දට පස්සේ දෙන්නා දෙන්නෙක් නෙමෙයි “එක් කෙනෙක්.” (මතෙව් 19:5) ඒත් ඔය දෙන්නා හිතන පතන විදිහ වෙනස්. ඒ නිසා එකා වගේ හිතන්න දෙන්නටම පුරුදු වෙන්න වෙයි. (ෆිලිප්පි 2:2) විශේෂයෙන්ම තීරණ ගද්දී ඒක ඕනෙමයි. බයිබලයේ කියන්නේ “එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක” කියලයි. (හිතෝපදේශ 13:10) හොඳම උපදෙස් තියෙන්නේ බයිබලයේ නිසා වැදගත් තීරණ ගද්දී දෙන්නා එක්ක එකතු වෙලා බයිබල් ප්‍රතිපත්ති හොයලා කතාබහ කරලා තීරණ ගන්න.—හිතෝපදේශ 8:32, 33.

යුවළක් එකමුතුව රෙදි සෝදනවා සහ පිඟන් කෝප්ප සෝදනවා

මෙහෙම කරලා බලන්න:

  • තොරතුරු, අදහස් විතරක් නෙමෙයි ඔයාට හැඟෙන දේත් එයාට කියන්න

  • තීරණයක් ගන්න කලින් එයා එක්ක ඒ ගැන කතා කරන්න

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

වැරදි වෙනුවට හොඳ පැති දිහා බලන්න

දෙන්නා අතින්ම වැරදි වෙනවා කියලා මතක තියාගන්න. (ගීතාවලිය 103:14; යාකොබ් 3:2) වැරදි වෙනුවට එයාගේ හොඳ පැති දකින්න උත්සාහ කරන්න. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය ඇතුව ඉවසීමෙන් වැඩ කරන්න. (2 තිමෝති 3:16) එහෙම කරනවා නම් ආදරයෙන් බැඳුණු යුවළක් විදිහට දවසින් දවස ඔය දෙන්නාගේ විවාහය ශක්තිමත් කරගන්න යෙහෝවා දෙවියන් ආශීර්වාද කරයි.—ගලාති 6:9.

මේ ගැන හිතන්න

  • මං මගේ සතුටට වඩා එයාගේ සතුට ගැන හිතනවා කියලා එයාට දැනෙනවද?

  • මගේ හිතේ තියෙන ආදරේ, ගෞරවේ පෙන්නන්න එයා වෙනුවෙන් අද මං මොනවද කළේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න